නිමල කොඩිතුවක්කු
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස නිල්පාටින් අත ලකුණින් ඉදිරි පළාත් පාළන මැතිවරණයට තරඟ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා අද(31) පැවසීය.
මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලහි ලහියේ සුදානම් වන බවත් ඒ සඳහා නව සංවිධායකවරුන් පත් කිරීම මෙන්ම මැතිවරණ බල ප්‍රදේශවල ශාඛා ප්රතිසංවිධාන කටයුතු, ආසන සම්මේලන, දිස්ත්‍රික් සම්මේලන, පළාත් සම්මේලන හා ජාතික සම්මේලන ශක්තිමත් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහනය කරා මෙහෙයවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
පළාත් පාළන මැතිවරණය අහෝසි කිරීමටවත් කල් දැමීමටවත් කිසිම අවශ්‍යතාවයක් ශ්‍රිලනිපයට නොමැති බවත් එය ඉතාම ඉක්මනින්ම පවත්වන්නට කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා විශිෂ්ට තීන්දුවක් ඇමැතිතුමා. ජනාධිපතිතුමා ,අගමැතිතුමාගේ මඟපෙන්වීම යටතේ ජනතාව යහපාලනය භුක්ති විඳිනවා. සියලු දෙනාම ආණ්ඩුවට ආශිර්වාද කරන නිසා නිදහස පක්ෂය ඓතිහාසික ජයක් ලබා ගන්නවා .
ලොස් ඇන්ජලිස් වල මිනිස්සු නම් ආණ්ඩුවට ආශීර්වාද කරනවා ඇති. ලංකාවේ ඉන්න මධ්‍යස්ථ අපට නම් එහෙම දෙයක් පේන්න නැහැ චනක්. නැවත වරක් ශ්‍රීලංකා/යූඇන්පී කලවම් ආණ්ඩුවක් එයි වගේ.
මෙහි ප්‍රතිචාර දාන වැඩි දෙනෙක් ලොස් ඇන්ජලිස් වැනි බටහිර ජීවත් වෙන අය. ලංකාවේ ඉන්න අපියි දන්නේ සැබෑ තත්ත්වය.
රටකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්
මෛත්‍රී ජනාධිපතිතුමා ඉතා සාධාරණයි. එතුමාව ආරක්ෂා කරමු.
එකයි පැරදුන අය ජාතික ලිස්තුවෙන් ගත්තේ....
ඇත්තටම දැන් තියෙනවද ශ්‍රී.ල.නී.ප.කියල පක්ෂයක්.