(මුදිතා දයානන්ද / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවෙන් පසු ප්‍රධාන තැන හිමිවී තිබෙන්නේ අධ්‍යාපනයට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) මොරටුවේදී පැවසීය.
වේල්ස් කුමරි විද්‍යාලයේ වාර්ෂිත ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් මේ අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘අපි රට දියුණු කරන්න නම් වැඩි ප්‍රමුඛතාවය දිය යුත්තේ බුද්ධිමත් ජනතාවක් බිහිකර ගැනීමටයි. අපි පොත් පත්වල දැනුම ලැබීමෙන් පමණක් සමාජයක් ලෙස ඉදිරියට යන්න බැහැ. ඒ සඳහා සමාජය පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි. සමාජ විෂමතා, එහි සිදුවන දේවල්, එකිනෙකාගේ වෙනස්කම්, සමාජයේ ඇති වන හැලහැප්පීම් ආදිය තේරුම් ගන්නට නොහැකි වුවහොත්, ආත්ම විශ්වාසය ආත්ම ධෛර්යය ගොඩනගාගැනීමට නොහැකි වුවහොත් එවැනි අයට සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා. සිය දිවි නසාගැනීම් වැඩි වන්නේ ඒ නිසයි‘‘ යැයි ද ජනපති කීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට නම් හොඳයි, නමුත් ආරක්ෂාවට වඩා මුල් තැන දිය යුතු වෙනත් අංශ තියෙනවා.
විශ්වවිද්‍යාල වල පර්යේෂණ වලට වෙන්කරන මුදල් වැඩි කරන්න. එවිට අපට ලෝකයේ උසස් විශ්වවිද්‍යාල සමග සමගාමීව සහයෝගයෙන් සහ පුද්ගල සහ තාක්ෂනය, දැනුම හුවමාරු කරගෙන වැඩ කරන්න පහසුකම ලැබෙනවා. මෙය රටකට ගොඩක් වැදගත්. සියයට සියයක් ලංකාවේම උගත් පශ්චාත් උපාධි කරුවන්ට ලොකු තනතුරු දෙන්න එපා.
බොරු කාරයෙක්..ප්‍රතිපත්තියක් නැති රූකඩයක්.
රටට විදේශ විනිමය සොයා දෙන විදේශ රැකියාවන් වල නියතු අයට සහන කෝ ?පොදු වශයෙන් මේ අයට ලැබෙන සහන මොනවද ? මේ අය මග හැරෙන්නේ ඡන්දයක් නොලැබෙන නිසාද ,පත් වුණන කිසිම රජයක් මේ සදහා අවධානයක් කර නොමැත.
කටින් බතල සිටවන අයට ජයවේවා!!!
අනේ මෙයාගේ බොරු කතා