උපුල් හේරත්
තම මව්පියන්ගේ ජීවිත බිල්ලට නොදී වෛද්‍ය සිසු සිසුවියන්ගේ ගැටළුවට ස්ථීර විසැදුමක් දෙන්නැයි බල කරිමන් සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවක් අනුරාධපුර නව බස් නැවතුම් පොළේදී අද (4) පැවැත්විණි.වෛද්‍ය සිසු සිසුවියන්ගේ මාපිය සංගමයේ කඳවුරුම්කරු කියන ආර්. රාජපක්ෂ මහතා කියා සිටියේ ලබන 6 වැනි තෝරාගත් ස්ථාන රැසකදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. වෛද්‍ය සිසු සිසුවියෝ මාස 10ක කාලයක සිටි සයිටම් ආයතනයට විරෝධය පා පන්ති වර්ජනයක යෙදී සිටිති



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කොලඹ ජාතික රෝහලේ ස්නායු ඒකකයේ දිනපතා පැවැත්වෙන සායනවලට රෝගීන් 100 කට වඩා පැමිණෙනවා. නමුත් වෛද්‍යවරු රෝගීන් 10 කට වඩා බලන්නේ නැහැ. (වගකීමෙන් කල ප්‍රකාශයක්) ... ඔවුන් ඊට පස්සේ යනවා පුද්ගලික රෝහල්වල සේවයට. ඉතුරු රෝගීන් යන්න ඕනේ දහස් ගණනින් මුදල් ගෙවා එම වෛද්‍යවරුන්ගේ පුද්ගලක සායනවලට. වර්තමාන වෛද්‍යවරුන්ගේ මෙම පහත් නින්දිත ක්‍රියාව නවත්වන්න නම් සයිටම් වගේ පුද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල 50ක් වත් මේ රටේ ඇතිවෙන්න ඕනේ.
අනුන්ගේ ළමයින්ගේ ඉගෙනීමේ ප්‍රමිතියක් ගැන වදවේවි, තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපනයත්, අනාගතයත් කඩාකප්පල් කරගන්නා කුහක, කාලකන්නි පිරිසක්.
'වෛද්‍ය සිසු සිසුවියෝ මාස 10ක කාලයක සිට සයිටම් ආයතනයට විරෝධය පා පන්ති වර්ජනයක යෙදී සිටිති' මේ කට්ටියට මාරාන්තික උපවාසය දිගටම කරන්න ඉඩ දෙන්න. අම්මලා, තාත්තලා ළමයින්ට ඉගෙන ගැනීමට උදවු කරනවා වෙනුවට මේ අය උපවාස කරන්න තමයි අනුබල දෙන්නේ. හොඳ වෙලාවට අපට මෙහෙම මවුපියන් නොලැබුණේ.
මොන විසඳුම දුන්නත් වැඩක් නැත. මේ විරෝධය ඉවර වෙන්නේ සිටම් එක වහලා බිල්ඩිමත් බුල්ඩෝසර් කරලා පොළවට සමතලා කරපු දවසට තමයි.
මාරාන්තික උපවාසයකට (අවසාන කැමති පත්‍රය ලියා තබා) යන පුද්ගලයින්ට රජයෙන් ඒ සඳහා පහසුකම් සලස්වා දිය යුතුයි. ලෙමන් පෆ් , තැඹිලි ආදිය ගෙනයාම වලකා ඒ අයගේ මානව හිමිකම් ආරක්ෂා කර ඔවුන්ගේ සිතැඟි පරිදි උපවාසයට ඉඩ දිය යුතුයි. එහෙම කලොත් කී දෙනෙක් මේ උපවාසයට එයිද?
ඔබගේ මාරාන්තික උපවාසයට ජයවේවා! තව තවත් සයිටම් විරෝධී පිරිස් එකතු වේවා! අර බංකොලොත් නඩේ කට්ටියත්, අන්තරේ ඉන්න නිදහස් අධ්‍යාපන ගැලවුම් කරුවන් පිරිසත් මේකට එකතු වේවා! අතරමගදී මාරාන්තික උපවාසය නවත්වන්නට හිතක් පහල නොවේවා!
