හම්බන්තොට සනත් ගමගේ
අම්බලන්තොට කොග්ගල්ල හබරත්තවල ප්‍රදේශයේ දි සිදු කළ මෙහෙයුමක දී පොලිස් අණ නොතකා පලා ගිය කුඩා ලොරි රථයකට පොලිසිය වෙඩි තැබීමෙන් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් නතර කිරීමට අණ කළ ද එහි සිටි අය පොලිසිය දෙසටද වෙඩි තබා පලාගොස් ඇති අතර අද උදේ හබරත්තවල මාර්ගයේ පුද්ගලයෙක් ඝාතනය කර ඇති බවට පොලිසිය පරීක්ෂණ පැවැත්වීමේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ ලොරි රථයේ සිටි පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් පසු එම පුද්ගලයා මහ මඟ දමා අනික් අය පලා ගොස් ඇති බව අනාවරණය වි තිබේ..
පසුව පලා ගිය පුද්ගලයින් දෙදෙනෙක් සහ ලොරි රථය නීතිඥවරයෙකු මගින් අද දහවල් අම්බලන්තොට පොලිසියට භාරදී ඇත.
හබරත්තවල මාර්ගයේ මළ සිරුර දමා ගොස් තිබූ ස්ථානයේ සිට එම මාර්ගයේ තැන් කිහිපයක කෙසෙල් කැන් දමා ගොස් තිබී පොලිසිය සොයා ගත් බවත් පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් සිටින වයස අවුරුද 19 ක පමණ පුද්ගලයා ප්‍රදේශයේ විවිධ සොරකම් සම්බන්දව මිට පෙර අවස්ථා කිහිපයකදී පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අයෙක් බව පොලිසිය කියයි.
හොරට කෙසෙල් කැන් කපා යන අතර පොලිසිය වහනය පරීක්සා කිරිම නිසා මෙම සිදුවිම සිදු වු බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් කවුරු හරි විසඳන්න බැරුව තිබුණු හොර මැරකම් ඔක්කොම මැරුණු කෙනා පිටින් දාලා වැඩේ අවසන් කරනවා...
මෙහි සදහන් විස්තර අනුව නම් කෙසෙල් හොරෙක් බව කිවහැක. (මෙහි සදහන් කරුණු අනුව). හොරකම කෙසෙල්ද, අබද, පොල්ද, මහා බැංකුවේ අතිවිශාල මුදල්ද නොව එය නීතිවිරෝධී සහ සමාජ විරෝධියි. එහි කිසිඳු වෙනසක් නොමැත. වැදගත්ම ප්රශ්නය වන්නේ මෙසේ පොලිස් වෙඩිපහරින් ඝාතනය වුණා නම් අති විශාල මහා බැංකු මංකොල්ලයට පණ පිටින්ම ආදාහනාඝාරයකට ඇතුළු කලයුතු නොවේද?
උතුරේ දී නම් පොලිස් නිලධාරීන් කූඩුවට, දැන් මෙහෙදී නම්....
හොරකමට කොහොමත් දඬුවම් දෙන්න ඕනෑ.. එ්ත් දකුණට වෙඩි තිබ්බට.. උතුරෙන්.. නැගෙනහිරෙන් මෙයාල අම්බානට කනවා... ඒ අයට වෙඩි තියන්නේ නැහැ... එ්කයි වෙනස...
ලස්සන වැඩේ මෙතන අදහස් ලියන ඔක්කොම අර මිනිස්සු උසාවි යන්නත් කලින් තීන්දු කරලා ඉවරයි මේ ලොරියේ ආපු අය හොරු කියල. මහින්ද මහත්තයාටත් ඕනේ ඕකනේ. හොරා කියල ඉවරවෙලා තමයි හොයන්නේ හොරකම් කෙරුවේ මොනවාද කියලා. මෙතැන ලියන මිනිස්සු මොකක්හරි උගත් කමක් තිබෙනවානේ අනේ හිතන්න බැරිද තමන් කෙනෙකුට ඇඟිල්ල දික් කරන්නේ සාධාරන හේතු සහිතවද කියල.
