කාංචන කුමාර ආරියදාස
කුසගින්නේ වමනය කිරීමෙන් පසු ගැබිණියක බව පවසා පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට මුහුණදුන් පාසල් සිසුවියට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ලබා දීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණයේ සේවය කරන නීතිඥ මහත්වරුන් කණ්ඩායමක් මෙම දැරියගේ නිවසට පැමිණ අකිල විරාජ් කාරියවසම් මහතා දුරකථනයෙන් සම්බන්ධ කොට කතාකර ඇමතිවරයා හා දෙමව්පියන් සම්බන්ධ කිරීමෙන් පසු මෙම අවස්ථාව ලබා දී තිබේ.
ගල්කිස්ස අධිකරණයේ සේවය කරන "සම අයිතිය පිළිබඳව නීතිඥයෝ "සංවිධානයේ සභාපති අරවින්ද වන්නිආරච්චි, නීතිඥ වරුණ ජයසිංහ නීති ශිෂ්‍ය බන්දුල බඹරැන්ද යන මහත්වරු මෙම නිවසට පැමිණියහ.
ඔවුහු සිද්ධියට මුහුණ දුන් දැරියට අධ්‍යාපන උපකරණ, ඇඳුම් පැළඳුම් මෙන්ම අධ්‍යාපන කටයටුතු සඳහා වැය කිරීමට මුදලක් ද පරිත්‍යාග කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම වෙන්නේ හොඳටලු නේද..?
සම අයිතිය සැමටම අයිතියක් ඇති කරනවානම් ඔබලාට පින්. අසාධාරණයට ලක්වුණු අයට ජාති ආගම් බේදයකින් තොරව දෙයක් කළහැකිනම් ලොකු පිනක්
සත්‍ය සංහිදියාව
මෙන්න මිනිස්සු ආදායම් නොබලා සේවය කරනවා.
කලකට පස්සේ අහන්ට ලැබුණු සදාචාරමත් ආරංචියක්. මෙවන් සත්ගුණවත් අය බිහිකරන ප්‍රජාවක් දියුණුව කරා පමණක් ගමන් කරනු ලැබේ.
මිනිසුන් අතර සිටින දෙවීවරු. එතකොට අර කැකිල්ලේ තීන්දුව දුන්න අයට මොකද වෙන්නේ. බරපතල දඬුවමක් දෙන්න මේ ළමයාගේ චරිතය ගාතනය කරාට
හොඳ වැඩක් .සැමදෙනාටම තැන්ක්ස්
නීතිඥවරුන්ගේ මේ උපකාර බෙහෙවින් අගය කලයුතුයි. ඔන්න ඔවයි වැඩ. පුළුවන් නම් අර දොස්තර ජොබ් එක කරන්න හදපු ගුරුවරයවයි විදුහල්පතිනියයි උසාවියට දාන්න කටයුතු කරනවා නම් තවත් පින්.
ඒ ළමයා ගෙදෙර ඉදන් ඒ අනුරාධපුර ඉස්කෝලෙට යන්නේ කොහොමද? දෙමව්පියන්ට කොලබට යන්නවත් මුදල් නැති කොට. අනුරපුර ඉස්කෝලෙට යන්න බස් එකට යන්නවත් සල්ලි නැතිඋනොත් ඒ ළමයාගේ අද්යාපනය සහමුලින්ම කඩා කප්පල් වෙනවා.
අමෙතිවරයා ලජ්ජා වෙන්න ඕනේ මේ ප්රශ්නය ඇතිවෙලා දැන් සති දෙකකටත් වැඩි , අමෙති වරයා මේ ගැන මුල සිටම දැනුවත් වෙලා හිටිය නමුත් ඔහු ක්‍රියාත්මක වුනේ පෙරකදෝරු මහත්වරු කොළඹ ඉඳන් අනුරාධපුරේ ගිහින් ඔහුට කතා කලට පස්සේ , මානව හිමිකම් කොමිසම් වල මේ ගැන කතා වුන එකත් ඇත්ත , විදුහල්පතිට සහ ගුරුවරුන්ට විරුධව පරික්ෂ න කරපු එකත් ඇත්ත , නමුත් මෙහි වැදගත්ම කරණය දැරිවිට ඉකමනට නැවතත් ඉගෙන ගැනීමට පහසුකම් සලසන එක , එක වුනේ දැන්
සම අයිතිය තියෙනවානම් වෙන්නප්පුවේ UNP මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ඇමරිකානු පුරවැසි වෙලා පාර්ලිමේන්තුවේ ඉන්දැද්දී ගීතට විතරක් කෙළවුණේ කෙසේද ?