තමන්ගේ ළමයින් ඉගෙන ගන්නේ මහජන බදු මුදල් වලින් නම්, අනුන්ගේ ළමයින් අධ්‍යාපනය ලැබිය යුත්තේ කොයි ක්‍රමයට දැයි තීරණය කිරීමට ඔබට අයිතියක් නැත. ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රමිතිය අදාළ නිලධාරින් බලා ගනීවි. වැඩිය දඟලන මේ කුහක දෙමව්පිය කොට්ටාශයට අන්තිමට යන්න වෙන්නේ මහලු නිවාස වලට. මොකද තමන්ගේ ළමයින්ට උගන්වන්නේ තමන්ගේ වැඩේ කර ගන්න ආකාරය විතරයි.
මේක අපිට දැන් පේන්නේ තනිකරම අනුන්ගේ ළමයෙකු දොස්තර නෙවෙයි ලිපිකාර තනතුරක් වත් ලබා ගන්නවාට අකමැති කුහක වැඩිහිටි සටනක් වගේ. මේ මිනිස්සුන්ට මතක නැහැ තමන්ගේ ළමයා ඉගෙන ගන්නේ මහජන මුදලින් කියලා. හොඳයි මේ රටේ බදු ගෙවන මිනිස්සුත් හෙට පාරට බැහැලා මාරාන්තික උපවාස කළොත් අපිට බදුගෙවන්න බැහැ කියලා... මොකද කරන්නේ?
මෙලෝ හසරක් දන්නේ නැති පිරිසක්... අනේ මාරාන්තික උපවාස කරලා හරි මේ රටේ කුහක ජනගහනය අඩු කරන්න.
මේ වගේ කුහක දෙමව්පියන් තමයි අනුන්ගේ ළමයෙකුට තමන්ගේ සටහන් පොතක් වත් නොදෙන කුහක තරුණ පරම්පරාවක් බිහි කරන්නේ. හරිම කණගාටුයි. මේ රටේ ගුරුවරුත් තමන්ගේ ළමයා විතරයි ඉගෙනගන්න ඕන කියලා හිතුවොත් මොකද වෙන්නේ?
තමන්ගේ දරුවන්ට දොස්තරලා වෙන්න අවස්ථාව පෑදිලා තිබෙන කොට ඒ ගැන හිතල සන්තෝෂයෙන් ජිවත් වෙන්නේ නැතුව, අනුන්ගේ දරුවෝ දොස්තරලා වෙන එක නවත්වන්න, මැරෙන්න වුණත් සුදානම් මෝඩ කුහක දෙමවුපියෝ... මේ ගොල්ලන්ගේ දරුවෝ ඉදිරියට දොස්තරලා වුණාම හොඳට හිටීවි. දෙමවුපියෝ මෙහෙම නම් දරුවන් ගැන කුමන කතාද? අසරණ රෝගීන්ට බුදු සරණයි, මම ජීවත් වෙන රටේ (ජර්මනියේ) රජයේ විශ්ව විද්‍යාලත් තිබෙනවා. පුද්ගලික විශ්ව විද්‍යාලත් තිබෙනවා. විභාගවල ප්‍රමිතිය බොහෝ දුරට එක සමානයි. මේ වගේ වර්ජන නැත. මෙහෙ තිබෙන දේශපාලන පක්ෂ දෙෂප්ලනයට සිසුන් යොදාගන්නේ නැත. මරාගෙන මැරෙන කුහක දෙමවුපියන්ද මෙහෙ නැත. දොස්තරලත් ප්‍රමාණවත් තරමට ඇත.