මෙය අවම බලය පාවිච්චි කිරීමක්ද? මුලින්ම පොලිසියට උගන්වන්න ඕන වාහනයක් පලායද්දී ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වෙඩි තියන්නේ නැතුව වාහනයේ ටයර් වලට වෙඩි තියන්න.. පොලිසියට පුළුවන් මේ වගේ වැඩ කරලා ඕනෑම අහිංසකයෙක්ව ඒ අවස්ථාවේ දරුණු පුද්ගලයෙක් බව කියන්න... එහෙම කරන්න ගිහින් මොරටුවේදී සහ තවත් තැන් කීපයකදී පොලිසිය නා ගත්තා .. කෙසෙල් හොරෙක්ට දඬුවම මරණය විය යුතු නැහැ. අනික මට හිතන්න අමාරුයි... කෙසෙල් හොරකම් කරන්න තුවක්කුවක් අරන් යයි කියලා .. එහෙම තුවක්කුවක් හොරුන්ට තියෙනවා නම් ඒවා අරන් කෙසෙල් වතුවලට හොරෙන් පනිනවට වඩා ලංකාවේ කරන්න වැඩ ගොඩක් තියෙනවා.. අනිත් සියලු කාරණා ඇත්ත විය හැකි වුවත් පොලිසියට වෙඩි තබා පලා ගියා... ඒ නිසා වෙඩි තිබ්බා කියන එක නම් ඇඟ බේරා ගැනීමට ගොතපු කතාවක් විය යුතුයි.. මෙවැනි වරදවල් වලට දඬුවම් නොකළොත් කවදා හෝ තවත් පොලිස් නිලධාරියෙක් අතින් පාරේ ගමන් කරන අහිංසකයෙක් පරලොව යා හැකියි.
බමුණුආරච්චි මහත්මයා, ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධව කිසිවිටක ගැටළුවක් නොමැත. නමුත් නිතරම ඔබේ අදහස සම්බන්ධව යමක් ප්‍රකාශ කිරීමක් පමණක් කිසිවකු විසින් කරන බව කරුණාවෙන් සලකන්න. අපිව ගොන් පොරයට දමා ඒවා නරඹන, පරම්පරා ගණනකට වස්තුව රැස්කරන තුප්පහි දේශපාලකයන් තමයි මම නම් ශ්‍රී ලංකාවේ දකින්නේ. ඔබතුමා සිතන වැඳුම් පිඳුම් කරන්න තරම් දේශපාලකයන් රටේ සිටියා නම් අද පවතින රටේ තත්වයක් ඇති නොවනවාට සැක නැත. අපි කෙනෙකුගේ කටු කන්නේ නොමැති නම් ජනතාවගේ පැත්තෙන් කවුරුත් සත්‍ය තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. ඉහත සිදුවීමේදී සාමාන්‍ය පුරවැසියෙකුට නීතියේ බලය යෙදීමේ වේගයත්, ඔබතුමා කියන වගේ ප්‍රභූවරුන්ට පවතින ප්‍රමාදයත් අතර වෙනස තුප්පහි පැවැත්මක ලක්ෂණයක් බව අපි සලකමු.
මම හිතනවා පොලිසිය වෙඩි තියපු එක වැරදියි කියල. පොලිස් අණ නොතකා යන හැමෝටම වෙඩි තියන්න යන එක හොඳ දෙයක් නොවෙයි.
අනේ මෙම තරුණය යාපනේ හෝ කල්මුනේ ඉපදිලා හිටියනම් අදටත් ජීවතුන් අතර .!!!!!!!
සජිත් පේමදාස මහත්තයට දුන්නනම් හරි .
මේක පිළිගන්න අමාරුයි.. කෙසෙල් කැන් ලොරියකින් ගිහින් හොරකම් කරන්, අනෙක් කෙසෙල් කැන් හොරකම් කළා කියලා ඔප්පු කරන්න පහසු නැහැ. මොනවා වුණත් මේ ලොරිය අල්ලන්න තිබ්බේ වෙඩි නොතියා... හොරකමට දඬුවම් කළානම් හරි. නමුත් මෙය තාමත් සැක සහිතයි. කෙසෙල් කැන් අරන් යන මිනිස්සු පොලිසියට වෙඩි තියන්නේ මොකටද? ඕනෑම කෙනෙක් දන්නවා පොලිසියට වෙඩි තිබ්බොත් ප්‍රතිප්‍රහාර එල්ලවෙන බව... මේවා නිසයි සාධාරණ විමර්ෂණයක් කළයුතු වන්නේ..
කැස්සොත් මාස 6යි, පොල් ගෙඩියක් නම් ඇපත් නැහැ, කෙහෙල් කැනක් නම් මරණීය දණ්ඩනය...