(නිමල කොඩිතුවක්කු)
තමන්ට ලැබී ඇති රාජ්‍ය අමාත්‍යධුරය නමට පමණක් ලැබී ඇති බවත් කිසිදු වැඩක් කිරීමට නොහැකිව තමන් දැඩි කළකිරීමට පත්ව ඇති බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ නිලධාරීන් පමණක් සියලූ බලතල තබාගෙන සිටින බැවින් තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් තමන් ලබන 23 වැනි දා අයවැය කථාවේදී පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
අඩුම තරමින් තමන්ට පත්වීමක් ලබාදීමට, මාරුවීමක් ලබාදීමට හෝ පාසලකට ළමයකු දැමීමට හෝ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා කියයි.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ කිසිම දෙයක් හරියට නොකරන තැනක් කියල ඔබතුමාම කියපු එක හොඳයි. පොදු ජනයා කීවොත් තමා නරක.
ඇමතිකමක්, නියෝජ්‍ය ඇමතිකමක්, රාජ්‍ය ඇමතිකමක් යනු පත්වීමක් ලබාදීමට, මාරුවීමක් ලබාදීමට හෝ පාසලකට ළමයකු දැමීමට ලැබෙන තනතුරක් යයි සිතන අයට ඒ වගේ තනතුරු නොදුන්නට කමක් නෑ කියලයි මට හිතෙන්නේ. රටක අධ්‍යාපන ඇමති කෙනෙක්ට රටේ අනාගතය තීරණය කරන, අනාගතය සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරන කාර්යයට අදාළ නිලධාරීන්ගේ සහ ඒ සඳහා දැනූම සහිත අයගේ උපදෙස් පරිදි වැඩ කටයුතු සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වගේ කොච්චර වැදගත් වැඩ තියෙනවද කරන්න.
පත්වීමක් ලබාදීම, මාරුවීමක් ලබාදීම හෝ පාසලකට ළමයකු දැමීම දේශපාලකයින්ගේ කාර්යභාරය නොවන බව දැන්වත් දැනගතයුතුය. ඒ සඳහා නිසි පිළිගත් ක්‍රියා මාර්ග ඇත.
එතකොට ඇමතිවරු ඉන්නේ වැරදි වැඩ කරන්නද අධ්‍යාපන ප්‍රතිපත්ති හදන එක නෙමේද ඇමතිගේ කාරිය?
ඉතින් ඔබතුමාලට රස්සාව ලැබිලා තියෙනවානේ අවුරුදු පහ ගතකරලා පෙන්ෂන් එක හදාගෙන ගෙදර යන්න. ඒ මදිද.
ඇයි ඉතින් අස්වෙලා වෙන වැඩක් බලාගන්න බැරිද?
මෙතුමා කියන්නේ එතුමාට කිසිවක් නොදී ඇමතිතුමා තනිවම කනවා කියන එකනේ.
"අඩුම තරමින් තමන්ට පත්වීමක් ලබාදීමට, මාරුවීමක් ලබාදීමට හෝ පාසලකට ළමයකු දැමීමට හෝ හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා කියයි." ඒ කියන්නේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යධුරය නැතිව අමාත්‍ය අංශයේ වැඩ කරගෙන යාමට පුළුවනි. ඔබව ඔය් පත්කළේ ඔබ වැන්නවුන්ගෙන් වැඩක් නැති බව දන දන මහජන මුදලින් ඔබලාව සතුටු කිරීම. ඔය රාජ්‍ය අමාත්‍යධුර ඔක්කොම එහෙමයි. එසේම ඔය තනතුරු ඔබලාට දෙනවාට ජයවේවා කියන ගොත්යෝ කොපමණ ඉන්නවාද? අපේ කරුමේ හලෝ අපේ කරුමේ.
මේ ඇමතිතුමාට බලයක් නැති එක ගැන මම නම් සතුටු වෙනවා. මොකද එයා බලය ඉල්ලන්නේ , ගුරු පත්වීම් දෙන්න, ළමයින් පාසල්වලට දාන්න සහ ගුරු මාරු කිරීම් කරන්නනේ. ගුරු පත්වීම් දෙන්නේ විභාගයක් තියල නැත්නම් සම්මුක පරීක්ෂණ කරලා, ගුරුවරුන් මාරු කරන්නේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව, ළමයි පාසල්වලට දාන්නේ දීල තියෙන නිර්ණායක මත බව වත් මෙතුමා දන්නේ නැහැ වගේ. මෙතුමාට බලය තිබුණ නම් දේශපාලන අත පෙවීම කොහොම කරයිද කියල හිත ගත හැකියි.....
ඒ කියන්නේ බලය තියෙන අනිත් ඔක්කොම ඇමතිවරු අඩුම තරමේ මේ කාර්යයන් 3 අපුරුවට ඒ ඒ අමාත්‍යාංශවල කරගෙන යනවා නේ .. ඔන්න ඕකයි රටේ තත්වය .. ඉතින් කොහොමද රටක් හදන්නේ ? ඔය සියලුම තැන්වල ඉන්නේ දේශපාලකයෝ පත්කරපු හෙන්චයියල නේද ?