
අනියත බියක් ඇති නොකරගෙන සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
“පෙට්ට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යනවා. නමුත් පසුගිය දිනවල අයි.ඕ.සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැවක් වීම නිසා එය ගොඩබෑම අත්හිටුවූවා.”
“මේ හේතුව මත ඉන්ධන පිරවුම්හල් වෙත පෙට්ට්‍රල් සැපයීමේ තරමක අඩුවක් සිදුව තිබෙනවා. එයින් මහජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් නිරීක්ෂණය කෙරුණා. කෙසේනමුත් මේවනවිට මුළු අවශ්‍යතාවෙන් 80% ක් සැපිරීමට අපට හැකිව තිබෙනවා. ඩීසල් සහ භූමිතෙල් සැපයීම කිසිඳු අඩුවක් නොමැතිව සාමාන්‍ය පරිදි සිදුකෙරෙනවා. මේ නිසා අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ” යයිද අර්ජුන රණතුංග මහතාගේ විශේෂ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද මහත්තයෝ තියෙන්නේ? තලවතුගොඩ, මහරගම, පන්නිපිටිය කොහෙවත් නැහැ. ශෙඩ් 10කට වඩා මම ගියා එකකවත් නැහැ. කියන එකෙත් පොඩ්ඩයි කියන්නේ...
විශිෂ්ඨ ප්‍රකාශයක් මැතිතුමනි, ලංකාවේ මිනිස්සු ඛනිජ තෙල් නිකරුණේ නාස්ති කරනවා ගණන් අඩු නිසා. අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම් කිසිම හිඟයක් නැහැ.
ඇමැතිතුමා වේලාවට අපිට කිව්වේ... අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. මෙච්චර දවසක් අපි පෙට්‍රල් විසි කළා.
ඕන තරම් තියෙනවා නම් මොකටද අරපිරිමැස්මක් ?
තියෙනවා නම් බලන්නකෝ මොකද මිනිස්සු පෝලිමේ ඉන්නේ කියලා...
තෙල් ගැන කතා? කතා කරමු ක්‍රිකට් ගැන....
තවත් වැඩ බැරි ටාසන් කෙනෙක්... කියලා තමයි කියන්න වෙන්නේ..
ඇති තරම් කුඩු තියෙනවා ආ...
"යහපාලනයට ඡන්දෙ දීලා කරගත්ත මහ විනාශයක්" දැන් මුළු රටම අනතුරේ "
එක අයි.ඕ.සී. තෙල් නැවකට අපේ තෙල් අවශ්‍යතාවයෙන් 20%ක් බ්ලොක් කරන්න පුළුවන් කියලද ඇමතිතුමා මේ කියන්නේ?
ඇති තරම් තෙල් තියෙනවා නම් IOC ෂෙඩ් වලට ceypetco තෙල් දීලා පෝලිම නැති කරන්න.
තෙල් වල තියෙන්නේ මවාගත් හිගයක්. අර්ජුන කියන්නේ අපිට ක්‍රිකට් වලින් ඉහලටම ගෙනා නායකයා. ඔහු කරන වැඩේ හරියටම කරනවා. මෙදා ප්‍රාදේශීය සභා චන්දෙදි මිනුවන්ගොඩ ආසනය ගැන සහ ගම්පහ දිස්ත්‍රික්කය බලන්ඩ අර්ජුන ගැන ඊළඟට කතා කරමු. වැදගත් මහත්මයෙක්.
තාම තෙල් නෑ. අද එන එකත් දන්නේ නෑ කියලා පිරවුම්හල් වල අය කියනවා.
තියෙනවා තියෙනවා, ෂෙඩ් වල පොලිම්, මාර්ග සියල්ලම අවහිර වෙලා තියෙන පෙට්‍රල් ටිකත් ඉවර වෙනවා. මෙයාල ඉන්නේ මෙහේ නෙවෙයි, සියල්ල ලැබෙනවා, ඉතින් කොහොමද දැනගන්නේ ඇත්ත තත්වය. අපේ මිනිසුන්ගේ කලබල විම නිසා තත්වය උත්සන්න වෙනවා.
පාමංකඩ සහ මැදවච්චියේ තියෙනවා ඕන තරම්
මුන්ට තෙල් ටික නියම වෙලාවට බෙදා ගන්න බැහැ හැබැයි රට බෙදන්නයි කල්පනාව මේක ලිච්චවී රටක් කරන එක කොහොම උනත් ලෙච්චමී රටක් කොරනවා සහතිකයි
තව විදුලියත් ඉන්දියාවේ බලාගාර වලින් ගන්නලු කල්පනාව. මෙච්චර පොඩ්ඩක අයිතිය තියන් ඔච්චර හරියක් කරනවානම්, ත්‍රිකුණාමලේ ටැංකි ටික ගත්තදාට ලංකා ආණ්ඩුව අල්ල උඩත් නටවයි. මේ අැරඹුමයි මාවත බොහෝ දුරයි, නුවනින් අවදියෙන් හා නිරතුරු නුවණැසින් තරණය කලයුතුයි කියල තමයි වත්මන් පාලකයන්ට කියන්න තියෙන්නේ.
