(නිමල කොඩිතුවක්කු)
ඉරිදා සහ පොහොය දිනවල උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා ටියුෂන් පංති නතර කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලීමක් කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කියති.
මෙය සියලූම ආගමික නායකයින්ගේ ඉල්ලීමක් බවත් අගරදගුරුතුමෝ අවධාරණය කළහ.
ඉරිදා සහ පොහොය දින පන්සල්, පල්ලි සහ දහම් පාසල් යාමට ඇති දවස බවත් ඒ පැය කිහිපය දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව, දැනුම වර්ධනය කිරීමට වෙන්කළ යුතු බවත් කාදිනල්තුමෝ පැවසූහ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විසදුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා තමන් වෙත දැනුම් දුන් බවද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ සදහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ඉල්ලීමක් සහ පාසල් ළමුන් මත්ද්‍රව්‍ය මාෆියාවෙන් බේරගන්නත් පන්සල්, පල්ලි හරහා වැඩපිළිවෙලක් සෑදිය යුතුයි
අගරදගුරුතුමනි, මම බෞද්ධයෙකු හැටියට ඔබවහන්සේට බොහෝ ගරු කරනවා.
අගරදගුරුතුමනි, ඔබවහන්සේට ගරු කරනවා මේ සම්බන්දව . අද රට පුදුම විදිහට පිරිහිලා . රූම්ස් කියන ලොකු බෝර්ඩ් වහාම ඉවත් කල යුතුයි. අපේ එඋන්ගේ ඇස් පොට්ට වෙලාද. ජනාදිපති තුමා මේවා බලනවා ඇති .. බාල පරපුර විනාස වෙන්න එක දෙයක් මේ රූම්ස් කියන මහා තඩි බෝර්ඩ් .
මේ අදහස හොදවුනත්, නරකවුනත් , තීරණය, දෙමාපියන්ට බාර කරනවානම් හොදයි.එය තම පවුලේ පුද්ගලික නිදහසයි.රජය ජනතාවගේ එදිනෙද ජිවතයට මැදිහත් වෙනවට මා නම් විරුදැයි.
අග රද ගුරු තුමනි ඔබගේ ප්‍රකාශය හරියටම හරි , පුද්ගලික විශ්ව විද්‍යාල වසන්න කියමින් පාරවල් වසමින් බෙරිහන්දෙන සමාජවාදී කියාගන්න පක්ෂවල ඉන්න මෝඩයන්ට සහ හාමුදුරු වරුන්ට තේරෙන්නේ නැහැ නිදහස් අද්යාපනය කියන එක පටන් ගන්න ඕනේ බිමට්ටමෙන් කියන එක , අඩුම තරමේ අසරණ සිසුන්ට පෝය දවසේ වත් නිදහස දෙන්න ,
ඉරිදා පන්සල් පල්ලි ගිය පමණින් යහපත් සමාජයක් බිහි වන්නේ නැත. සාමාන්‍ය පෙළින් පසු කල ළමුන් වැඩි කාලයක් විෂය කරුණු සහ තාක්ෂණික අධ්‍යාපනය කෙරෙහි යෙදවීම නීති මගින් නැවත්වීම සුදුසු නැත. වැඩිහිටි සමාජයේ පිරිහීම අද ප්‍රශ්න වලට මුල් වී ඇත.
ළමයින්ට හරියට ඉස්කෝලවල උගන්වනවා නම් ටියුෂන් යන්න ඕනෑ නෑ. දැන් මේ කියන විදිහට ටියුෂන් නවත්තලා දැම්මම ළමයින් ගෙදරට ගෙන්න ගෙන ටියුෂන් ගත්තොත් ඒකට මොකද කරන්නේ? ඒ වගේම පෝය දවසේ හෝ ඉරිදා ටියුෂන් නැවැත්තුවම ළමයි ආගමික වැඩ වලට යොමු වෙයි කියන්න තියෙන සහතිකය මොකක්ද? දැන් ඔය වගේ නිවාඩු දිනවල වැඩිහිටියොත් කරන්නේ කට්ටිය සෙට් වෙන එක. ඒ වැඩිහිටියො හරි මඟට ගන්නෙ නැතිව ළමයින්ට නීති දාලා වැඩක් නෑ.
තේරුම් ගත යුත්තේ වචන වල ඇති දේශපාලනමය බවයි. එතුමා ඉරිදා දිනය ඉල්ලන ගමන් පෝය දවස ඉස්සරහට දාන්නේ එහි ඇති දේශපාලනිකමය අගය මත මිස සංස්කෘතිකමය අගය මත නොවීම වටහා ගැනීම වැදගත්ය.
