මනෝප්රිය ගුණසේකර
වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.
නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා විදේශ සංචාරයක නිරත වීම හේතුවෙන් දප්පුල ද ලිවේරා මහතා මෙලෙස වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත.
බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වන නීතීඥ මඩුල්ලේ ප්රධානියා ලෙස කටයුතු කරමින් එහි කටයුතු මෙහෙයවනු ලබන්නේද වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇති දප්පුල ද ලිවේරා මහතාය.
විදේශ සංචාරයක නිරත වී සිටින නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා ලබන 16 වැනිදා යළි ලංකාවට පැමිණීමට නියමිත අතර ජයසුරිය මහතා පැමිණෙන තුරු නීතීපති තනතුරේ වැඩ බැලීම සඳහා වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා වැනි නිර්භීත රජයේ සේවකයන්, ලංකාවට තව තවත් බිහිවේවා !!!
මෙතුමාත් යසන්ත මැතිතුමා ඇතුලු නීතිපති දෙපාර්තුමෙන්තුවේ නිළධාරීන් අති විශිෂ්ඨ සේවයක් කලේ දේව කාරියටත් ඉහලිනුයයි, මෙතුමාට මෙම තනතුර ලැබීම ඡනතාව වශයෙන් අපි සතුටුවන අතරම අපේ සුභාසිංෂන පිළිගන්න
නියම වෙලාවට හොරුටික ඔක්කොම අල්ලමු. ඔබතුමා තමයි නියම සුදුස්සා. ජය පතමි !!!
මෙතුමාට මගේ ප්රණාමය... මෙතුමා වගේ නිර්භීත නිලධාරීන් තව 10ක් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටියා නම්, අපේ රටට ආර්ථික, සමාජීය වශයෙන් විශාල දියුණුවක් කෙටි කාලයක් ඇතුලත් ලබාගන්න තිබුණා.
ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා!
නියම වෙලාව බැඳුම්කරේ ගේම ඉවර කරන්න.
අපේ රටේ අධිකරණ අංශය හැමදාම එක තැන තියෙන්න ලොකුම හේතුවක් තමයි වැඩ කරන්න කිසිම ලොක්කෙක් ගොඩක් ආයතන වලට නැතිකම.. ඔක්කොම ඉන්නේ ඔක්කොම පත්කරන්නේ වැඩ බලන්නයි.. ඉතින් කට්ටියම වැඩ බලබල ඉද්දි හැමදාම නඩු කල්යනවා...
නීතිය රජ කරවීමට ඔබට ශක්තිය සහ බලය ලැබේවා.
ලංකාවේ නීති ක්ෂේත්රයේ මම කැමතිම තුන්දෙනා. යාපනයේ ඉලන්තේරියන් විනිසුරුතුමා, දප්පුල ලිවේර මහතා, ප්රීති පද්මන් සුරසේන විනිසුරුතුමා .
බලවතුන්ගේ බලයට යට නොවී රාජකාරි කළ ලිවෙරා මැතිතුමාට දිගාසිරි!
මම ජීවත්වන ජර්මනියේ නීතිපති දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම ඔබ මෙන් හොරුන්ට, වංචාකාරයන්ට කිසිම බුරුලක් අතීතයේදී දුන්නෙත් නැහැ. දැන් දෙන්නෙත් නැහැ. දෙවන ලෝක යුද්දෙන් විනාශ වුණු ජර්මනිය අද විශාල ආර්ථික, සමාජයීය වශයෙන් විශාල දියුණුවක් ලැබීමට ඉවහල් වූයේ එම රටේ නීතිය හරියට ක්රියාත්මක වීමය. එම දියුණුව සමාජයේ ලොකු කුඩා සියලු දෙනාම භුක්ති විඳිනවා. අපේ කරුමෙට තමයි ජීවිතය පරදුවට තබමින් අපේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ ස්වල්පයයි. මට ඔබ පෙනෙන්නේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින වීර සෙන්පතියකු ලෙසය.
අනේ අපේ ශිරාණි නෝනා ගෙදර යවද්දී මේ දප්පුල උතුමා හිටියේකොහෙද, ඒ කාලේ මේ වගේ පුප්පන්න බැරි උනේ ඇයි?