රටේ පුද්ගලික අධ්‍යාපනයට බොහෝ විට විරුද්ධ වන්නේ සරසවි තුල සිටින අතලොස්ස පමණයි. වසරක් පාසා සරසවි වලට ඇතුල් වීමට සුදුසුකම් තිබියදීත්, දිස්ත්‍රික් පදනම, සීමාසහිත ඉඩකඩ වැනි හේතු උඩ, තමන්ට අවශ්‍ය තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි වන 80% වැඩි ශිෂ්‍ය ප්‍රජාව, රටේ පුද්ගලික අධ්‍යාපන ආයතන බිහි වීම ගැන පක්ෂයි. එම නිසා රටේ බහුතරයක් සයිටම් වැනි පුද්ගලික ආයතන වලට විරුද්ධ යයි කීම මිත්‍යාවක් පමණයි. එමෙන්ම, රාජ්‍ය ආදායමින් 90% වැඩි ප්‍රමාණයක් ණය ආපසු ගෙවීමට සිදු වී තිබෙන යුගයක, රටේ සියලු අධ්‍යපන අවශ්‍යතා රජයෙන් ලබා දිය හැකි යයි සිතීමත් මිත්‍යාවක් පමණයි.
මේ දෙමාපියන්ද කියල කියන්නත් අප්පිරියයි. ඔබල කල යුත්තේ ඔබගේ අහිංසක දරුවන් පන්ති වලට යැවීම නොවේද? මෙම සටනෙන් අවසානයේ පාඩු විඳින්නේ ඔබේ දරුවන් පමණක් බව ඔබලට තේරෙන්නේ නැද්ද? දොස්තරලා ඔවුන්ගේ පෞද්ගලික චැනල් එක දවසක්වත් නැවැත්තුවද? ජේ වී පී නායකයන්ගේ දරුවන් ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල බව ඔබලා නොදන්නේද? පෙරටුගාමී නායකයා ඕස්ට්‍රේලියා පුරවැසියෙක් බව ඔබල නොදන්නේද? ඔහු ඕනෑම වෙලාවක රටහැර යා හැකිය. තරමක් බුද්ධියෙන් සිතන්න. දරුවන්ගේ අනාගතය විනාශ නොකර ඔවුන් අධ්‍යාපනයට යොමු කරන්න. එක එක මානසික රෝගීන්ට වහල් කම් කරන එක නවත්වන්න තවත් යමක් කිව යුතුයි. ලෝකයේ උසස් අධ්‍යාපනය නොමිලේ දෙන එකම රට ලංකාව බව ඔබලා නොදන්නවා ඇති. සියලුම රටවල උසස් අධ්‍යාපනය සඳහා මුදල් අයකරන අතර එම ආයතන ලාභ නොලබන ආයතන ලෙස පවත්වාගන යයි. සිසුන්ට මුදල් ආධාර දෙන අතර ඒවයේ රැකියාව කරන විට ආපසු අය කර ගනී. ලිඳේ සිටින ගෙම්බන් වගේ නැතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
මෙම උපවාසයෙන් මියයන අයගේ පාංශූකුලයට අවශ්‍ය පිඟන් සහ කෝප්ප මගෙන් !!!
දිගටම කරගෙන යන්න දෙන්න. බලමු කොයි පැත්ත දිනයිද කියලා.. විමල්වත් උපදේශකයෙක් හැටියට පත්කර ගන්න.
මේ කුහක මිනිසුන්ට තිබෙන්නේ සයිටම් එකේ ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නයක් නොව ඒක කොහොම හරි වහල දමලා රටේ අනාගතයේදී බිහිවන දොස්තරලා ප්‍රමාණය අඩු කරලා, තමන්ගේ දරුවන්ගේ අනාගතයේදී මල්ල පුරවන්න. රටේ ජනතාව විදින දුක ගැන මේ ගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ
මේ දෙමව්පියන් හිතන්නේ නැහැ අනුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කිරීම ඊළඟ ආත්මයේ මන්ද බුද්ධික දරුවන් ලැබීමේ පවක් බව. ඔවුන්ගේ අධ්‍යාපන ආයතන වල නුසුදුසු කම් නොව දැන් දැන්අපිට නම් දැනෙන්නේ කුහක දොස්තර දෙමාපියන්ගේ විහිළුවක් විදියටයි. සමහරු කැමති තමන්ගේ ළමයා ඉහල රැකියා තලයේ තබා අනුන්ගේ ළමයා කම්කරු රැකියාවකට තල්ලු කර තෘප්තියක් ලැබීමටය.
වෙනත් දියුණු රටවල උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමව්පියන් මේවා දැකලා හිනා වේවි. තව ටිකකින් මේ කුහක දෙමව්පියන් උපවාස කරාවි අල්ලපු ගෙදර ළමයාට ප්‍රාථමික අධ්‍යාපනයක් වත් දෙන්න එපා කියලා !
