ඩුලිප් - ප්‍රසන්න ඇතුළු 10ක් කසළ නඩුවෙන් නිදහස් කොළඹ නගර සභාව මගින් කිරිඳිවැල මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්ථානයට කසල රැගෙන ඒමට බාධා කළැයි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා ඇතුළු 10ක් නඩුව අවසන් කරමින් නිදහස් කර හැරීමට පූගොඩ මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(10) තීන්දු කළාය. 01 August 2017
නිදහස් වී පසු දිනම අත්අඩංගුවට හෙරොයින් ළඟ තබා ගැනීමේ සහ සොරකම් කිරීමේ චෝදනා මත වසරක් රිමාන්ඩ් කරනු ලැබ සිටි පුද්ගලයකු ඇප මත නිදහස් වී පැමිණි පසු දිනම හෙරොයින් පැකට් 127ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි. 01 August 2017
වටරැක විජිත හිමි අත්අඩංගුවට ජනාධිපති කාර්යාලය අසල කළහකාරී ලෙස හැසිරුණැයි සැකපිට ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 August 2017
සහල් මිල අඩුවෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් මිල අඩු කිරීමට රජය තීරණය කර තිබේ. 01 August 2017
සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක් මාකස් ප්රනාන්දුමාවතේ පිහිටි සිංහල ශබ්දකෝෂ කාර්යාලයයේ ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. 01 August 2017
වල්ලපට්ටා සමග චෙන්නායි යන්න හැදූ අයෙක් කොටුවෙයි නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගයක් සමග පුද්ගලයකු අද(1 ) කටුනායක ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. 01 August 2017
ස්විස් තරුණිය දූෂණය කළැයි ත්‍රී රෝද රියදුරු රිමාන්ඩ් ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක්(22) අනුරාධපුර නගරයේදී බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් සිර කර තබා ගෙන බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරකු අගෝස්තු 11 තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 01 August 2017
සැමියා බිරිඳගේ හිසට මන්නෙකින් පහර දිලා රැකියාවට යමින් සිටි 21 හැවිරිදි කාන්තාවකට පිළියන්දල මිරිස්වත්ත කොට්ටාව මාර්ගයේ දී 34 හැවිරිදි ඇයගේ සැමියා හිසට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි. 01 August 2017
‘ශ්‍රී ලංකාව හරහා බටහිරට මත්ද්‍රව්‍ය බෙදා හැරෙයි‘ ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හෙරොයින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව හරහා බටහිර රටවල් වෙත මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සඳහන් කර ඇතැයි එරට පළවන ‘ඩෙකෑන් ක්‍රොනිකල් ‘ පුවත්පත වාර්තා කරයි. 01 August 2017
තෙල් සංස්ථා සේවකයින්ට ඇප කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ උද්ඝෝෂණයක නිරතවූ බව කියන එහි සේවකයන් 16 දෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(1) නියෝග කළේය. 01 August 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නොමිලේ ප්‍රතිකාර ඇරඹෙයි මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අද (1) සිට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ක්රීයාත්මක ශික්ෂණ රෝහලක් ලෙස රෝගී සත්කාරක සේවා ආරම්භ කළේය. 01 August 2017
රුසියා - ඇමරිකා තානාපතිවරු විදේශ ඇමැති හමුවෙති ශ්‍රි ලංකාවේ, රුසියා තානාපති ඇලෙක්ස්සැන්ඩර් ඒ කර්චාවා සහ ඇමරිකා තානාපති අතුල් කෙෂාප් මහත්වරු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවුහ. 01 August 2017
හම්බන්තොට වරාය ගිවිසුම නිසා වයඹත් උණුසුම් වෙයි හම්බන්තොට වරාය චීනයට පැවරීම ඇතුළු කරුණු කීපයකට විරෝධය පළ කිරීම සඳහා වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් හැර ආණ්ඩු පක්ෂයේ අනෙක් සියළුම මන්ත්‍රීවරු අත්වල කළුපටි බැඳ පෝස්ටර් ප්‍රදර්ශනය කළහ. ඊට විපක්ෂයේ එජාප මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමග සභා රැස්වීම දැඩි උණූසුම් මුහුණුවරක් ගත්තේය. 01 August 2017
වෑන්-ලොරි අනතුරෙන් දෙදෙනෙක්ට බරපතලයි යාපනය-නුවර ඒ 09 මාර්ගයේ වවුනියාව,මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේදී අද (01) උදැසන වෑන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වවුනියාව පොලිසිය පවසයි. 01 August 2017
කෝපායි සිද්ධියට දෙන්නෙක් සැකපිට යාපනය කෝපායි ප්‍රදේශයේදි පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් කපාකොටා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව යාපනය කෝපායි පොලිසිය පවසයි. 01 August 2017
ටිපර් රියෙන් මරුවා එයි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තොලඹුගොල්ල ප්‍රදේශයේදී අවමංගල නිවසකට සහභාගි වී මාර්ගය මාරුවිමට ගිය පදිකයකු ටිපර් රථයකට යටවී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 01 August 2017
