(නිමල කොඩිතුවක්කු)
සෑම පාර්ලිමේන්තු මන්ත්රිවරයකුගෙන්ම වෙනත් රටක පුරවැසිභාවයක් නොමැති බවට සඳහන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට පැෆරල් සංවිධානය කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් විශාල කතිකාවතක් හා සැකයක් සමාජය තුළ ජනිත වී ඇති බැවින් එම ක්‍රියාමාර්ගය කඩිනමින් ගන්නා ලෙසද කථානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
යම් ආකාරයකට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් තම ද්විත්ව පුරවැසිභාවය හෙළි නොකරන්නේ නම් එය ජනතාව රැවටීමක් බවත් මේ පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි. මන්ත්‍රීන්ගේ අවංකකම ඔප්පු කරලා පෙන්නන්න
ඉතා හොඳයි.
දිවුරුම් දීල මැතිසබේට ඇතුල්වෙන අයගෙන් තවත් "දිවුරුම් ප්‍රකාශයක් " ගැනීම හාස්‍යයට කරුණක් නොවේද ? මෙහෙම ඇතුල් වෙන සමහර අය ගහන්නේ පොලොව පැලෙන බොරු බව ඡන්ද දායකයන් නොදන්නවාද ? ඇත්තෙන්ම ඔවුන් ඒ ගැන දන්නවා !!! එය ජනතාව රැවටීමක් බව අමුතුවෙන් කිව යුතුත් නැහැ. එත් මොනවා කරන්නද ? අපි අසරණයි....
ඉතා හොඳයි.
දිවුරුම් ප්‍රකාශයක් දුන් තරමින්ම ද්විත්ව පුරවැසිභාවය ඇතුවාද නැතුවාද කියා හරියට කියැවෙන ක්‍රමයක් හොයාගන්න බැරි එකයි තියෙන ගැටලුව. ඒක හොයන්න මහජනයාගෙන්ම ඔත්තු ලබා ගැනීමට හැකි වන පරිද්දෙන් , එසේ දිව්රුම් ප්‍රකාශ ඉදිරිපත් කළ ගරු මන්ත්‍රීතුමන්ලාගේ නම් ටික ගැසට් කරලා, ඊට අමතරව පුවත්පත්වලත් පල කරන්න ඕනෑ. ඊට පස්සේ ඔත්තු ලබා දෙන්න ඉඩ සලසන්න ඕනෑ. ඒ අනුව විමර්ශනය කර වරද කර ඇති අයට එරෙහිව නීතිමය පියවර ගත හැකි නේද ?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීල තියෙන දිවුරුම් ප්‍රකාශ වල ඇතුලත් වන්නේ තමා ශ්‍රී ලාංකිකයෙකු බවත් සහ වත්කම් පිලිබඳ ප්‍රකාශයක් විතරයි. නමුත් එම ප්‍රකාශවල ද්විත්ව පුරවැසිකම් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒක නිසා මෙහෙම ප්‍රකාශයක් ගැනීම උචිතයි. බොරු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළාට නීතිය අනුව ක්‍රියා කල හැකියි.
අනේ අපේ (වි)පක්ෂ නායක තුමා....!