රදගුරුතුමනි, පෝය දවසට පල්ලිවල සුව මෙහෙයවල් කියලා දාගෙන බෞද්ධ ජනතාව ගෙන්න ගන්නවා. කතෝලික සභාව මේකට සම්බන්ධ නැති බව අපි දන්නවා. එ්ත් එක්තරා කොටසක් මේ වැඩේ කරනවා.
පෘතුගීසින්ගෙන් පැවතගෙන ආවත් කතෝලික නායකත්වය සහ අනුගාමිකයන් ඉතා ඉහල සහෝදරත්වයකින් බෞද්ධයන් සමග සමාජයේ ජීවත් වෙන්නේ අනෙකුත් ආගමිකයන්ට සහජීවනය කුමක්දැයි ආදර්ශයක් වෙමින්. මමත් මුල් කාලයේ කතෝලික පාසලකින් අධ්‍යාපනය ලැබූවෙක්. එහිදී මා බෞද්ධයි කියා මා ලැබිය යුතු කිසිදු අවස්ථාවක් මගෙන් අහිමි වූයේ නැහැ. ඒ වෙනුවට පාසලේ ගුරු කන්‍යා සොයුරියන්ගේ, කතෝලික ගුරුවරුන්ගේ හා පියතුමන්ලාගේ ආදරය, රැකවරණය, ගුරු හරුකම් ලැබුණා. සැබෑ බෞද්ධයන් තමන්ගේ මිතුරන් කවුදැයි හොඳින් වටහා ගෙන ඔවුන්ට ගෞරවාන්විතව මිතුරුකම රැකෙන සේ සැලකිය යුතුයි. අගරදගුරුතුමා කවදත් ඇත්ත ඇති හැටියෙන් දැක්කා කියල මගේ ගෞරවයක් එතුමාට තිබෙනවා.
ඔය වගේ ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේට දෙව්දත් තෙරණුවන් විසින් ඉදිරිපත් කළාම බුදුන් වහන්සේ, කැමැති අය ඒවා කරන්නත්, එසේ නොවන්නන් නොකරන්නත් පැවසූහ. බුදුන් වහන්සේ විනය නීති පැනෙව්වත් ඒවා සීමාව ඉක්මවා නොයන පරිදියි ඉදිරිපත් කරන ලද්දේ....
අගරදගුරුතුමා කියන කතාවේ ඇත්තක් තිබුණත්, සල්ලිකාර පවුල් වල ළමයින්ට ඉරිදා සහ පෝයදා වෙනසක් නැතුව ගෙදරට ගුරුවරු ගෙන්නාගෙන පන්ති කරවාගන්න පුළුවන් නිසා සාමාන්‍ය පවුල්වල ළමයින්ට එකෙන් අසාධාරණයක් වෙනවා. ප්රශ්නය තියෙන්නේ තරග විභාග ක්රමයේ සහ සමහර වැඩිහිටියන්ගේ ක්‍රියා කලාපයේයි.
මෙතන අදහස් යොමුකරපු සමහර කට්ටියට තේරුම්ගන්න බැරි මොකද ඉරිදා සහ පෝය දවසේ ටියුෂන් නවත්තනවා කියන්නේ ළමයින්ට දහම් පාසල් යාමට "නියම" කිරීමක් බව. ගෙදරට ගෙන්නාගෙන ටියුෂන් කරවගන්න බැහැ. මොකද ළමයා සඳුදා පාසලට යනකොට දහම්පාසල් පැමිණීමේ වාර්තාව රැගෙන ඒම අනිවාර්යයයි. ගොඩක් අය නොදන්නවා වුණාට සමහර පාසල්වල දැනුත් මේදේ වෙනවා. පසුගිය කාලයේ දහම්පාසලින් දරුවන් ඈත්වීමේ ප්‍රථිපල තමයි අද වෙද්දී සමාජය භුක්තිවිඳින්නේ. මෙය ඉතාමත් ඉක්මණින් පිලිසකර කරගතයුතු තත්වයක්.
බණ්ඩාරගේ කමෙන්ට් එක බාගෙට දැම්මේ මොකද?
මේ සියලුම දරුවෝ සියයට සීයක්ම ආගම දහමට නැඹුරු නොවී දෙව්දත් තෙරුන්වහන්සේගේ පසුපස යන්න පුළුවන්. බුදුදහම, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම් දහම ඉගෙනීමට, වෙනත් ආගමක් අදහන කෙනෙකුට ඒ වෙනුවෙන් යෙදෙන්න ඉඩක් තිබිය යුතුයි වගේම එහෙම නොයන දරුවන් දෙමාපියන් හෝ වැඩිහිටියෙකු ගේ අවධානයෙන් රැකීමත් බොහෝ අපරාධ වලක්වාගැනීමට පිටිවහලක් වේවි. හැබැයි එයටද කලක් යාවි. හැබැයි ඒ දෙව්දත් තෙරණුවෝ පසේ බුද්ධත්වය ලබාගන්න තෙක් ඉන්න වෙන්නේ නෑ.