රාජපක්ෂ රෙජී මයේ වගේ යහපාලනය හොරකම් කරන්නේ නැහැ .ඇමැතිතුමා ඇත්ත කියන කොට බයි යන්ට හොඳටම අමාරුයි වගේ.
මහින්දගේ කාලේ අධිවේගී පාරවල් හදලා සුදුසුකම් නැති අය තොග පිටින් වාහන ගත්ත නිසා තමයි මෙහෙම තෙල් හිගයක් ආවේ. කරුණාකරලා මේ ආණ්ඩුවට බනින්න එපා.
පොහොට්ටුව නොපිපෙයි .අපේ පැතුම ප්‍රාදේශීය සභා ඡන්දෙදි ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාගයකින් ජනතා විමුක්ති පෙරමුණ සභාපති වරු බිහිකිරීමයි.
අර්ජුන බොරු කියයිද?
හැමෝම වාහන ගන්න නිසා තමයි තෙල් හිඟ වෙන්නෙ .ඒකට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ .ජෝන් ඇමැතිතුමා කිව්ව වගේ සුදුසු අය විතරක් වාහන ගන්න ඕනෑ .
කොහෙද තියෙන්නේ? ශෙඩ් 20කට වඩා මම ගියා එකකවත් නැහැ. ආණ්ඩුව බංකොලොත් වෙලා රටේ සල්ලි නැති නිසා ඉන්ධන සංචිත පවත්වා ගන්න බැරුව රටම අනතුරේ....
විභාග අසමත් බව ඇත්ත. ඒත් ක්‍රීඩාවෙන් උඩට ආව නිසා පාර්ලිමේන්තුවට පත් කරලා අද අපි මෙයාට බනිනවා. අපි ඇයි මේ වගේ වැඩ බැරි අයව පත් කරන්නේ. සෙල්ලම් කියන්නෙ එකක්, රටක් පාලනයට එකතුවෙනවා කියන්න තව දෙයක්. ඕක හැමෝටම කරන්න පුලුවන්නම්, මේ පාරේ ඉන්න කුඩ්ඩොත් ඕකට ඉල්ලයිනේ. (ඉල්ලලා දිනපු අයත් ඉන්නවා මේ රටේ) මෙයාට වැඩ බෑ. මෙයා අපේ ඉස්කෝලෙ තමයි.. ඒත් සනත් සහ ඒ කාලේ ආපු තරග කරපු අමුතු වේගවත් රටාව නිසා ලෝක කුසලානය දින්නා. මෙයා කරපු දෙයක් නැහැ. මුර්ලිගෙ කේස් එක ඇරෙන්න. පවුල් දාගෙන රටයි, ක්‍රිකටුයි දෙකම ඉවරයි...
යහපාලනය නිසා තමයි අද රට විශාල දියුණුවක් ලබලා තියෙන්නේ. කාටවත් ඒක නැහැ කියන්න බැහැ.
මෙයා හාබර් එකේ මූදුවතුර හරි දීලා ඇවැසිය සපුරාලයි.
චානක්, අනේ ඔයා දන්න යහපාලනය. මෙහෙ මිනිස්සු විඳින දුක පේන්නේ නැහැ. ඔබ ලොස්ඇන්ජලීස් වලට වෙලා ඉන්න. කමෙන්ට්ස් දාන්න ඕනෙ නැහැ.
අගමැතිතුමා දැනටම රැකියා ලක්ෂ 4 බිහි කරපු ඒක වැරදිද, ණය බරින් රට ගොඩ ගත්තේ නැද්ද ? මිනිස්සුන්ට මේවා අමතක නැහැ .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැති කරන්න ඔය කුමන්ත්‍රණ කාරයින්ට බැ. අර්ජුන එයාගේ වැඩේ කරාවී. කුමන්ත්‍රණ වැඩ නොකොට ජනාධිපතිතුමාට සහයෝගය දෙමු. රට නොබෙදමු. එක්සේසත් කරමු. වැඩ කරමු රට ගොඩ නගමු.
මට නම් මුකුත් කියන්න දෙයක් නැහැ. බමුණු ආරච්චි මම හිතනකොට ඔක්කොම දාල ඉවරයි. ජය වේවා!
චනක් ලොස්, අපේ අගමැතිතුමාව සමච්චලයට ලක් කරනවා වාගේ..