' දෙමාපියන් මැරෙනතුරු උපවාසයට සූදානම් ' ලස්සන බැනර් එක.. රජය මේ විසඳුමට එහා කිසිම දෙයක් දෙන්න එපා. සයිටම් එක ජනසතු කලේ නැහැනෙ. ඒක ප්‍රමිතියක් ඇතුව පවත්වාගෙනයන වෛද්‍ය විදුහලක් කරනවා විතරනෙ.. ඉගෙනගන්න කැමති අයට ඉගෙනගන්නත්, මැරෙන්න කැමති අයට නිදහසත් තියෙනව, ඒකත් මානව අයිතිවාසිකමක් නෙ.
රජයෙන් අන්තිමට ඉදිරිපත් කරපු විසඳුමෙනුත් අපිට පැහැදිලියි අදාළ ආයතනයෙ අඩු පාඩු තියෙනව කියන එක. ඒ වුනාට මේ විරෝධතා නොතිබෙන්නට අදාළ ඇමතිවරු සයිටම් වෙනුවෙන් උපරිමය කරල.
අවුරුද්දකට ළමයි 600ක් විතර පිටරට යනවා වෛද්‍ය විද්‍යාව හදාරන්න. එක ළමයෙක්ට සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් ලක්ෂ 4 වියදම් කරන්න ඕන. එතකොට අවුරුද්දකට රුපියල් ලක්ෂ 28800ක්. ඒවගේ බැචස් 5 කට අවුරුද්දකට ලක්ෂ 144000ක්. ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල 5ක් හැදුවොත් මේ සල්ලි තොගය පිටරටවලට යන්නේ නැහැ.
හරි දැන් දොස්තර කෙනෙකුගේ ළමයෙකුට සරසවියට යන්තම් ලකුණු මදි වුනා නම්, කුඹුරු කොටන්න යවන්නේ නැහැනේ. අතින් මුදල් ගෙවලා වෘත්තීය අධ්‍යාපනයක් හරි ලබා දෙන්නේ නැද්ද ? එතකොට ඔය පුද්ගලික අධ්‍යාපන ආයතන වලට විරුද්ධව මාරාන්තික උපවාස කරනවාද ?
මේවා සංවිධාන කරන කෑ ගහන ලාල් කාන්ත, ලහිරු වැනි අය අැයි 2015 ට පෙර කෑ ගැහුවේ නැත්තේ..... ඕක වැරදියි තමයි ඔතන A /l වලට කළා අංශයෙන් හිටපු ළමයි ඉන්නවා එක වැරදියි තමයි නමුත් දෙවියනේ ඕක මතක් වුනේ අවුරුදු 5-6 ගිහිල්ලද? ඒ ළමයි දැනටත් ඉගෙන ගෙන ඇති නේද? ඒ ළමයින්ට සහ රජයේ විද්‍යා විද්‍යාල වලට එකම විභාගේ තිබ්බම ඉවරයි නේද ? මිනිසුනේ ඔය තරම් කුහක වෙන්න එපා මේක වුනේ ඔබලාගේ ළමයෙකුට නම් ඔබ ගන්නේ මොන තීරණයද? මේ දෙයින් රජයේ වෛද්‍ය වරුන්ගේ අධිකාරිය නැති කල හැක. එකක් කිව හැක මේ පිටිපස්සේ බ කෑදර කමින් දඟලන පා.ම. මහින්ද වගේ කෙනෙක් ඉන්න ඕන හැබැයි මේක පටන් ගත්තේ එයා.
උපවාස කර මිය යන යට මිනි පෙට්ටිය මගේ ගානේ . පළමු 10 දෙනාට සුපිරි තෑගි . නොමිලේ මිනි ඇඳුම්......
