(උපාලි ආනන්ද)
ත්රිකුණාමලය මොල්ලිපොතාන සේනවල්ලිකුලම් හිදි පොලිස් පරික්ෂවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනකුට ටී 56 ස්වයංක්රීය ගිනි අවි වලින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් තිදෙනෙක් අද (31) අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී වදර පිළිගත්හ.
පසුව විත්තිකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුට පමණක් වසර 18 බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩසහිත සිර දඩුවම් නියම කෙරුණු අතර නියම කළ 18 වසරක සිර දඩුවම වසර තුනකින් එකවර ගෙවී යාමටද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා තවදුරටත් නියෝග කළේය.
එක් විත්තිකරුවෙකුගේ ඇගිලි සලකුනු සටහන් වාර්තා අධිකරණයට ලැබී නොතිබීම හේතුවෙන් ඔහුට දඩුවමි නියම කිරීම පසුවට කල් තබා එතෙක් ඔහු රිමාන්ඩ් බාරයට පත් කිරීමටද නියෝග කෙරිණි.
තවත් එක් විත්තිකරුවෙකු අතුරුදන්ව සිටින බැවින් නඩුව විභාග කළේ ඔහු නොමැතිවය.
මෙසේ දඩුවමි නියම වූයේ ලච්චමන් මොහාන් සහ කෘතිලිංගමි විජේ කුමාර් නමැති හිටපු කොටි සාමාජිකයින් දෙදෙනෙකුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හමුදා සාමාජිකයෙකු අතින් යුද්ධයේදී දෙමල කෙනෙක් මිය ගියහම මරණ දඩුවම පොලිසියේ 6 දෙනෙක් මැරුවහම අවුරුදු 3 ක් හිරේ. මරු නිතිය සහ උසාවිය.
මේ දෙන්නත් උපවාස කලාද?
මාර නීතියක් මේ රටේ තිබෙන්නේ. කුඩු ග්රෑම් එකක් තියා ගත්ත ගැහැනියකට මරණීය දඬුවම. පොලිස් නිලධාරීන් 3 මැරුව ත්රස්තවාදියට එකවර ගෙවෙන්න අවුරුදු 3 සිර දඬුවම. රන්ජන් ඔබ හරියට හරි. නීතිය කෙරුනාට වැඩක් නැත නීතිය හරියට කෙරුනා කියල පෙනෙන්නත් ඕනෙලු
එතකොට එජාප හෝ ශ්රීලනිප පාක්ෂිකයෙකුට දේශපාලන ප්රශ්නයක් මත වෙඩි තිබ්බොත් ඔහුටත් මේ සහනයම ලැබෙනවද ? අවුරදු 3 හිරේ ඉඳල නිදහස් වෙන්න පුලුවන්ද ?
එතකොට මේ විනිසුරුම වයස 15ක පිරිමි ළමයක්ව දුෂණය කල කියලා වයස 48 ක අම්ම කෙනෙක්ට වසර විසි එකක් සිර දඩුවම් දුන්න නේද? මිනි මැරුමට වඩා එක ප්රබලයිද?