(අජන්ත කුමාර අගලකඩ)
පලාත් පාලන මැතිවරණයට ශ්රි ලංකා නිදහස් පක්ෂය හා ඒක්සත් ජාතික පක්ෂය එක්ව තරඟ නොකිරිමට ශ්රි ලංකා නිදහස් පක්ෂය තිරණය කර ඇත.
ජනාධිපති මෛත්රිපාල සිරිසෙන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි අද (03) පැවති පාර්ලිමෙන්තු මන්ත්රි වරුන්ගෙ රුස්විමකදි මෙම තිරණය ගෙන ඇත.
පලාත් පාලන මැතිවරණයට ශ්රි ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සංධානයකින් තරඟ කිරිමට එහිදි තිරණය වී තිබේ.
දුර්වල ආසන සංවිධායක වරු ඉවත් කර නව සංවිධායකයින් පත් කිරිමටත් පලාත් පාලන මැතිවරණයේ අපෙක්ෂක ලැයිස්තුව කඩිනමින් සකස් කිරිමටත් මෙහිදි තිරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එජාප පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත්ව එජාප වැඩි ඡන්දවලින් ජනාධිපති වුණු නිර්පාක්ෂික සිරිසේන මැතිතුමා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය සඳහා ගත් උදාර තීරණයක්...
එ්ක හොඳා. එ්කට තරග කරලා රටට උණු සෙතක් නැති කොට වෙන් වෙලා වත් තරග කරලා බලමු මොකද වෙන්නේ කියලා. අපිට නම් දැන් කවුරු කා එක්ක තරග කලත් ඇති දෙයක් නැහැ. අපේ බලාපොරොත්තු දැන් සුන්වෙලා ඉවරයි. බලාගෙන යනකොට කවුරුත් එකයි මොන සුන්දර නැළවිලි ගයලා ආවත්. මෙහෙම කියන්නෙත් මේ රටේ ඡන්ද දායකයෙක්....
පක්ෂය පෙරට... !!! රට පස්සට..!!! අලියාගේ නැට්ටේ එල්ලී දිව්යලෝකේ ගිය මෝඩ ගමරාලගේ කතාව සිහිවේ..!!!
සන්ධානය, අත සහ සීනුව නොවුණොත් පොහොට්ටුව පිපෙන්න ඉඩ තියෙනවා.
දැනට වැලේ වැල් නැතිව, සුළඟට වැනෙන එක්සත් ජනතා සංධානයට හේත්තු වී සිටින සමහර දේශපාලකයන්ට මෙය ඉතාම සුභ ආරංචියක් වෙන්න පුළුවන්! ඔන්න බලන්න ළඟදීම ජනාධිපතිවරයා වටේ අැඹලයෝ වගේ පරිභ්රමණය වෙන හැටි ......
ශ්රී ලංකා නිදහස් පක්ෂය නුදුරු අනාගතයේදී එජාප රජයේ ආණ්ඩුවක කුඩා සන්ධාන පක්ෂයක් බවට පත් වී පොහොට්ටුව දෙවෙනි බලවේගය වීමට බොහෝ දුරට ඉඩ ඇත..
ධම්ම, පොහොට්ටුව පරවෙන්නේ නැත කියා බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දිනක කළ ප්රකාශයක සඳහන් වී තිබුනා. ඔබ කියන විදියට පිපුනොත් පරවෙනවා නම් සිකුරුය. බැසිල් මහතා කියන විදියට පර නොවන්නේ නම් පිපෙන්නෙත් නැත. අප සිතිය යුත්තේ කෙසේද?
සම්මුති ආණ්ඩුව හදපු දවසෙ ඉඳලම පක්ෂ දෙකම කීවේ මැතිවරණ වලදි වෙන වෙනම තරඟ කරනවා කියලනේ.. අපි දන්නවා සම්මුති ආණ්ඩුව කඩා ගන්න ඕනේ කාටද කියලා..
මේ තීරණය මහා චන්දයකට පෙර මුට්ටිය දාල බැල්ලිලක්.
අනේ අපොයි මේ දෙසපලකයෝ අපිව රවට්ටන බව මේ මෝඩ තකතීරු මිනිසුන්ට නොපෙනෙන හැටි. UNP කාරයාහැමදාම UNP ය ඒ ගැන විවාදයක් නැත. එත් බොහෝ ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මේ දීගය රුස්සන්නේ නැති නිසා ඔවුන් මහින්ද පිලට එකතුවී ඇති බව ශ්රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ දනිති. මේ දීගය නොරුස්සන, මහින්ද පිලට එකතු ඒ කොටස නැවත එක්කර ගැනීමට ඇති එකමක්රමය දික්කසාද උන බව පෙන් වීමය. එහෙත් චන්දය අවසාන් වූ පසු නැවත මේ දීගය පටන් ගන්නවා සහතිකය.
මේ පක්ෂ දෙක කුලල් කා ගන්නවා. රට ප්රපාතයට යනවා ඔය පක්ෂ දෙක හින්දා... තව අවුරුදු 100යක් ගියත් රට ඔතනමයි.
යූ.එන්.පී කාරයෝ වැඩි දෙනෙකුත් සිංහලයෝය. ඒ අය එකතු වීමේ වැරැද්ද කුමක්ද?
මෙදා දිනන්නේ පෙරටුගාමින් සහ ගම්පහින් මර්වින් අයියාගේ පක්ෂයයි.
බොරුවෙන්, වංචාවෙන්, පාවාදීමෙන් තමයි හැම දෙයම කරන්නේ. රට විනාශ කරන මේ රැල සහ ඒ අයගේ වන්දි භට්ටයන් වහාම පලවා හැරිය යුතුය. මොවුන්ගේ බස් විනාශයටම පමණයි.
නමින් පමණක් සිංහලයන් එ.ජා.ප.යේ ඉන්නවට වඩා නමින් පමණක් බෞද්ධයන් කොපමණ ඉන්නවද? ඒ ගැනයි අවංකවම කණගාටු විය යුත්තේ.
අපි කවදත් ආඩම්බර යූ.එන්.පී. තමයි. ලංකාවේ ප්රබලම තනි පක්ෂය මෙයයි.
අති ගරු ජනාදිපති තුමාට නිදහස් පක්සේ චන්දෙවලින් 90% වැඩිය ලැබෙනවා. පොහොට්ටුව පරව්ව්ල යනවා.2020 නිදහස් පක්සේ සහ එජාපෙ සන්දනේ ජනපති ඔබි.
තනි තනිව ඉල්ලලා බලන්න. ඊට වැඩියෙන් ඔවුන්ට ගන්න බැහැ... හැබැයි ශ්රී ලංකා ඡන්ද වලින් මන්ත්රී කමක් ගන්නවා. නියම ශ්රී ලංකා කාරයා ගෙදර... ඕන්න වෙනදේ.
ජේ.ආර්.මාමා මේ රටේ අගමැති වුනේ වයස 71 දී.ජනාධිපති වුනේ වයස 72 දී.ඒවගේ බෑණා ජනාධිපති වෙන්නෙත් වයස 72 දී ( 2020 දී ) දැන් බෑනට 69 යි. උපන්නේ 1948 දී. මෙය ලංකා දේසපාලන ඉතිහාසයේ ඓතිහාසික සංසිද්ධියක් වීමට තිබෙන සම්භාවිතාව වැඩිය.