උමාඔය ව්‍යාපෘතිය නතර කරන්නැයි නීතීඥ සංගමය ඉල්ලයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව බව මේ වනවිට තහවුරු වී ඇති නිසා එම ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් පිරිසක් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළහ. 11 August 2017
තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි. 11 August 2017
කැලණිවැලි මඟේ 13 වැනි දා දුම්රිය ධාවනය නවතී කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරහේන්පිට දුම්රිය ස්ථාන අතර අත්‍යාවශ්‍ය හදිසි මාර්ග නඩත්තු කටයුත්තක් සිදු කිරිම හේතුවෙන් ලබන 13 වැනි දා මාර්ගයේ දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. 11 August 2017
අඟහරුවාදා සිට මගී ප්‍රවාහන බස් වලට ප්‍රමුඛතා මංතීරු මගී ප්‍රවාහන බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීම ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 11 August 2017
කේරළ ගංජා සමඟ තිදෙනෙක් කොටුවෙති නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එලුතූර් මන්සංදියේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබූහ. 11 August 2017
බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත. 11 August 2017
සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන නතර කරයි සමෘද්ධි අමාත්‍යංශය මගින් ආරම්භ කර ඇති සමෘද්ධි ප්රතිශෝධන වැඩසටහන නතර කිරීමට ඇමැති එස් බී දිසානායක මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. 10 August 2017
පළාත් සභා ඡන්දය කල් දැමීමට ශ්රීලනිපය විරුද්ධයි පළාත් සභා මැතිවරණය කල් නොදැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවේ. 10 August 2017
“සයිටම් අර්බුදය වෛද්‍ය සිසුන්ට ජාතික අපරාධයක් “ සයිටම් අර්බුදය නිසා වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් 6,500කට මෙන්ම සයිටම් ආයතනයේ සිසුන්ට ද බරපතල අපරාධයක් සිදු ව ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 10 August 2017
හිටපු පොලිස් පරීක්ෂකට මරණ දඬුවම අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට වරදකරු වූ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (10) මරණ දඬුවම නියම කළේය. 10 August 2017
ලක්ෂ 50ක හෙරොයින් කුලී නිවසකින් මතුවෙයි රුපියල් ලක්ෂ 50ක් වටිනා හෙරොයින් මත්කුඩු පැකට් 4000ක් සමග තිදෙනකු මොරගහහේන වීදියගෝඩ ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 August 2017
සයිටම් ගැන තීරණය කිරිඇල්ල අතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් සයිටම් ආයතනයට ලබා දෙනු ලැබූ නීත්‍යානුකූලභාවය ඉවත් කළ හැක්කේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පමණක් බව සයිටම් සිසුවිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 10 August 2017
ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 10 August 2017
විජයදාස සාමූහික වගකීම කඩලා - රාජිත හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා ප්‍රකාශ කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමකැයි කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 10 August 2017
රන් කැබලි සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනකු කොටුවෙයි නීති විරෝධී ලෙස රුපියල් 216000ක් පමණ වටිනා රන් කැබලි දෙකක් චෙන්නායි නුවරට රැගෙන යාමට උත්සාහ කළැයි ඉන්දීය ජාතිකයන් දෙදෙනකු රේගුව මගින් අද(10) අත්අඩංගුවට ගනු ලැබූහ. 10 August 2017
මේක විකුණන ආණ්ඩුවක්-ඇමති සුසිල් පවතින ආණ්ඩුව ‘විකුණන ආණ්ඩුවක්‘ බවත් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 10 August 2017
කුණුවලට වෙනම අධිකාරියක් කැළි කසල පිළිබඳව කටයුතු කිරීම සඳහා මධ්‍යම කසල කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමේ අවශ්‍යතාව මතුවී ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. 10 August 2017
රවීගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු මඟ අහුරති විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටිති. 10 August 2017
ජනපති කෙරවලපිටියේ විදුලි බලාගාරයට මුල්ගල තියයි වත්තල කෙරවලපිටියේ දී ඉදිකරන කසල වලින් විදුලිය නිපදවන විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදු කැරිණි. 10 August 2017
‘රවීගේ අස්වීමට ආණ්ඩුව හෝ විපක්ෂය සතුටු විය යුතු නෑ‘ - හඳුන්නෙත්ති රවී කරුණානායක ඇමැතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ සතුටු බවත් එසේ නමුත් මෙම බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු තොරතුරු එළිදරව් විය යුතු බවත් අනෙක් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය නිවැරදිව ක්‍රියාතමක විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 August 2017
රවීගේ අස්වීම හොඳ ආදර්ශයක් - අගමැති විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙමින් රවී කරුණානායක මහතා හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 August 2017
‘අරුවක්කාරු කසල අංගනයට බාධා කරන්න එපා‘ අරුවක්කාරු කසල අංගනය අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයත් වන බැවින් ඊට බාධා නොකරන්නැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉල්ලා සිටියි. 10 August 2017
ඌව සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් වෙයි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍ය කුමාරසිරි රත්නායක මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට එම පළාත් සභාවේ අනුර විදානගමගේ මහතා පත්කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(10) කටයුතු කළේය. 10 August 2017
රවී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. 10 August 2017
අත්තිඩියේ බැංකුවේ වෙඩි තැබීමෙන් අයකේ මරුට ගනුදෙනුකරුවන් මුවාවෙන් අත්තිඩියේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වී ඇති ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් බැංකුවේ එක් ආරක්ෂක නිලධාරියකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 10 August 2017
25000 දඩයට කැබිනට් අනුමැතිය රථවාහන වැරදි පහක අවම දඩය රුපියල් 25000 කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ 10 August 2017
ඒකාබද්ධයෙන් විරෝධතා - පාර්ලිමේන්තුව කල් තැබේ අද පෙරවරු 10.30ට රැස්වූ පාර්ලිමේන්තුව ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් පෙරවරු 11.30ට අත්හිටුවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. 10 August 2017
රවී ඉල්ලා අස්වෙන්න යයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි. 10 August 2017
රහස් පොලිසිය විජයකලාගෙන් ප්‍රශ්න කරයි යාපනයේ විද්‍යා දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස්කුමාර්ට පළායාමට උදව් කළැයි සැකපිට ළමා හා වනිතා කටයුතු ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 10 August 2017
’හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නෑ’ - ඇමැති විජයදාස හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 10 August 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026