(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස තුනක කාලයක් ඇතුළත කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණය කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ශ්‍රීලන්කන් ගුවන් සමාගම වෙනත් පාර්ශ්වයකට පැවරීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් තිබෙන බවද ඇමැතිවරයා කීය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ බර රජයට තවදුරටත් දැරිය නොහැකි බවද එම බරෙන් නිදහස් විය යුතු බවද මංගල සමරවීර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිව්‍යුහගත කියන්නේ වෙනත් පාර්ශ්වයකට පැවරීමද? මේ සිංහල හරිද මන්දා.
ශ්‍රී ලංකාව තුල මීට වඩා බැරෑරුම් සහ ආර්ථිකයට වැදගත් ඕනෑතරම් ප්‍රශ්න විසඳීමට ඇත. හොඳම උදාහරණය පොදු ප්‍රවාහනය ඉතා දුර්වලවීම නිසා දැන් ඇතිවී තිබෙන නාස්තිය මීට වඩා වැදගත් වෙයි. එහි පොදු ජනතාවට ඇතිවී තිබෙන බලපෑම ගැන සොයාබලා විසඳුම් දීම ගුවන් සමාගමේ ඇති ප්රශ්නය විසඳීමට වඩා වැදගත්ය.
ප්‍රති ව්‍යූහගත කලාම ඔක්කොම ලෙඩ හොඳ වෙයිද ?
මේක විකුණලා හම්බෙන සල්ලි වලින් මිනිස්සුන්ට ලක්ෂය ගානේ බෙදල දෙන්න. අවුරුද්දෙ ජීවන වියදම පියවගන්න සහනයක් විදිහට.
චරිත, විකුණගෙන බඩකට පුරවගන්නද? පළමුවෙන් ඔබගේ නිවස සහ පාරම්පරික ඉඩකඩම් විකුණාගෙන කන්න. ඊට පසුව ජාතික දේපල විකුණලා බෙදලා දෙන්නම් මේවායේ යටි අරමුණු කොමිස් ...
පාර්ලිමේන්තුවත් ඉක්මණට ඉක්මණට ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෑ...
මම හිතනවා මේක කල යුතු දෙයක් කියලා. අඩු වශයෙන් පරිපාලනය හෝ හරියට කරන පුළුවන් කෙනෙකුට දිය යුතුයි.
නිවට ද්‍රෝහී රටෙහි සම්පත් විනාශ කරන දේශපාලකයෝ...
ආරංචියි !! ආරංචියි !!! ඕකේ ඇතුලේ සුදුඅලි පිරිලා කියලා. ලෝකයේ ඕනෑම ආයතනයක් දියුණු වෙන්න නම් අකාර්යක්ෂමතාවය අවම කලයුතුයි.
මෙය වහාම පුද්ගලික අංශයට පවරා මෙම මර උගුලින් රට බේරා ගත යුතුයි. මෙය විතරක් නෙමේ.. බහුතරයක් පාඩු ලබන රජයේ ආයතන පුද්ගලීකරණය කලයුතුයි. උපක්රමික වැදගත් කමක් ඇති ඒවා ඇරෙන්න.
ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය ආනිවාර්යයෙන්ම ඉක්මණින් සැලසුම් සහගතව දියුණු කල යුතුයි. විශේෂයෙන්ම හදිසි කටයුත්තක් සේ සලකා නගරාන්තර දුම්රිය සේවා ඇතිකළ යුතුයි. නිට්ටඹුවේ සිට වේයන්ගොඩට දුම්රිය මාර්ගයක් හදන්නද? ඒ වගේම මීගමුව, කොළඹ, කොටුව අතර පමුණුගම හරහා නව විදුලි දුම්රියක් ඇතිකරන්න. ගුවන්තොටුපොළ දුම්රිය මාර්ගය ගුවන්තොටුපොළ තුල දක්වාම දීර්ඝ කර විදුලියෙන් දුවවන්න. දුම්රිය ගාස්තු 50%කින් වැඩි කරන්න.
සමන් ඔබ හරියට හරි. මේ මිනිස්සුන්ට පේන්නේ පේන්න ඕන දේවල් නෙමෙයි. ඒ අය ගුවන් යානාවල ගියාට මේ රටේ සාමාන්‍ය ජනයාගෙන් 2% ටවත් අවුරුද්දට සැරයක් ආසාවට වෙන රටකට යන්න වත්කම්ක් නෑ. පොදු ප්‍රවාහනය පාවිච්ච් කරන දහසක් ජනතාව දුම්රියෙන් හරි බස් එකෙන් හරි බහිනකොට ඒ මිනිස්සුන්ගේ වැඩ කරන ශක්තියෙන් 50%ටත් වැඩිය වැයවෙලා ඉවරයි. ඒ වයෙ තැමිබි තැමිබි එනකොට උදේට තියෙන්න ඕන නැවුම් ගතිය ඇත්තෙම නෑ. මේවා මේ අයට පේන්න මේ මිනිස්සු කවුරුත් මේ පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන්නෙත් නෑ. ඔක්කොම ගන්නේ ගොඩ ඉඳන් පීනන තීරණ ඒකයි. මේ රටේ කවදාවත් ප්‍රශ්න විසඳෙන්නේ නැත්තේ.