කාදිනල්තුමාගේ නම මැල්කම් රන්ජිත්, කාදිනල් යනු තනතුරේ ගරු පදයයි හරි විදිහට ලිවිය යුත්තේ කාදිනල් මැල්කම් රන්ජිත්තුමා යනුවෙනි.
ඉරිදා දවසේ පල්ලියට යන්න තියෙන යුතුකම (අවසර තිබෙන නිසා) සෙනසුරාද 6 න් පස්සේ ඉටුකරලා ඉරිදා දිනයේ උපකාර පන්ති යන හොඳ කතෝලික පවුල්වල දරුවෝ කොච්චර ඉන්නවද?
එකම විසඳුම හරියට පාසල්වල උගන්වන්න දක්ෂ ගුරුවරුන් ගන්න. ටියුෂන් නිසානේ මේ සේරම...
උපකාරක පන්තිවත් ඒවා පවත්වන දවසවත් නොවේ දරුවන් ආගමට දහමට නැඹුරු නොවීමට දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව අඩාල වීමට එකම හේතුව වන්නේ. බොහෝ අවස්තාවලදී දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් තමුන්ගේ ජීවිත තුලින් ඒ දරුවන්ට හරි ආදර්ශ නොදීමත් තමුන්ගේ ගෘහ ජීවිත ආදර්ශමත් අන්දමින් ගත නොකිරීමත් දරුවන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවට බොහොසෙයින් බාධාවන් වෙනවා. තම දරුවන් කෙරෙහි ඉතා දැඩි අවධානයක් දෙමව්පියන් විසින් දැක්විය යුතු වෙනවා. එමෙන්ම ගුරුවරුන් තම දරුවන්ට නිවැරදි දහම උගන්වනවාද යන්නත් සලකා බැලීම වැදගත්. දෙමාපියන් තම ගෘහ ජීවිතයේදී සිය දරුවන්ට හැම කටයුත්තකදීම ආදර්ශමත් වෙනවා නම් ගුරුවරුන් දරුවන්ට ආදර්ශමත් අන්දමින් තම ගරු කටයුතු සේවාව හැම විටම ඉටු කරනවානම් දරුවන් ඒ යහපත් ආදර්ශ අනුගමනය කරනවා. බොහෝ ස්ථානවලදී දරුවන් ලිංගික අපචාරවලට ලක් නොවෙනවා නොවේද? උපකාරක පන්ති පොහෝ දින ඉරිදා දින වල නොපැවැත්වීම තුලින් පමණක් මේ දරුණු අපරාද වලින් දරුවන් රැකගත හැක්කේද? මෙයත් බොහෝදුරට සලකා බැලිය යුතු කරුණක්.
උපකාර පන්ති තමන්ට අවශ්‍යද, නැද්ද යන්න සිසුවා තීරණය කල යුතුවේ. ඒ එක්කම උපකාර පන්ති වලට තමන් වෙහෙසින් උපයාගත් මුදල් වැය කරන බව දරුවා දැනුවත් කරන්න ඕනා වේ.
එකගයි. බටහිර රටවල් අද සාරධර්ම අතින් පිරිහිලා තියෙන්නේ ආගම් වලින් ඈත්වෙලා තියෙන නිසයි. අපිත් ඒ තැනට වැටෙන්නේ නැතුව අපේ තියෙන දේවල් ටික බේරගන්න කටයුතු කරනවා නම් වටිනවා.
