(වීනිතා ගමගේ)
ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරු තවත් පාර්ලිමේන්තුවේ සිටින්නේ නම් ඔවුන්ගේ මන්ත්රීභාවය අහෝසි කිරීමෙන් නොනැවතී සිර දඬුවම් දිය යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
ද්විත්ව පුරවැසි භාවය ඇත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට එය නුසුදුසු කමක් බව මේ වනවිට රටම දන්නා බවත් නොදන්නා බව කවුරුන් හෝ පැවැසීම පිළිගත නොහැකි බවත් අමාත්‍යවරයා කියයි.
එය දැන දැන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සමාව දිය නොහැකි වරදක් ඒ මහතා පවසයි.
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමිකිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කර ඇති නිසා ඇය මන්ත්‍රීධුරය වෙනුවෙන් ලැබු සියලූ වරප්‍රසාද ආපසු ගෙවිය යුතු බවට තීන්දු වී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.
තවත් කිසිවෙකු හෝ සිටින්නේ නම් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද කියයි.
ද්විත්ව පුරවැසි භාවය තමන්ටත් ඇතැයි සමහරු පවසන බවත් මාධ්‍යවල පවා ඒ බව සඳහන් වූ බවත් කී අමාත්‍යවරයා තමන්ට ශ්‍රී ලංකාවේ හැර කිසි දිනෙක කිසිදු රටක පුරවැසි භාවයක් ලැබී නොතිබු බවද ප්‍රකාශ කරයි.
මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද(09) පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා බැදුම්කර වුන පාඩුවත් ගෙවනවද ?
ජනතාව පරාද කල, පස්ස දොරෙන් මැති සබේට රිංග ගත් අයට දඩුවම් දිය යුතුය!!!!!!
ද්විත්ව පුරවැසි භාවයක් නැතිව ඇති. හැබැයි, හොරෙන් පිටරටක පුරවැසි භාවයක් ඇත්දැයි සොයා බැලිය යුතුමයි. .
ඔබ හරි. විශේෂයෙන්ම ද්විත්ව පුරවැසිකම් තිබෙන, ජනතාව රවටන බොරු දේශප්‍රේමින් සෙට් එක. මේක මන්ත්‍රී දිවිරුම් දෙන එකේ කොටසක් වෙන්න ඕන.
හොරුන්ගෙන් නිවාස අල්ලස් ගත් අයටද දඬුවමක් දිය යුතුයි. එය කොතරම් අපරාධයක්ද
ඡන්දෙන් පැරදිලා පස්ස දොරෙන් රිංගා ගත් අයට මොකද කරන්නේ ඉතින් දැන්
ලංකාවේ පුරවැසිකම නැති එකෙකුට මහබැංකු අධිපතිකම දුන් එකාට මොකද කරන්නේ
මෙයත් ඕස්ට්‍රේලියාවේ ගිහිල්ල ඉඳල හොඳට පොලු තියල පැන්න බව මෙයාගේ එක්ක සිටි අයෙක් කියනවා.මේ අයව කොහෙත්ම විස්වාස කල නොහැකියි.
තමුන්නාන්සේ අග්‍ර විනිශ්චය කාරකමත් ජූරි වැඩෙත් අළුගෝසු වැඩෙත් මිනී වලවල් කැපීමත් සියල්ල එකවර කරනවාද? එතකොට මන්ත්‍රී රස්සාව කරන්නේ කවුද?
ඔබතුමාට පුළුවන් මේ සම්බන්දව පාර්ලිමේන්තුවට ධවල පත්‍රිකාවක් යොමු කරන්ට. වෙන නිතියානුකූල ක්‍රමයක් නෑ.
මෙරටේ පුරවැසි භාවය නැති එකෙක් පිටස්තරයෙක් මහා බැංකුවේ අදිපතිවෙලා අපේ මුදල් වල අත්සන් කොරන එක ඔබලාට හොඳනම් ද්විත්ව පුරවැසිකම් තිබෙන අපෙරටේම එකෙක් පාර්ලිමේන්තුවේ සිටියාම මොකෝ. කුහකකම රෙද්ද පල්ලෙන් පෙරෙනවා.