දැනට රජය දීපු විසදුමේ සයිටම් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් නෙවිල් ප්‍රනාන්දු ඉවත් කොට, සයිටම් එක ලාභ නොලබන අධ්‍යාපන ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා. මෙම විසඳුමට විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයත් සහයෝගය පලකරලා තිබෙනවා. ආණ්ඩුවේ අාදායමෙන් 90% වියදම් කරන්නේ පසුගිය කාලයේ ලබාගත් ණය වාරික ගෙවීමටයි. තව තවත් රජයේ වෛද්‍ය විද්‍යාල රටේ ඇතිකිරීමට රජයට ආර්ථික වශයෙන් ශක්තියක් නොමැත. එමනිසා තව තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල රටේ ආරම්භ කලයුතුය. නමුත් සිසුන් බඳවා ගැනීමේදී අවම ප්‍රමිතියක් ගැසට් කල යුතු අතර විභාග රජයේ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවත්විය යුතු අතර සීමාවාසික පුහුණුව රජයේ රෝහල් වලින් ලබාදිය යුතුය. එතකොට මේ දොස්තරලගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැත.
විශ්ව විද්‍යාල වල පන්ති වර්ජන මෙහෙයවන පෙරටුගාමී නායකයාගේ දරුවෝ ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ බව ඔබ දන්නවද? පහුගිය කාලේ ලංකාවේ සිට ජීවිතාරක්ෂාව පතා පිටරටවලට පැනගිය සමාජවාදී නායකයෝ තෝරා ගත්තේ කියුබාව වැනි සමාජවාදී රටවල් නොව ඇමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වැනි ධනවාදී රටවල්ය. විශ්ව විද්‍යාල සිසුනි, තවදුරටත් ඔබලා මෙවැනි පුද්ගලයන් පසුපස ගොස් ඔබලාගේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නවද කියලා හිතලා බලන්න.
මෙවර රජයේ වෛද්‍ය පීඨ වලට තේරුණු ළමයින්ට දෙමව්පියන් සමග මේ විරෝධතාවයන්ට සහභාගි වෙන්න කියලා බලපෑම් කරනවා. නැත්නම් රැග් එක සැරවැඩි කරයි කියලා බයයිලු.
මේ දොස්තරලාට ඉල්ලීම් කෙළවරක් නැහැ. ශිෂ්‍ය දීමනා, නොමිලේ අධ්‍යාපනය මදිවාට වාහන බලපත්‍ර ළමුන්ට සුපිරි පාසල් ආදී වරප්‍රසාද කෙළවරක් නැහැ. එයිනුත් සතුටු නොවන මේ උදවිය ඊළඟට අධ්‍යාපන අයිතිය ඇත්තේ තමන්ට පමණක් යයි කියා කුහක මව්පියන්ද ඉස්සර කරගෙන දැන් තවත් නාඩගමකට සැරසිලා. වෙනත් දියුණු රටවල දොස්තරකම යනු අවුරුදු පතා බලපත්‍ර අවශ්‍ය වෙන තවත් එක වෘත්තියක් පමණයි. ලජ්ජා නැද්ද තමන් වැඩිහිටි වෙලාත් මහලු දෙමව්පියන්වත් ඇදගෙන මෙහෙම වැඩ කරන්න. හරියට මොන්ටිසෝරියේ බබාලා තරහ වෙලා අම්මලා එක්කගෙන ගුරුතුමීට නඩුව කියන්න එනවා වගේ.!
මගේ නංගි කොළඹ කාන්තා විද්‍යාලයකින් උසස් පෙළ සමත් වුණේ දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු දෙකක් අඩුවෙන්. එයාට වඩා ලකුණු පනහක් අඩු පිට පළාත් වල සිසුන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුනා. දැන් මේ කුහක මිනිස්සුන්ගේ අධ්‍යාපන රීතිය අනුව මගේ නංගිව යවන්න ඕන ගොයම් කපන රස්සාවකට. ඇයි මේ ගොල්ලන් කියන්නේ වෛද්‍ය සිසුන් විතරයි. මේ රටේ උගත්, බුද්ධිමත් එකම මනුෂ්‍ය කොට්ටාශය කියලා.
