(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩ ශාන්තිපුර සුඛෝපභෝගී නිවසක් වටලා දකුණේ ප්‍රබල පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය පවසයි.
සැකකරුවන් සමග පිස්තෝලයක්, ජීව අත්බෝම්බයක්, උණ්ඩ 35ක් සහ සුඛෝපභෝගී මෝටර් රියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් අපරාධ නිවාරණ අංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට පිස්ටල් සහ පතුරොම් පෙන්වලා වැඩක් නැත. තුවක්කු පිස්තෝල ඕනෑ තරම් දැක ඇත. උවමනා කරන පාතාලයින්ගේ පොටෝ පෙන්වනවානම් අපිට පරිස්සම් වෙන්න පුළුවන් ඒ වගේම ඔවුන් දුටු තැන පොලිස්සියට ඔත්තුවක් හෝ දෙන්න පුළුවන්. එම නිසා ඇමරිකන් ක්‍රමය පිළිපදිමින් පාතාලයින්ගේ විශේෂයෙන් IRC කාරයිගේ චායාරූප පලකරන්නේ නම් සමාජයට කරන සේවයකි
බමුණුආරච්චි මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකඟ වන්නෙමු. මෙවැනි කාලකන්නි නිකන් බිහිවූවා නොවේ. අප රටේ පවතින "තුප්පහි දේශපාලනයේ ප්‍රධානතම අතුරුඵලයක් ". මෙය දැනට රටේ පවතින කිසිදු අලුගුත්තේරු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැත. කීමට කිසිසේත්ම ඉඩක් නැත. සම පක්ෂයක්ම මෙම පිළිලයට වගකිව යුතුමය.
බමුණුආරච්චි මහතාගේ අදහස හොඳයි. මේ අයට ජීවිතාන්තය දක්වා හිරදඬුවම් පමුණු වන්නේනම් තවත් හොඳයි.
බමුණුආරච්චි මහතා කරන්නේ යෝජනාවක් නම් දෑතම ඔසවා මම එය ස්ථිර කරමි.
අපි මෙහෙ අපිට අවුලක් නැහැ. ඕවා අපේ නොවේ පාලකයන්ගේ වුවමනාවට අපි කට්ටියක් දැම්මේ.... ඡන්දය වෙනුවෙන් අහු වෙච්ච කට්ටියේ ෆොටෝ වැඩක් නැහැ.
පාතාලයෝ කරලියට එන්නේ නිවට තුප්පහි දේශපාලකයෝ නිසාමය.
බමුණුගේ අදහස එකහෙලා අනුමත කරමි. අපරාධ වැඩි වී තිබෙන්නේ අපරාධකාරයන්ට කරුණාවෙන් සලකා ඔවුන් ගේ ඡායරූපයක්වත් මහජනයාට දැකීමට ඉඩ නොතැබීමයි.
බමුණුආරච්චි මහතාගේ අදහස එකහෙලා අනුමත කරමි.