වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉන්ධන පිරවුම්හල්වලට නිකුත් කර තිබූ නියෝගය ඉවත් කළ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.
දැනට අවශ්‍ය තරම් පෙට්‍රල් තොග පවතින නිසා මෙම තීරණයට එළැඹි බව ඇමැති අර්ජුන රනතුංග මහතා පවසයි.
ලංකාවේ දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2500ක් වුවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ දිනයේ පමණක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 2623ක් නිකුත් කිර තිබෙන බවත්, අද මෙට්‍රික් ටොන් 3000ක් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බවත්, හෙට දිනයේදී පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් එම අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ උනාට ෂෙඩ්වල පැට්‍රෝල් නෑ. මේවා නැව එනකන් චාටු කතා.
විශිෂ්ට තීරණයක් මැතිතුමනි,රටේ හැම දෙනාම ඔබට ප්‍රශංසා කරනවා .
බෙදනවා හැබැයි බඩු නැහැ. නියම බෙදිල්ල.
කාර්යබාර ඇමති තුමනි, ඇයි ඉන්දියන් නැව් වලින් ප්‍රංශයෙන් තෙල් ආනයනය කරන්නේ, මේ දෙගොල්ලම අවංක රටවල් නෙවෙයි, ලාබෙට තියන ලගින් තිබෙන රුසියාවෙන්, ඉරානයෙන්, අමාරුම නම් පකිස්ථානයෙන් ගෙන්වන්න කාගෙන් ගත්තත් පරික්ෂාව නම් කර ගන්නම් ඕනෑමයි.
ෂෙඩ් වල පෝලිමේ ඉදලා කෑන් වලට පෙට්රෝල් අරගෙන යන හුගාක් අය කරන්නේ ඒවා කළුකඩ මුදලට විකුණන එක . මම ඉන්න හරිය කඩවල පෙට්රෝල් බෝතලය රුපියල් දෙසීයට විකුනනවා.
ඔක්කොම විකුණලා ඉවරඋනාට පස්සේ අඩුකරන්න්න එතකොට හරි .....හා ...හාහ් ....හා
එතකොට මේ නිතිය ගෙනාවේ එක දවසකට පමණක් ක්‍රියාත්මක කොරන්නද ? නිතිය පෙට්රෝල් ෂෙඩ් වලට දැනුම්දෙනකොට නිතිය වෙනසේ වෙලා. මොනවද මේ කරන විකාර.
මේක කොමඩි ලන්තයක්! මේක කොමඩි ලන්තයක්!
පිස්සුද තාමත් කියන්න පෙට්‍රල් තියෙනවා කියල. ඔච්චර පෝලිම් තියෙනකොට. මෙයා පාරේ යන්නේ නැද්ද?
එනවා... එනවා... ලඟ එනවා බලාගෙන ඉන්න යහපාලනේ...