සයිටම් ගැටළුව සම්බන්ධයෙන් පත් කළ නව කමිටුවට සයිටම් ආයතනයේ නියෝජනයක් ලබා දෙන ලෙස ද, ඒ සඳහා පත් කළ නිරීක්ෂණ කමිටුවට සයිටම් දෙමාපිය සංසදයේ නියෝජනයක් ලබා දෙන ලෙස ද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
නෙවිල් ප්‍රනාන්දු මහතා එම ඉල්ලීම කරනුයේ ජනාධිපතිවරයාට ලිපියක් යවමනි.
එම ලිපියේ මෙසේද දැක්වේ.
‘‘ 2017/11/06 දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් අපගේ දැඩි අවධානය යොමුවී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා පත්කළ නම පුද්ගල කමිටුව තුළ සයිටම් නියෝජනයක් නොමැත. සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා අතර උපාධිධාරින්, සිසුන්, කාර්යමණ්ඩලය සහ සයිටම් දෙමාපියන් සම්බන්ධව අවධානය යොමු කර තිබේ. සයිටම් ආයතනයට අදාල පාර්ශවයන්ට සාධාරණයක් ඉටු කිරීම සදහා ඔබතුමන්ගේ කාරුණික මැදිහත්වීම අපි අපේක්ෂා කරමු. ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ කමිටුව තුළ සයිටම් නියෝජනයක් ඇති කිරීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමු.
මේ සම්බන්ධයෙන් වන පාර්ශවකරුවන් පසුගිය 3 වැනිදා ඔබතුමන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බව අපි දනිමු. මේ ගැටලුවේ ප්‍රධාන පාර්ශකරු ලෙස විශේෂයෙන් උපාධිධාරීන් සහ ළමුන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අපි සූදානමින් සිටිමු. ඒ නිසා සයිටම් ආයනයේ පරිපාලනය හා ආචාර්ය මණ්ඩලයේ නියෝජනයක් නව කමිටුවට ඇතුළත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු. නව කමිටුවේ නිරීක්ෂකයින් ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඇතුළත් කර තිබේ. ඒ අනුව යමින් සයිටම් නිල දෙමාපිය සංගමය වන පුද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංගමය නිරීක්ෂකයින් ලෙස ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කරමු.
පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විධිමත් කරන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි පනවා එම ආයතන සමීපව නිරීක්ෂණය කළ යුතුය. රජයේ සහාය ඒ සදහා හිමිවිය යුතුය.
සයිටම් ආයතනයේ උපාධිධාරීන්ගේ, සිසුන්ගේ, කාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන් වෙනුවෙන් මෙම සාකච්ඡාවල පාර්ශවකරුවෙක් ලෙස සයිටම් ආයතනය සම්බන්ධ කරගන්නා ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමු.
මේ සදහා ඔබතුමාගෙන් සාධනීය පිළිතුරක් අපේක්ෂා කරමු. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරීක්ෂණ මට්ටම කෙසේ වෙතත් කමිටුවට අදාල අය කව්ද කියල කියන්න පුළුවන් ද?
නෙවිල්ව දාමු. වෛද්‍ය සිසුන් හා දෙමව්පියන් වරායේ වැලි වලට යටකර මරා දමමු. ලෙඩ්ඩුන්ව වැරදි බෙහෙත් දී මරමු. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගමකට දහය ගානේ දමා රටේ සියල්ලෝම දොස්තර කරමු. සල්ලි නැති බුද්ධිය තියෙන උන් රෝහල් වල බිම අතුගාන්න දාමු.
ඔය කොයි කමිටුව දැම්මත් එන ප්‍රතිඵලේ අපි දන්නවනේ. මේ පාර කියයිද දන්නේ නෑ සයිටම් බිල්ඩිමේ පාට වෙනස් කරමු කියල.
නෙවිල් ලොක්කා ජනාධිපති කරමු. සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දමා සල්ලි තියෙන උන් රජ කරමු. සල්ලි ඇති හරක් දොස්තර කර, බුද්ධියෙන් ජය ගන්න හදන උන්ව කොන්දොස්තර කරමු.
මේ ලෝකෙට දරුවෙක් බිහිවන්න යන්නෙත් මාස දහයයි. මේ ආණ්ඩුවට තාමත් මේ කාලය තුල සයීටම් අර්බ්දූයට "සාධාරණ සහ අපක්ෂපාති විසදුමක් දෙන්න අපොහසත් වෙලා. මේ මුළු කාලය තුළම මේ රටේ තීයෙන්නේ අර්බූද පමණයි. රටේ මිනිසුන්ට කිසිම අතකින් සහනයක් නෑහෑ. හරිම අවාසණාවන්ත කාලයක්.
මොකද දැනට ඉන්න ඔයාගේ යාලුවෝ ටික මදිද?