රන්ජන් කටුගම්පොළ සහ මනෝප්රිය ගුණසේකර
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට ජීවීත තර්ජන එල්ල කළැයි කියමින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයෙකු වු ශනිල් නෙත්තිකුමාර මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
මෙරොන්තුඩුව මහගොනදූව අංක 119 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 28 හැවිරිදි ශනිල් ලක්ප්‍රිය නෙත්තිකුමාර මහතා ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා සහ බැඳුම්කර කොමිසමේ සාක්කිකාරියක වු අනිකා විජේසුරිය මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන විජිත් විජේසුරිය මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර කෙලියක්නෙ. දැන් හැම කෙනෙක්ම ඕනෙම වැඩක් කරල අත් අඩංගුවට ගන්න එපා කියල මුලික අයිතිවාසිකම් පෙත්සම් දානවා.
තමන්ට වගේම අනිකාටද නිදහස තිබිය යුතුය. ඒක දෙදෙනාගේම මූලික අයිතිවාසිකමක්වේ. කුම්බලා මාළු කෑවනම් දිරවපන් බළලෝ.
මමත් හොරකමේ යන්න ඉස්සර වෙලා ගහන්න ඕනේ අවට පොලිසි හතක රාලහාමිලාට පෙත්සම්. එතකොට මාව අල්ලනවා. බොරු.
අනික් මිනිසුන්ට තර්ජන කරලා බේරෙන්නයි කල්පනාව.
හරියට පුංචි කාලේ හොරා පොලිස් සෙල්ලම තමයි මතක් වෙන්නේ.
ඔයා හරියටම හරි හොරකම් කරපු කෙනාව අත් අඩංගුවට ගන්නැතුව හොරාව බේරගන්න හදන කෙනාව අත් අඩංගුවට ගන්නේ මොකටද .අනිත් ඒක දැන් තියෙන්නේ යහ පාලනේ බය වෙන්න එපා
මෙයත් ගඟ හත් ගවුවක් තියා අමුඩේ ගහන කෙනෙක් වෙලා !!! වැරද්දක් කරලා නැත්නම් මොකටද බය වෙන්නේ ?
අනේ මන්ද මටනම් පිස්සු වගේ මේවා අහල. හරි විදිහට නම් හොරු ඉන්න ඕන මෙලහට හිරේ. ඒ වුනාට හොරු එලිය ඉඳන් උසාවියට පෙත්සම් ගහනවා, මාව අල්ලන්න එපෝ කියල, කාට කියන්නද මේවා.