මම ජිවත්වන ජර්මනියේ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් තිබෙනවා , එම රක්ෂණ ක්‍රමය අනුව වැඩියෙන් උපයන පුද්ගලයන් ඒකට වැඩි දායක මුදලක් ගෙවන්න ඕනේ. අඩුවෙන් හම්බකරන පුද්ගලයන් ගෙවන්නේ අඩු දායක මුදලක්. යුරෝ 450 ට අඩුවෙන් උපයන සහ දිළිඳු සහන ලබන පුද්ගලයන්ට මෙම රක්ෂණ ආවරණය නොමිලේ. මෙහෙ රජයේ රෝහල් නැත ඔක්කොම පුද්ගලික රෝහල්. අපි ලෙඩ වුනහම අපිට කැමති රෝහලකට යන්න පුළුවන් ඔක්කොම වියදම් දරන්නේ රක්ෂණයෙන්. දුප්පත් පොහොසත් සැමට ලැබෙන්නේ එකම විදිහේ සේවයක්. දොස්තරලා රෝගියෙක් අඩුම තරමේ විනාඩි 10-15 පරික්ෂා කරනවා. ලෙඩේ ගැන විස්තර, දෙන බෙහෙත් ගැන විස්තර හොඳට පැහැදිලි කරලා දෙනවා. විශේෂ වෛද්‍යවරුන්ට කියල බලව ගන්න මෙහෙ වගේ රජයේ රෝහල් වල වගේ පෝලිමේ ඉන්න ඕනේ නැත. දොස්තර කියන්නේ විශේෂ වරප්‍රසාද සහිත රැකියාවක් නොවේ වාහන පර්මිට් වැනි දේවල් මෙහෙ ඔවුන්ට නැත. ඔවුන්ට මෙහෙ නිසි විදිහට ආදායම් බදු ගෙවන්න සිද්ධ වෙනවා ජනතාවගේ අවශ්‍යතා සපයන්න දොස්තරලා උවමන පමණත් වැඩියෙන් ඉන්නවා. ලංකාවේ ඉන්න කුහක දොස්තරලා , වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමවුපියන්ගේ(හැමෝම නොවේ ) ක්‍රියාකලාපය දැක්කම ඇති වෙන්නේ හරිම කණගාටුවක්
ජර්මනියේ සෑම දොස්තර කෙනෙකුම ලක්ෂ 20 ක පඩියක් ගන්නවා කීම විහිළුවකි. ආධුනික දොස්තරලගේ පඩිය ලංකාවේ මුදලින් ලක්ෂ 10 ට අඩුය. සමහර දක්ෂ දොස්තරලා මාසෙට ලක්ෂ 40 සිට ඉහලට හම්බ කරති. මෙහෙ සමහර දක්ෂ කම්කරුවෝ මාසෙට ලක්ෂ 10 ට වැඩියෙන් හම්බ කරති. මෙහෙ ජිවන වියදම ලංකාවේ මෙන් 10 ගුණයකට වැඩිය. මෙහෙ දොස්තරලට හිතු හිතු විදිහට වර්ජන කල නොහැක. දොස්තරලා අයත් වෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට. ඔවුන්ට වර්ජන කරන්න ඕනේ නම් උසාවියේ අවසරය ගත යුතුය. නැතුව වර්ජන කරන්න ගියොත් හිරේ යන්න පුළුවන්. දොස්තරගේ හා දක්ෂ පළපුරුදු කම්කරුවගේ ජිවන තත්වය අතර වැඩි වෙනසක් නැත. මෙහෙ රෝහල් වල රෝගියාට මුල් තැන දෙන අතර රෝගීන්ට සලකන්නේ සංචාරක හෝටලයකට පැමිණි අමුත්තන්ට සලකන ආකාරයෙනි. මෙහෙ උසස් පෙළ කරන සිසුන් දෙදෙනෙකුගෙන් එකෙනෙකුට විශ්ව විද්‍යාලයට යාමට අවස්ථාව ඇත. ලංකාවේ සමහර කුහක උගත් මිනිස්සු අනුන්ගේ ඉගෙනීමට අකුල්හෙලති. මෙහෙ එහෙම දෙයක් නැත.
මේ අය සූදානම් වෙන්නේ තමන්ගේ වැඩ පැත්තක තියල රට හදන්න. ටික දවසක් මේ අයට රට භාරදීලා බලමු රට හදන හැටි