සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් හෙට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කියයි.
ඒ සඳහා මව් පියවරුන් පස් දෙනකු සහභාගී වන බව ද, එය පවත්වන ස්ථානය දැන්ම හෙළි කළ නොහැකි බව ද සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. නමුත් එම සංගමයේ ලේකම් ගාමිණී ඒකනායක මහතා පැවසුවේ මාරාන්තික උපවාසය සඳහා දැනට දෙමාපියන් තුන් දෙනකු සිටින බවයි. හෙට වන විට එම පිරිස වැඩි කර ගත හැකි බව ද ඔහු කීවේය.
එම උපවාසයට සහය දක්වන බව සයිටම් විරෝධී සටනට සහාය දක්වන සංවිධාන කිහිපයක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ.
මෙම මාරාන්තික උපවාසය නොපැවැත්විය යුතු යැයි එම ඇතැම් සංවිධානවල අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇතිවී තිබෙව බව ආරංචි මාර්ග කියයි. මෙම මාරාන්තික උපාවසය නිසා සයිටම් විරෝධී සටනේ සිටි පිරිස අතර මත ගැටුම් ඇතිවී තිබෙන බවත් දැනගන්නට තිබේ.
රජය අවසන් විසඳුම ඉදිරිපත් කළ පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට ප්‍රසාදය පළ කිරීම ගැන ද සයිටම් විරෝධීන් අතර මත ගැටුම් ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩක්. මේක කරන්න ඕනෑ වෙලා තියෙන්නේ සයිටම් එකට ළමයි දාපු දෙමව්පියන්ට නෙවෙයිද ?
හෙට අනිද්දාට මේ කුහක මව්පියන්ගේ ඕන එපාකම්, වරප්රසාදවලටත් මහජනයාට බදු ගෙවන්න කියලා කට්ටිය උපවාස නොකලොත් මම පුදුම වෙන්නේ නැහැ. මොකද මේ උදවියයි, ඒ ගොල්ලන්ගේ දොස්තර දරුවනුයි ඇරෙන්න මුළු රටම නූගත් මන්ද බුද්ධිකයන් කියලා මේ ඔලුව ඉදිමුණු දෙමව්පිය නඩය හිතන්නේ.
ඔය මාරාන්තික උපවාසය දැනට නවත්වා ගත්තා නම් දරුවන් දොස්තර වුණු පසු වාහන බලපත්‍ර ඉල්ලා සටනට බැස්සම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හපොයි මෙහෙමත් කුහකයන් පිරිසක් ! මේ රටේ කම්කරු රැකියා කරන තරුණ තරුණියන්ගේ දෙමව්පියන්ට මම හිස නමා ආචාර කරනවා. ඔබෙන්ද, දරුවන්ගෙන්ද රටට බරක් නැත !
හෙට අනිද්දාට මේ කට්ටිය අල්ලපු ගෙදර ළමයාව ඉස්කෝලේ යවන්න එපා කියලා මාරාන්තික උපවාසයක් පටන් ගනීවි.
සමහර දුප්පත් අම්මලා තාත්තලා ඇන්දී ඇති තරම හිතා ගැනීමටත් බැරිය. සංවිධානයේ ලොක්කන් හිස දන්දීමට දෙමව්පියන් සොයයි. 71, 88/89 වැනි යුගවලද සිදුවුණේ මෙයම තමයි. අන්තිමට ඒ අයගේ ලොක්කන්ගේ දරුවෝ ප්‍රංශයේ ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සරසවිවල යස අගේට ඉගෙන ගනී. මැටි මොලවල් කවදා ලෙයින් මසින් පිරේවිද?
මහජන මුදලින් නිකන් උගන්නන රජයේ විශ්ව විද්‍යාලවල දේශන වර්ජනය කරන්නැතුව දේශන වලට යන්න කැමති අයවත් ඒවාට සහභාගී වුනොත් රටට වත් යහපතක් වෙයි.
මගේ කොල්ලා යන්නේ කොහිලවත්ත ගාමිණී විද්‍යාලෙට. එහා වත්තේ දොස්තරගේ පුතාව කොළඹ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දාල. ඒවා කොහිද අපිත් එක්ක. හෙට ඉදන් පටන් ගන්නවා මාරාන්තික උපවාසේ.
අනේ මෙහෙමත් දෙමව්පියෝ, තමන්ගේ දරුවට විතරද දොස්තරලා වෙන්න හොඳ? මේ කුහක මිනිස්සු හට යහපාලනය වැනි පාලන ක්‍රමයක් ගැලපෙන්නේ නැත. මේ ගොල්ලන්ට සුදුසු ගෝඨාභය, මහින්ද රාජපක්ෂ කල ආකාරයේ පාලන ක්රමයකි. එතකොට ඔය කියන සයිටම් එකත් තිබුණා. රජයේ විශ්ව විද්‍යාලේ ළමුන් ඉගෙන ගත්තා. අපිත් රස්තියාදුවක් නැතුව පාරේ ගියා. දැන් නිදහස වැඩි වෙලා ඔක්කොම අවුල්..