තවත් මොනවා හරි ඉතුරු වෙලා නැද්ද? ආණ්ඩුවම වෙනත් පාර්ශවයකට විකුණා දැම්මා නම් හරි. මොකද පාඩු පිටනේ දුවන්නේ...
අනේ සාදු, කවදා මේ ශ්‍රී ලන්කන් විගඩම ඉවර වේවිද? අපේ මුදල් කන අනෙක් රජයේ විකාරත් ඉක්මනට ඉවත් කරන්න.
අනේ ඔන්න ඔහේ ඕක විකුණලා දාල තව කොහෙන් හරි කබල් නැවක් ගමුකෝ...
අනේ මන්ද මේ මොනවද කියන්නේ කියලා. පත්තරේ එක පැත්තක දාලා තියෙනවා ශ්‍රී ලන්කන් සම්මාන ලබයි කියලා මුළු ලෝකෙන්ම පලවෙනි තැනට කියලා ඇයි එහෙනම් මේ විකුණන්න හදන්නේ? බොරු සෝබන වැඩ නතර කළොත් සාදාරණ ගානට ගුවන් ගමන් සඳහා මිල නියම කලොත් තාමත් ගොඩගන්න පුළුවන්.
ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්මාන ලැබුවට දුවන්නේ පාඩු පිට නම් ඒක පියවා ගන්න ජනතා මුදල් යොදවනවා නම් ඒකේ තේරුම බරපතල සම්පත් අකාර්යක්ෂමතාවක් තියෙනවා කියන එක. මේක එමිරේට්ස් යටතේ තියෙන කොට ලාභ ලැබුවා. මේක රජය යටතේ තිබ්බා කියලා ලැබෙන්නෙ ප්‍රතිලාභයක් නෙවෙයි අලාභයක්. ඒක දරන්නෙ මහජනයා. සමහරු මෙතන දානවා මේක පැත්තකින් තියලා පොදු ප්‍රවාහනය ගැන බලන්නලු. බලන්න කියලා දුම්රිය ගාස්තු අහස උසට නග්ගන්නලු.
ශ්‍රී ලන්කන් එක රජයේ තියාගන්න ඕන අය කැමති වෙනවද එයාලගේ ගෙදර අලියෙක් නඩත්තු කරන්න. කැමති අය අලියෙක් එයාලගේ මුදලින් වාර්ෂිකව නඩත්තු කරලා පෙරහරේ යවලා පින් ටික ගන්න. කියන්න ෂෝක් ඒ වුනාට ලංකා ගුවන් සේවය පාවිච්චි කරන්නේ ලංකාවෙන් කීයෙන් කී දෙනාද? ඒ නිසා මේක වෙනත් රටකට පවරලා එයින් ලැබෙන අදායම මහජනතාව වෙනුවෙන් වියදම් කරන්න. අධ්‍යාපනයට හරි ගත්තු ණය බර අඩුකරන්න හරි ඒ මුදල යොදන්න. සමහර කොමෙන්ට්ස් ලියන අය මෙලෝ රහක් නැහැ නිකන් වේලිච්ච වට්ටක්කා වගේ... නැතිනම් පතෝල වගේ.
මේක වෙනත් රටකට පැවරුවම ගසා කන්න බැරි වෙනවනේ. ඒ නිසා අර සම්මාන, මේ සම්මාන ලැබුවා කියලා ප්රශ්නය වෙනත් පැත්තකට යොමු කරන්න හදනවා අර තෙල් ප්‍රශ්නේ වගේ. අයිඕසී එකට 16% සිපෙට්කෝ එකට 86% ගසකන්න ගමන් බෝලේ පාස් කරනවා. අරයා නිසා රටේ තෙල් අර්බුදයක් කියලා. බුද්ධිමත්ව ප්රශ්නය දිහා තේරුම් ගන්න. නැතිනම් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ බක බක ගගා ඉන්න වෙනවා තවත් අවුරුදු 2500ට....
මෙය පාඩු ලබන්න තවත් හේතුවක් තමා පහුගිය කලේ ගුවන්යානා පුද්ගලික ගමන් වලට තියාගත්තා. අනික දේශපලකයන්ගේ අය මේවා තුලට ඇතුල් කිරීම. එමනිසා දැන් පළමුව කරන්න ඕන අතිරික්ත සේවකයන් ඉවත් කිරීම හා අනවශ්‍ය වියදම් කපා හැරීම,
බඩේ අජීර්ණයකට විරේක බේතක් දෙනවා වැනි වැඩක් වෙන්න ඇති මේ ප්රවෘත්ති කියන්නේ.