සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් යෝජනාවලිය සාධනීය හා සුබවාදී යෝජනා මාලාවක් ලෙස පිළිගත හැකි බව රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2017 ඔක්තෝබර් 29 වැනිදා රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද නිවේදනය දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ලෙස මෙම යෝජනා මාලාව සාධනීය හා සුබවාදී යෝජනා මාලාවක් ලෙස පිළිගත හැකි බව ප්‍රකාශ කරන බව උපකුලපතිවරු කියා සිටිති.
ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු වෛද්‍ය සිසුන්ට සිය අධ්‍යාපන සහ සායනික පුහුණු කටයුතු කර ගෙන යාම සඳහා සුබවාදී තත්ත්වයක් ගොඩනැගී ඇති බැවින් වහාම සිය අධ්‍යයන කටයුතුවල නිරතවන ලෙස අවධාරණය කර සිටින බවද ඔවුහු සිය නිවේදනයේ සඳහන් කරති.
පසුගිය මාස ගණනාවක් තුළ රජයේ වෛද්‍ය පීඨවල සියළුම අධ්‍යයන කටයුතුවලට සිසුන් සහභාගි නොවීම නිසා රටේ සෞඛ්‍ය ක්ෂේත්රයට සිදුවූ අයහපත් බලපෑම මෙන්ම වෛද්‍ය සිසුන්ගේ අනාගතය සම්බන්ධව ඇති වී ඇති අවිනිශ්චිතතාවයන් සම්බන්ධයෙන් දැඩිව සලකා බැලීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කිරිමට උපකුලපතිවරුන්ගේ කමිටුව විසින් තීරණය කරන ලද බව ද එහි පෙන්වා දෙයි.
රජරට, කොළඹ, පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, සබරගමුව, වයඹ, අග්නිදග, ඌව වෙල්ලස්ස, සෞන්දර්ය කලා සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාල යන සියලු විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ගේ නමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
මේ සම්බන්දයෙන් සමහර දේශපාලන පක්ෂ සහ දේශපාළනය අනාගත රැකියාව ළෙස තෝරාගත් පුද්ගළයන් ප්‍රසිද්ද ප්‍රකාශ වලින් මෙයට විරුද්ධත්වයක් පෙන්වා ඇති නිසා ශිෂ්‍යයන් පැමිනීමට මැලි වියහැකි බැවින් පීඨාධිපතිවරු මගින් ඔවුන්ට පාඨමාළාව ආරම්භ කරන බව දන්වා, ආරක්ෂාවද සැපයීමද ඉටුවිය යුතුව ඇත.
සතුටු දායක ආරංචියක්. දැන්වත් සිසුන් ඉගෙන ගත්ත නම් හොඳයි. අපරාදේ තමාගේ ඉගෙනීම නැති කරගන්නේ නැතුව.
ආණ්ඩුව මුල ඉඳලම සෙල්ලම් කලේ බොහොම පරිස්සමෙන්, නියම වෙලාවට තුරුම්පු ආසියා විසි කලා,,, මේක තමයි නියම ආරම්භය පුද්ගලික වෛද්‍ය විදුහල් සඳහා. දැන් අන්තරේ, ඔවුන්ගෙ දෙමාපියන් හැර, දොස්තරලත් කැමතියි, පීඨාදිපතිවරුනුත් කැමතියි.. මෙහෙම තමයි වෙන්න ඕන..
මේ සේරම රටේ අනාගතය ගැන හෝ වටිනා දරුවන්ගේ අනාගතය ගැන හිතල කරන දේවල් නොවේ.
ඔය කොයි කවුරු ප්‍රසාදය පල කලත් නැට්ට පාගා ගත් අය තවමත් ඉන්නේ ඔවුන්ගේ අප්රසාදයේම නේද?
වෛද්‍ය සිසුන්ට විතරක්ද අනාගතයක් ඕන ? මේ රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය එකසේ ලැබෙන්න ඕන. කුහක ආත්මාර්ථකාමී තරුණ කොට්ටාශයක් හුරතල් කර කර තීන්දු තීරණ ගන්න ගියොත් අනාගතේ තමන්ගේ නෑදා ළමයෙක් ඉගෙන ගන්නවාටවත් අකමැති කුහකයෝ ටිකක් තමයි බිහිවෙන්නේ .
ඉගෙනගන්න අයට වල කපන එක නරක වැඩක් ඉගෙන ගන්න අයට උදව් කරන එක මනුස්ස කමක්.
මොන හොඳ දේ ඉදිරිපත්වුනත්, මොන රජය කුමන වැඩ පිළිවෙලක් සකස් කර ඉදිරිපත් කරත්, එහි අඩු පාඩුවක් හොයමින් විවේචන කරමින් උද්ගෝෂණ කිරීම ජවිපෙ ඇතුළු අන්තවාදී වාමාංශික පක්ෂවල හැමදාම පවතින පුරුද්දයි. එය අතීතයේ ඉඳන්ම ලංකාවේ මිනිස්සු දන්නවා. මොන ප්‍රශ්නයකට වුනත් නිර්මාණාත්මක විවේචනයක් හෝ විසඳුමක් ඔවුන් සතු නැහැ.
වහාම පන්ති ආරම්බ කරන්න. පන්ති වලට සහභාගි නොවන අයගේ ශිෂ්‍යභාවය අහෝසි කර දැමිය යුතුයි. පන්ති වලට යන සිසුන්ට හමුදා සහ පොලීසියේ ආරක්ෂාව දෙන්න. රජය වහාම කඩාකප්පල් කාරීන් අත්අඩංගුවට ගන්න. මේ විදියට රටක් ගෙනියන්න බැහැ. මේ රට මිලියන් 22 කගේ රටක් මිසක් මේ කිහිප දෙනෙකුගේ නොවන බව සිතා තීරණ ගත යුතුයි.
උප කුලපතිවරු වැනි උගත් බුද්ධිමත් මිනිස්සු මේ විසදුමට කැමති වුනාට , අන්න රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ දෙමවුපියන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් තවමත් විරෝධත පවත්වනවා. ඔවුන්ව සතුටු කරන්න නම් ඕක තහනම් කරලා විතරක් මදි ගොඩනැගිල්ලත් බුල්ඩෝසර් කරලා පොලවට සමතල කරලා දමන්න ඕනේ
ජෝය් මහතාගේ අදහස මමත් අනුමත කරමි. දීලා තිබෙන විසදුම හොඳටම ප්‍රමාණවත්, මෙම කණ්ඩායම් වලට අවශ්‍ය වෙලා තිබෙන්නේ මොන ක්‍රමයකින් හරි රටට අලුතෙන් එකතුවෙන දොස්තරලා ප්‍රමාණය අඩු කර ඔවුන්ගේ මල්ල පුරවාගැනීමට මිසක් වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය නොවේ. රජයේ වෛද්‍ය විද්‍යාල වල සිසුන්ගේ අධ්‍යාපනය කඩකපල්ල් කිරීමද ඔවුන්ගේ සැලසුමේ එක කොටසකි. කරුණාකර ඉගෙන ගැනීමට නොඑන සිසුන්ගේ ශිෂ්‍ය භාවය තහනම් කරන්න. වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න එන සිසුන්ට පොලිස් ආරක්ෂාව දෙන්න