මේ මාරාන්තික උපවාසයට ඉන්න අයගේ පින්තුර දකින්න ආසයි. කුහකත්වයේ සංකේතය කියල ලෝකෙටම පෙන්නන්න පුළුවන්.
මේ දෙමාපියන්ද කියල කියන්නත් අප්පිරියයි. ඔබල කල යුත්තේ ඔබගේ අහිංසක දරුවන් පන්ති වලට යැවීම නොවේද. මෙම සටනෙන් අවසානයේ පාඩු විඳින්නේ ඔබේ දරුවන් පමණක් බව ඔබලට තේරෙන්නේ නැද්ද. දොස්තරලා ඔවුන්ගේ පෞද්ගලික චැනල් එක දවසක්වත් නැවැත්තුවද? ජේවීපී නායකයන්ගේ දරුවන් ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල බව ඔබල නොදන්නේද? පෙරටුගාමී නායකයා ඔස්ට්‍රේලිය පුරවැසියෙක් බව ඔබල නොදන්නේද? ඔහු ඕනෙම වෙලාවක රටහැර යා හැකිය. තරමක් බුද්ධියෙන් සිතන්න. දරුවන්ගේ අනාගතය විනාශ නොකර ඔවුන් අධ්‍යාපනයට යොමු කරන්න. තවත් යමක් කිව යුතුයි. ලෝකයේ උසස් අධ්‍යාපනය නොමිලේ දෙන එකම රට ලංකාව බව ඔබල නොදන්නවා ඇති. සියලුම රටවල උසස් අධ්‍යාපනය සඳහා මුදල් අයකරන අතර එම ආයතන ලාභ නොලබන ආයතන ලෙස පවත්වාගන යයි. සිසුන්ට මුදල් ආධාර දෙන අතර ඒවයේ රැකියාව කරන විට ආපසු අය කර ගනී. ලිඳේ සිටින ගෙම්බන් වගේ නැතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
වෛද්‍ය සිසුන් සියළු දෙනාටම (පෙරටුගාමී වහලුන් දෙතුන් දෙනා හැර) දේශනවලට යාමට අවශ්‍යබව දැනගැනීමට ඇත. එහෙත් ත්‍රස්තවාදී පෙරටුගාමීන්ගේ තර්ජන නිසා අසරණ වී ඇත. ජනාධිපතිතුමනි, පොලිස්පතිතුමනි, උපකුලපතිවරුනි, වහාම ආරක්ෂාව සපයා ඔවුන් දේශනවලට සහභාගි කරවන්න.
සයිටම් එක ගැන මොන විසදුම් ගෙනාවත් ඕක පුද්ගලික කඩය ජීවිත වනසන හොර වෛද්‍ය උපාධි කඩ රටෙන් අතුගා දමන්න ඕන.
ඔය පෙරටුගාමී එකට බනින අය හිතන් ඉන්නේ එම මිනිස්සු සටන් කරන්නේ ඔවුන්ගේ මඩි තර කර ගන්න නොවේ රටේ අනාගතයට වෙන්න යන මහා විනාසය වලක්වා ගන්න. අපේ රටේ බොහෝ අයට ප්‍රශ්න ඔලුවට කඩා පාත්වෙනකම් ඒ සේරටම දොස් කියනවා. පසුව දෙවියන්ට කන්නලව් කරනවා. ඊට පස්සේ පුද්ගලිකව වෛර පිරිමහ ගන්න හදනවා. පෙරටුගාමී එක කරන්නේ ඉතා දුෂ්කර කර්තව්‍යයක්.
මේ වගේ දෙමව්පියන්ට දාව උපන් දරුවො දොස්තරලා වූනත් රටට වැඩක් තිබේද?
අතුල මහත්මයාණෙනි ඔය සයිටම් එකේ ප්‍රමිතිය හොඳ නැත්නම් කලයුත්තේ ඒකේ ප්‍රමිතිය නියම මට්ටමට එන්න උදවු කරන එක නැතුව ඒක වහල දමන එක නොවේ.
මට නම් හිතෙන්නේ ඔය සයිටම් උපාධි කඩයත් එට්කා එකේම කොටසක්. දැන් ඉන්දියාවේ වෛද්‍ය උපාධි කඩ වලට බිස්නස් නැහැ. ඉතින් ඒවා ලංකාවේ ස්ථාපිත කිරීමේ මුලික අඩිතාලම තමයි ලංකාවේ සයිටම් එක පිහිටුවීම. ඊට පස්සේ ඉන්දියාවේ බිස්නස් නැති කඩ ටික ඔක්කොම මෙහෙට එයි.
කුහක මිනිස්සු ටිකක් .
'දෙමාපියන් මැරෙනතුරු උපවාසයට සූදානම්' කියල බැනර් ගහගෙන හිටියෙ, දැන් 5ස් දෙනෙක් හොයාගන්න බැරිලු.. මාර කතාවක්නෙ.
සමහරවිට මේ ගොල්ලො ලබන අවුරුද්දෙ දොස්තරලාට රජයේ වියදමෙන් ප්‍රාඩෝ දෙන්න කියල උපවාස, උද්ඝෝෂණ පටන්ගන්න බැරිකමකුත් නැත.