මාතරට සහ රත්නපුරට පූර්ව අනතුරු ඇඟවීම් ඉකුත් පැය 24ක කාලයේදී මිලිමීටර 100ක ඉක්මවා වර්ෂපාතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක 2ට ඉදිරි පැය 24ක කාලය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (31) රාත්‍රී 8ට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළේය. 31 July 2017
මහින්දානන්දට රට යන්න අවසර අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම්ව සිටි හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන 8 වැනිදා සිට දින 16ක් විදෙස් ගතවීම සඳහා අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(31) තීරණය කළේය. 31 July 2017
අර්ජුන ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරයකුට අවසර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට කොමිසමේ විනිසුරුවරුන් අද (31) අවසර දුන්නේය. 31 July 2017
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සෙබළා අල්ලස් දැලේ පැටලෙයි කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනියුක්ත 6වැනි විජයබා රෙජිමේන්තුවේ සෙබළකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයකුගෙන් රුපියල් 6000ක අල්ලසක් ලබාගනිද්දී අද(31) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 31 July 2017
කුඩු ඇද්ද තරුණියක් අත්අඩංගුවට ලුණු සංස්ථාවේ කළමනාකාරවරයකුගේ දියණියක් (25) තවත් දෙදෙනකු සමග සුඛෝපභෝගී මෝටර් රියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් රැගෙන යද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 31 July 2017
රාජ්‍ය ආයතන 42ක් කෝටි 9000ක් ණය වෙලා රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 31 July 2017
රහස් පොලිසිය දෙමළ සන්ධානයේ තිදෙනකුගෙන් ප්‍රශ්න කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම හා තවත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා ඇතුලූ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (31) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය කියයි. 31 July 2017
තෙල් සේවකයින්ට පහරදුන් අය අල්ලන්න නියෝග කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට පැවැති සේවක උද්ඝෝෂණයේ දී ඛනිජ තෙල් සංස්ථා සේවකයින්ට පහරදුන් බව කියන සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද(31) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කළේය. 31 July 2017
අධිකරණ ඇමැති අයින් කරන්නැයි නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කළයුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නියෝජ්‍ය අමාත්‍යවරයකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බව වාර්තාවේ. 31 July 2017
තෙල් බෙදාහරින්න බාධා කළ 16 කට වරෙන්තු කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වා ඉන්ධන බෙදාහැරීම අක්‍රමවත් කර ජාතික ආරක්ෂාවට සහ මහජනයාට පීඩාවක් වන අයුරින් කටයුතු කළැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක ඇතුලූ නායකයින් 16 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (31) වරෙන්තු නිකුත් කළේය. 31 July 2017
වැලිකඩ රැදවියන් 27 මිය යාම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම කල්යයි 2012 වසරේ නොවැම්බර් මාසයේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පති හා රහස් පොලිස් අධ්‍යක්ෂකට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සැප්තැම්බර් 12 වැනි දා සළකා බැලීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී. 31 July 2017
පොලිසියට පහරදීම ආවා කල්ලියේ වැඩක් - පොලිස්පති යාපනය කෝපායි ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත සිදුකළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවත් මෙම කල්ලියට නායකත්වය සපයන්නේ හිටපු කොටි සාමාජිකයෙකු බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (31) යාපනයේදී පැවසීය. 31 July 2017
කෝටි 26ක ඉඩමකට හොර ඔප්පු හැදූ 8ක් දැලේ අගනුවර පිහිටි රුපියල් කෝටි 26ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා විකිණීමට උත්සාහ කළ බව කියන යුද හමුදා විශ්‍රාමික කපිතාන්වරයකු ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 July 2017
පොලිසියට හා නාවික හමුදාවට සෙල්ලම් දැමූ 5ක් අත්අඩංගුවට පේදුරුතුඩුව කැටේ හන්දියේ පොලිස් මුරපොළකට පහර දී අලාභ හානි සිදුකිරීමට සහ පේදුරුතුඩුව නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 31 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026