තරිඳු ජයවර්ධන, ජනත් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත
බටපොල ඊරියපිටියේදී සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තුවාලකරුවන් අතර පියෙක් සහ දරු තිදෙනෙක් ද සිටිති.
පියාගේ මෝටර් රථයේ දෝෂයක් ඇති වී ඇති අතර එය සෑදීමට ගරාජ්කරුවකු ගෙන්වාගෙන තිබේ. ඔහු මෝටර් රථය සෑදීමෙන් පසු එම මෝටර් රථයෙන්ම ඔහු යළි ඇරලවීමට තම දරු තිදෙනාද සමඟ යද්දී ඊරියපිටිය පිට්ටනිය අසලදී වෙඩි තැබීම සිදුවී ඇත.
වෙඩි තැබීමෙන් පස් දෙනාම තුවාල ලබා ඇති අතර සිව් දෙනෙක් බලපිටිය රෝහලේ ද, එක් අයෙක් බටපොල රෝහලේද ප්‍රතිකාර ලබති.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඡායාරූප - දිපාල් ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අද ඉතාම අනාරක්ෂිත ලෙස පාතාල ග්‍රහණයට හසුවෙලා. අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීමට රජය නිසි ක්‍රමවේදයක් අනුගමනය කල යුතුයි ලුසේනා
පාතාලය දැන් අම්බලන්ගොඩ, පිටිගල පැත්තටත් ව්‍යාප්ත වෙලා.
මේක ලංකාවද සෝමලියාවද? හැමදාම කොහේ හරි වෙඩි තියෙනවා පොලිස්පති නිතිය නැමුවා වැඩිද මන්දා,,....?
අම්බලන්ගොඩනේ.. සිංහලනේ ... බෞද්ධනේ .. සිංහලයන් හට සිංහල දේශේට සරණයි දළදා සමිදුන්ගේ
මේක පෙර වෙච්ච ඝාතන වලට පලි ගන්න කරපු එකක් ද? ඇයි මේ පොලිසිය මේ කල්ලි දෙකේ ගැටුම නවත්තන්නේ නැත්තේ? දැන් කී දෙනෙක්ගේ ජීවිත නැති වුනාද, මේ පොඩි ළමයි මොන වරදක් කරාටද.
කොස්ගොඩ, බලපිටිය, බටපොල, අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල මෑත කාලයේ අපරාධ වල ශීග්‍ර වැඩිවීමක් මෑතකාලයේ පෙන්නුම් කරනවා, ඉක්මනින්ම මේ ගැන යම් පියවරක් නොගත්තොත් ඉදිරියේදී මීටත් වඩා දරුණු සිදුවීම් එම ප්‍රදේශ හා ඒ ලඟ ප්‍රදේශ වල සිදුවිය හැක
මේක ටි 56 පතොරමක් , මේවා පාවිච්චි කරන්නේ පාතාලයේ අය, ගිනි අවිය හසුරවන්නේ හමුදාවෙන් පලා ගිය කෙනෙක් අනිවාර්යෙන්ම, හමුදා සේවය නොනිල විදියට අත්හැර ගිය අය සහ නිවාඩුවට පැමිණ කුලියට අවි හසුරවන අයවලුන් හදුනාගැනීමට වැඩපිළිවලක් අවශ්‍යයි