(හේමලතා ඩී හේවගේ)
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැගෙනහිර ගෝනුල්ල ප්‍රදේශයේ ජලය අලෙවි කිරීම සඳහා පෞද්ගලික ඉඩමක ඉදිකරමින් පවතින නල ළිඳ නතර කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (31) මාකඳුරේදී විරෝධතාවයක නිරත වුහ.
මුඵ වයඹ පළාතේම ජනතාව වසර දෙකකට වැඩි කාලයක් ජලය නොමැතිව පීඩා විඳි බවත් මේ දිනවල වර්ෂාව පැවතියද තවමත් ළිංවල ජලය නිසි ප්‍රමාණයට නොමැති නිසා මහා පරිමාණයේ නල ළිං ඉදිකිරීම තුළින් නුදුරු කාලයේදී දැඩි ජල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් විරෝධතාකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ භූගත පිරිසිඳු ජලය අභාවයට යන ස්වාභාවික සම්පතකි. බොහෝ රටවල මෙන් ලංකාවේද භූගත ජළ පාලනය ගැන හිතුවොත් තමා හොඳ.
මේ නල ලිඳ ගැඹුරු නල ලිඳක් වෙන්න ඕන. මේ නිසා අවට ළිං වල වතුර අඩු වෙන්න හේතුවක් නැහැ. මොකද ගැඹුරු නල ලිඳකට වතුර එන්නේ මතුපිට පොළවෙන් නොවන නිසා ලංකාවේ දැන් මොනවා කලත් විරුද්ධ වෙන්න මිනිස්සු ඉන්නවා. ඉස්සර කාලේ මිනිස්සු තමන්ගේ ඉඩම් වල කාණු කපල වැහි වතුර පොලවට උරාගන්න වැඩ කලා. ඒකෙන් පොලවේ ජල මට්ටම පාලනය වුණා. දැන් ඉන්න අය විරෝධතා කර කර බයිලා ගහ ගහ ඉන්නවා
මාකඳුරේ නෙස්ලේ කර්මාන්තශාලාවේ නල ලිඳ මෙයාලා දැක්කේ නැද්ද. මේ විරෝධතාවයට පාදක වී ඇත්තේ මිනිසුන්ගේ කුහකකමයි. කෙනෙකුගේ දියුණුවට බාධා කිරීමෙන් ලබන සතුට ලබාගැනීමයි.
ලංකාවේ දැන් මොනවා කලත් විරුද්ධ වෙන්න මිනිස්සු ඉන්නවා. පාරේ නිදියනවා, ටයර් ගිනි තියනවා. හානිය අදාල පුද්ගලයන්ගෙන් අය කර ගන්න ඕන. මාර්ග අවහිර වෙලා මොන තරම් ජන ජීවිතය අඩාල වෙනවද. මේවා නිර්මාණය කරන්න මාධ්‍ය ගොඩක් උදව් කලා. මේවා පාලනය නොකලොත් ඉදිරියේදී හැමෝම නීතිය අතට ගන්නවා.
ශාන්ත, ධම්ම නල ලිං කැපීමෙන් භූගත ජල මට්ටමට හානි විය හැකියි. අන්තර්ජාලයට ගොස් හෝ දන්නා කෙනෙකු ගෙන් අසා දැනගන්න
මේ සමාගට ගස් 1000 ක් කාලයක් පළමුව සිටුවන්න නියම කරන්න. ඉන් පසු ඇවුරුදු 05කින් ව්‍යාපාරයට අවසර දෙමු.
මේ විරෝධතාවයට ඇති පදනම මොකද්ද?