මේ දැරියට මෙතරම් පහසුකම් දීමට ඇමැතිවරයාම මැදිහත්වෙනකම් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් මර නින්දේද සිටියේ ? සමහර නිලධාරීන් මේ සිසුවියට මෙවැනි දුක්බර සිද්දියක් සිදුවූ බවවත් නොදන්නවා විය හැක !
කාලෙකින් ලංකාවෙන් අහන්න ලැබුණු හොඳ පුවතක්. මේ නීතිඥ මහත්වරුනට අපේ ප්‍රනාමය!
අති විශිෂ්ටය් ..එම සංවිදානයේ මහත්වරුන්ට ගොඩක් පින් ..(.ප්‍රශ්නයක් තියනවා ඔය ළමය අයිති පළාතේ ඉන්නේ ඇස් කන් නැති මන්ත්‍රීලා ඇමතිලා වෙන්න අැති නේද ...?)
ඉතාමත් හොඳ අගය කල යුතු ක්‍රියාවක්...ඔබ .සැමට තවත් දේවල් වලට ඉදිරිපත් වීමට ශක්තිය ලැබේවා.....
මේ ආණ්ඩුවෙන් හොඳ වැඩක් අහුවමද කොහෙද? ජයවේවා !!!
දුප්පත් වුණාම හැම කෙනාම එළව එළවා පහර දෙනවා. නමුත් වැදගත්, උගත්, මනුස්සකම දන්න අය එසේ නොකරයි. ඒ දරුවාට කළ උපකාරයට ආත්මයෙන් ආත්මයට පින්... දැන් ඔවුන්ට ඉන්න හිටින්න තැනක් දෙන්නේ මොන දෙවියාද?
මඩාටුගම සිට අනුරපුරයට දුර කිලෝමීටර 55ද?
කට්ටියම සිහින ශ්‍රී ලංකාවෙන් යථාර්තයට ඇවිල්ල වගේ. උදේට කන්නේ නැතුව පාසල් එන දරුවෝ මේ රටේ තවම ඉන්නවා කියල දැන්වත් මතක් වුණාද? උදේට කන්න දෙයක් නැතුව පාසැල් එන දරුවෝ සමඟ විෂයන් සියල්ලටම ටියුෂන් යන නාගරික දරුවෝ, එකම විභාගයකට පෙනී සිටින්නේ. එම දරුවන්ට සහනයක් වුණු දිස්ත්‍රික් කෝටා ක්‍රමය අහෝසි කරලා නාගරික දරුවන්ට සහනයක් දෙමු කිව්වෙත් ඔය දැන් කිඹුල් කඳුළු හෙලන අයම නේද? නිදහස් අධ්‍යාපනයේ අගය දැන්වත් තේරුම් ගියොත් හොඳයි. මතක තියා ගන්න දුප්පත් දක්ෂ දරුවෝ එක වේලක් කාලා හරි දුක් මහන්සියෙන් ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ නිදහස් අධ්‍යාපනය රැකුනොත් විතරයි කියන එක. මේ දුවට ලකුණක් අඩු වුණොත් සයිටම් යන්න පුළුවන්ද?
යම්කිසි වැඩක් කරන අකිල ඇමතිතුමාට විතරයි මුළු ඇමති මණ්ඩලයෙන්ම මම කැමති..
සම අයිතිය පිලිබඳ සන්විදාසංවිධානයට මගේ උත්තමාචාරය