(රොමේෂ් මධුෂංඛ)
පුනරුත්තාපන වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් එළැඹෙන සියලු මැතිවරණ සඳහා උතුරු නැනෙහිර පළාත්වලට ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සභාපති සුන්දරපිල්ලෙ සිවකුමාර් කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටයේ හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය අතහැර දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් එළැඹෙන මැතිවරණ වෙනුවෙන් තරග වැදීම සම්බන්ධයෙන් සාකච්ඡාවන් කිහිපයක් කිලිනොච්චියේ දී පැවැති අවස්ථාවකදී ය.
නඩේසුපිල්ලේ විද්‍යාධරන් නැමති හිටපු කොටි සාමාජිකයාගේ සභාපතීත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට විදෙස් රටවලින් ලැබුණු මුදල් හා අනෙකුත් අධාර පක්ෂයේ සහ පුනරුත්තාපනය වූ සාමාජිකයින්ගේ අභිවෘද්ධිය සඳහා යොමු නොකොට පෞද්ගලික අවහ්‍යතා සඳහා යෙදවීම හේතුවෙන් එම පක්ෂය අතහැර එහි සිටි බොහෝ සාමාජික පිරිසක් මෙසේ දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට එකතු වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් කට්ටියට තේරෙනවද මන්ද මේ කරන නාඩගමේ රගේ .
සියලුම පක්ෂ වල තියෙන ජාතිය හෝ ආගම සදහන් වෙන වචන ඉවත් කල යුතුයි. සියලුම පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන වලත් ජාතියට හා ආගමට උදව් කරනවාය කියන දේවල් ඉවත් කරන්න ඕනෑ. අනිත් ඕන දෙයක්, ඔය ජාතියි ආගමයි ගාවාගන්නේ නැතිව.
නාගයන්ට කිරි පොවලා හුරතල් කරාම ඔහොම වෙනවා. මට මොකුත් කියන්න බැ සන්හිදියාවට බාදාවක් වෙන නිසා..
මේක සටන්කාමීන්ගේ පක්ෂයද?
අපි සිංහලයෝ.... අපි කාටවත් බය නැහැ. ඔය පක්ෂයක් දැම්මා කියලා කවුද බය? බලලා වෙනසක් වෙනවා නම් අනිවාර්යෙන් ඉන්න අයව යවනවා. ගෙදරම ආණ්ඩුවේ අයව ඔක්කොම ගේනවා. රටට බෞද්ධ පක්ෂයක්.. හැබැයි නායක හාමුදුරුවන් ඉන්න අස්ගිරියේ මහනාහිමියන්... මම කතෝලිකයෙක් වුණත් කැමතිම හාමුදුරුවෝ.
මේ කියන විදිහට වෙලා තියෙන්නේ කලිනුත් පක්ෂයක් පිහිටුවාගෙන තිබිලා.. ඒකේ කචල් දාගෙන කට්ටියක් වෙනම පක්ෂයක් පිහිටුවලා. ඒක කියවලා තේරුම් ගන්න බැරි උන්දැලා මෙතන සංහිඳියාවක් ගැන කියවනවා. කවුද පුනරුත්ථාපන කටයුතු පටන් ගත්තේ? එතකොට සංහිඳියාව නෙවෙයි නම් මොකක් කියලද කරේ?
සුභ ලකුණක්. අවි බිම දමා ප්රජාතන්ත්රවාදයට එක්වීම අගය කළ යුතුයි.