තරිඳු ජයවර්ධන
ආදර සම්බන්ධතාවක් ඇතැයි කියමින් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පාසලෙන් අස් කර ඇතැයි කියමින් කුලියාපිටියේ පාසලක 13 ශ්‍රේණියේ සිසුවකු පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
පාසලේ ආදි ශිෂ්‍යයන් පිරිසක් පාගමනක් පැවැත්වූ බවත්, තමා ද එම පාගමනට සහභාගී වූ බවත්, පාසලේ ගුරුවරයකු එම පාගමනේ තමා සිටින වීඩියෝ ඇතැයි කියමින් බැන වැදුන බවත්, පාගමනට සහභාගී වීම නිසා ආදර සම්බන්ධතාවක් ඇතැයි බොරු චෝදනා කරමින් තමා පාසලෙන් ඉවත් කළ බවත් සිසුවා කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සිසුවා පන්තියේ සිටින අවස්ථාවේ ගුරුවරයකු පැමිණ බන වැදුණු බව ද, ඉන් පසු පාසලේ විදුහල්පති කාමරයට කැඳවාගෙන ගිය බව ද, පාසලේ ආදි සිසුන් සංවිධානය කළ ‘රණවිරු සැමරුම්‘ පාගමනට තමා සහභාගී වී ඇතැයි කියමින් බැණ වැදුණු බව ද, පසු දින දෙමාපියන් කැඳවාගෙන එන ලෙස පාසලෙන් දැනුම් දුන් බව ද සිසුවා කළ පැමිණිල්ලේ සඳහන්ය.
පසු දින දෙමාපියක් කැඳවා ආදර සම්බන්ධයක් ඇතැයි කියමින් සිසුවා පාසලෙන් ඉවත් කර තිබෙන අතර ඔහු පාසලෙ ඉවත් කිරීමේ සහතිකයේ දක්වා ඇත්තේ චරිතය ඉතා සතුටුදායක බවයි. හේතුවක් නැතිව පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිසුවා පැමිණිලි කිරීමෙන් පසු අද (07) යළි එම සිසුවා පාසලට කැඳවා විනය පරීක්ෂණයක් පවත්වන බව කියා ඇත. ඉන් අනතුරුව එම අස්කලා සිසුවාට යළි දින හතරක පන්ති තහනම් පනවා තිබේ. සිසුවා කළ විමසීමේදී පාසලේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ කළිත් තිබූ ඇතුළත් වීමේ අංකයටම යළි ඔහු පාසලට බාර ගෙන විනය තීන්දුව ක්‍රියාත්මක කළ බවයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ එසේ සිසුන් ඉවත් කළ නොහැකි බවයි. විනය පරීක්ෂණයක් පවත්වන්නේ නම් අධ්‍යාපන අමාත්‍යංශයේ 2005/17 චක්‍රලේඛය අනුව බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට එම පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් පාසල්වල විදුහපතිවරු, ගුරුවරු වැඩ කරන්නේ යමක් හොයා බලනේ නැතිව.......
මෙයා විදුහල්පති කෙනෙක් නෙවෙයි.....අමු මෝඩයෙක්........පාසලේ නම දේශපාලනය උඩ තියන් විකුණුවා....
විදුහල්පතිලාට පිස්සු හැදීගෙන එනවා වගෙයි. අකිල ඇමති තුමෝ ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි.
විදුහල්පතිලත් අනා ගන්නවා. වැඩක් සාධාරන හරි විදියට කරන්ඩ එපැයි මහත්තයෝ.
මේක දැන් නිකන් සෙල්ලමක් වෙලානේ. ඇයි මේ ගුරු හොරුන්ට තේරෙන්නේ නැත්තේ මේ සෙල්ලම් කරන්නේ ළමයෙක්ගේ අනාගතයත් එක්ක කියල? ළමයින්ගේ අතින් වැරදි වෙනවා. ඒ වැරදි පෙන්නලා හරි මාර්ගෙට ගන්න එක තම නියම ගුරුවරුන්ගේ වගකීම. අපි පාසල් යන කලේ පන්තිවල වැඩියෙන්ම ගුටිකාපු, බැනුම් අහපු ළමයි තාම අදටත් ඒ ගුරුවරු දැක්කම නැගිටලා සීට් එකවත් දෙන්නේ. මොකද එයාල හොදටම දන්නවා අද මේ තත්වෙටවත් ඉන්නේ එදා ඒ ගුරුවරු කරපු දේවල් නිසා කියල.
මෙවැනි ගුරුවරුන් සහ විදුහල්පති වරුන්ගේ අන්තනෝමතික මෝඩ තීරණ නිසා කොයිතරම් වටිනා ජීවිත විනාශ වෙනවද ? මතකනේ වමනය ගිය ගෑණු ළමයට උනදේ....අපි පාසල් යනකාලේ එහෙම උනානම් ගුරුදෙවිවරු එකතුවෙලා තුන්වේලම ආහාර සපයල තමයි ගෙදර එවන්නේ . එහෙම නිකන් හිටියේ නෑ. ගෙදර අය කැඳවල පැහැදිලිකිමක් කරනවා . දැන් උනත් එහෙම උතුම් අය බොහෝවිට හමුවෙනවා .
මෙවැනි ගුරු වෘත්තිකයින් සහ විදුහල්පති වරුන්ගේ අන්තනෝමතික මෝඩ තීරණ නිසා කොයිතරම් වටිනා ජීවිත විනාශ වෙනවද , මතකනේ වමනය ගිය ගෑණුළමයට වුනදේ , අපි පාසල් යනකාලේ එහෙම වුනානම් ගුරුදෙවිවරු එකතුවෙලා තුන්වේලම ආහාර සපයල තමයි ගෙදර එවන්නේ . එහෙම නිකන් හිටියේ නෑ. ගෙදර අය කැඳවල පැහැදිලිකිමක් කරනවා . දැන් වුනත් එහෙම උතුම් අය බොහෝවිට හමුවෙනවා .
මටනම් හිතෙන්නේ ගුරුවරු ඉන්නේ ලොකු මානසික පීඩාවකින්, මොකද එයාලට ලැබෙන්න අඩු වැටුපක්නේ, ඉතින් ඉස්කෝලෙට ආව වෙලාවේ ඉඳන් පොඩි දරුවෝ ටිකෙන් පලිය ගන්න යනවා , අන්තිමට මෝඩ ගුරාල රස්සාවත් නැති කරගෙන උසාවි ගානේ මානව හිමිකම් කොමිසම අස්සේ බඩ ගානවා . පරණ ගුරුවරුන්ගෙන් මෙයාලට මග පෙන්වීමක් කරන්න පුලුවන්ද
අර කලින් විදුහල්පතිනිය වගේම මේ විදුහල්පතිත් මෝඩ අමතිලගේ ලිපිවලින් පත්වීම් ලබපු අඩු සුදුසුකම් තිබෙන අය වෙන්න ඇති ...කලයුත්තේ ළමයට තදින් අවවාද කිරීමය් ..මීට සම්බන්ද අයට නීතිමය පියවර ගත යුතුය
ගුරුවරු ගුරු හොරු වෙලා
හොයලා බැලුවොත් ඔය අමන වැඩ කරන විදුහල්පතිලා දේශපාලන පත්වීම්වලට ආපු අයයි. රජයක් මොකටද ඕව පාලනය කරන්න බැරිනම්....