ගරු අගරදගුරු තුමනි ඔබට ගොඩක් පින් අපේ රට බේරා ගැනීමට දරන උත්සාහයට ස්තුති
පාසලේ සමහර විභාග සඳහා පැමිණීමේ සියයට ගණන් බලනවනේ එයටම දහම් පාසල් අවසාන විභාග සහතිකය හෝ ධර්මාචාර්ය විභාගයේ විභාග සහතිකය බලනවනම් හොඳ නේද
ආගම දහම යනු බලෙන් පැටවිය යුත්තක් නෙමේ. අද පංසල් පල්ලි කෝවිල් වල රස්තියාදු වන්නන් තමා සමාජය කෙලසන්නෙ. දෙමාපියන්/වැඩිහිටියන් ගුණගරුක නම් ළමුන් ඉබේම ගුණගරුක පුද්ගලයන් වනවා. තම නිවස සාරධර්ම වලින් පිරි තැනක් කරගන්න. ඉරිදා උපකාරක පංති පිළිබඳ ගැටළුවක් නොවෙයි පවතින්නේ. පාසල් වල ගුරුවරුන් තම රාජකාරිය නිසි පරිදි කරන්නේනම්, උපකාරක පංති වල අවශ්‍යතාවයක් නැහැ. අනික දහම් පාසල් අධ්‍යාපනය කිසිසේත්ම අත්‍යාවශ්‍ය කරුණක් නොවෙයි. ඒ වෙනුවට ළමුන් ක්‍රීඩාවට යොමුකරවන්න, එය ආගමෙන් ලැබෙනවාට වඩා වැදගත් සාමාජීය අත්දැකීමක්. ගෙදර රූපාවාහිනිය විසි කිරීමෙන්ම පළමු පියවර තබන්නට පුළුවන්. මගේ දරුවන්ට නම් කිසිසේත්ම රූපවාහිනිය නරඹන්නට දෙන්නේ නැහැ. පංසල් පල්ලි කෝවිල් යන්න දෙන්නේත් නැහැ. ඔවුන් වැඩිහිටියන් වන කලෙක ඒ පිළිබඳව තනිවම තීරණය කල හැකියි.
ආගමක් ගෙනයන්න ජනකොට්ඨාශයක් අවශ්‍යයි. නමුත් කිසිම ආගමක් නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්. ප්‍රධාන දෙය මිනිසුන් නීතිගරුක වියයුතුයි. පසුගියදා ඕස්ට්‍රේලියාවේ කල සමීක්ෂණයකින් හෙළිවුණා එරටේ 23% කිසිම ආගමක් අදහන්නේ නැති බව. මේ අය අතර බොහොම වැදගත් අය සිටිනවා. ලංකාවේ නම් කුඩාකාලයේදී දහම් පාසල් ගියාට වැඩිහිටියෝ වුණාට පසු බොහොමයක් තක්කඩි වැඩකරනවා. මට නම් පෙනෙන්නේ පල්ලි පන්සල්වලින් දෙන අධ්‍යාපනය දිය යුත්තේ වයස අවුරුදු 15ක් පමණ ගියාට පසුවයි. දැනට පල්ලි, පන්සල්වලින් දෙන දහම් අධ්‍යාපනයෙන් ගුණධර්ම අගයන නීතිගරුක, යහපත් පුද්ගලයින් බිහිවන්නේ නැහැ. අපේ රටේ දේශපාලකයින්ගෙන් 5%ක් වත් දහම් පාසල් අධ්‍යාපනය ලබා නැද්ද....?
සෑම හොද පුරවැසියෙකුම බිහිවෙන්නේ තම නිවසෙනි. දෙමාපියන්ගේ අවවාද අනුශාසනා, සහ අවදානය කෙනෙකුගේ ජිවන ගමනට බෙහෙවින් බලපානවා.
උපකාරක පන්ති ඉරිදා පෝය දවසේ පැවැත්වීම් පැය කීපයකට තහනම් කරලා ඒ පැය කීපය තුල පමණක් දහම ඉගෙන ගන්න දරුවන් යොමුකළ පලියෙන් දරුවන් ආගමට දහමට හරි පැවැත්මකට යොමු කරන්න පුළුවන් කියා සිතනවානම් එය මහත් මුලාවක්. මෙහි කෙනෙක් සඳහන් කර ඇති අන්දමට සැබවින්ම හොද පුරවැසියෙක් බිහිවන්නේ තම නිවසෙන්. ඒ කතාව සම්පුර්ණ ඇත්තක්. තම දරුවන් ආගමට දහමට යොමු කල හැක්කේ ඔවුන්ගේ දෙමාපියන්ට පමණයි. බොහෝ ස්ථාන වල දරුවන් නොමගට අද යොමුවනවා, යොමු කරනු ලබනවා. සමහර අවස්තාවලදී මේවා ගැන දෙමව්පියන් හට දැනගන්නට ලැබෙන විට ප්‍රමාද වෙලා වැඩියි. හැකිනම් මේ ආගමික ගරු නායක තුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා ප්‍රථමයෙන් තමුන්ගේ අනුගාමිකයන් වන වැඩිහිටියන් දෙමව්පියන් දුම් බීමෙන්, මත් පැන් පානයෙන් පළමුව මුදාගන්න කියල. මේවා නිවසේදී දෙමාපියන් වැඩිහිටියන් භාවිතා කරන අන්දම කුඩා දරුවන් බලාසිටිනවා. දරුවන්ට මෙය යහපත් ආදර්ශයක් වන්නේ නැහැ. මේ කටයුත්ත ඉරිදා පෝය දිනවල උපකාරක පන්ති තහනම් කරන්න කටයුතු කරනවට වඩා දරුවන්ට යහපතක් වෙනවා නොඅනුමානයි.