(මහින්ද නිශ්ශංක)
ලංකා සතොස පොන්නි සම්බා සහල් සහ පරිප්පු මිල අද(1) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඒ අනුව සම්බා සහල් කිලෝවක මිල රුපියල් 80 සිට 78 දක්වා ද පරිප්පු කිලෝවක මිල රුපියල් 152 සිට 148 දක්වා ද අඩුකරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දය ඉතාමත් ලගයි .
කඩේ පරිප්පු 140 යි මොකටද සතොසේ යන්නේ....
හා එහෙනම් අපි කව්රුත් ආණ්ඩුවට ඡන්දය ලබා දෙන්න ඕනි.....
චන්දෙ ලං වෙනකොට ඔය වගේ සුකුරුත්තන්, හල්පාරු වැඩ කරන ඇමතිලා ඉන්න එකම රට ලෝකේ තියෙන. කලින් හිටපු අයත්, දැන් ඉන්න අයත්, බොරුවට කෑ ගහන අයත් ඔක්කොම කරන්නේ, හැමදාම ජනතාව ගොනාට අන්දන එක, ජනතාවත් කරන්නේ හැමදාම ගොනාට අඳින එක.
මම නම් බැන බැන අදෝනා නැ සතොසෙන් ගන්නේ
හාල්! පරිප්පු!! ඒවාට ඡන්දෙ දුන්න කාලේ ඉවරයි කියලා ඔය කව්රු කව්රුත් දැන ගත්තොත් හොදයි.
හාල් kg 1 අරන් ඉතුරු වෙන රුපියල් දෙකෙන් මොනවද කරන්න පුළුවන්..? සීනි බෝලයක් ගන්නත් බැහැනේ.
අද පුවත් සිරස්තල - 1. පුංචි ඡන්දයේ ගැසට් පත්‍රයට ඇමැති ෆයිසර් අත්සන් තබයි 2. සතොසේ හාල් හා පරිප්පු මිල අද රෑ සිට අඩුවෙයි 3. තෙල් මිල අඩු කරන්න යයි 4. ඖෂධ සංස්ථාවේ ඔසුසල්වලින් නොමිලේ ඖෂධ - අනේ වාසනාවන්
ශා, ආණ්ඩුව කොච්චර ශෝක්ද? හාල් රුපියල් 2කින්, පරිප්පු රුපියල් 4කින්ම අඩු කරලා. මෙහෙම ජනතාවට සහන දෙන මොළේ ඇති ආණ්ඩුවක් මීට පෙර මේ මිහිතලයේ තිබුනේ නැහැ. කලගුණ සලකන්න ඉක්මනට ඡන්ද තියන්නකෝ.
රුපියල් 100, 200ක එකකට රුපියල් 2ක් 4ක් කියන්නේ.මොකක්ද? මොනවද මේ විහිලු?
ඡන්දෙ ලගයි, ඡන්දෙ ලගයි අපේ රාජ්‍යයේ .
නිකන් පරිප්පු කන්න බලාගෙන ඉන්න පිරිස
ඇඟට දැනෙන්න රුපියල් විසිපහකින් තිහකින් අඩුකරන්නකෝ.
බඩු මිල අඩු කිරීම කොහොමත් හොඳයි. සීනි සහ ලුණු මිලත් අඩුකරන්න. පොහොට්ටුවට මොනවා අඩු කලත් වැරදියි.
පවු කරගහන්නත් අපේ පිට පවරලා තියෙන වෙලාවේ අපිට පරිප්පු දැන් හුගාක් ඔනිවෙනවා. මිල අඩු නොකර බැහැ නොවැ?
පරිප්පු 135 නාඩු 75 ට ගන්න පුලුවන් මතුගම සතොස ඉදිරිපිට වෙළඳ සැලෙන්
හැමදාම කන්නේ පරිප්පුනේ
කන බොන එකට ඡන්දෙ දෙන ජනතාවක් තවමත් මේ රටේ ඉන්නව කියල මම නම් හිතන්නේ නෑ. ඡන්දයට කලින් වෙලෙන්දො එක්ක ඩීල් දාල අඩුවට දුන්න බඩුවල පාඩුව පිරිමහ ගන්න ඡන්දෙ දිනුවට පස්සේ බදු ගහල වෙලෙන්දන්ට හම්බකර ගන්න අවස්ථාව සලසල දෙන ඇමතිල ඉන්න රටක් මේක. ප්‍රතිපත්තියක්, අනාගත සැලැස්මක් මොනවත් නෑ. බොරුවට දැක්ම 2025 දැක්ම 2030 කියල ලොකු පොත් ගහනවා විතරයි.