(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපතිවරයා එම තනතුරින් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුසු සභාපතිවරයකු පත් කරන ලෙස ජනපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී බී දිසානායක මහතාට ලිඛිතව දැනුම්දී තිබේ.
ඒ අනුව උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වත්මන් සභාපතිවරයා එම තනතුරින් ඉවත් කර නව සභාපතිවරයකු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉදිරි දිනවල පත් කෙරෙනු ඇත.
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස දැනට කටයුතු කරන්නේ රොෂාන් ප‍්‍රියදර්ශන ඉලංගසිංහ මහතායි. ඔහු උතුරු මැද පළාත් හිටපු වාරිමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය සරත් ඉලංගසිංහ මහතාගේ පුත‍්‍රයාය.
රොෂාන් ප‍්‍රියදර්ශන ඉලංගසිංහ මහතා එම තනතුරට පත් කළේ පසුගිය සැප්තැම්බර් 30 වැනි දා වන අතර ඔහු එම තනතුරේ වැඩ බාර ගනු ලැබුවේ ඉකුත් ඔක්තෝබර් 2 වැනි දාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හරියට නාවික හමුදාපති පත් කළා වගේ තමයි.
නුසුදුස්සන් ඉවත්කිරීම ජනාධිපති තුමා දිගටම කරගෙන යන එක නම් ඉතා හොඳයි. ඔන්න ඔහොම අනික් බරපතල රොඩු බොඩුත් ඉවත් කලොත් ජනතාව තීරණය කරයි මෙන්න රටට සුදුසුම නායකයා කියල.