(ඉන්දිකා රාමනායක)
යාපනය අරියාලෛ ප්‍රදේශයේ ඉකුත් 22 දින වෙඩි වැදී තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මීට පෙර මෙම උප පොලිස් පරීක්ෂක ඇතුළු පිරිස ගමන්ගත් බව කියන යතුරු පැදිය, ත්‍රීරෝද රථය සහ වෙඩි තැබීමට උපයෝගී කරගත් පිස්තෝලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැක්කේ නැද්ද? තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ..." ඒ මොකක්ද හැබෑටම?
ජයවේවා යහපාලනයට. ජයවේවා පොලීසියට !!!
බලාගෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ අත්අඩංගුවට ගන්නේ. ඒකටත් උද්ඝෝෂණ කරන්න පටන් ගනියි. මොකද සංහිඳියාව කියන වචනය බහුතරයකට වහ කදුරු වගේ නිසා. සිංහලයාට ඕනෑම තැනක ඕනෙම කෙනෙක් මරල දාන්න පුළුවන් වෙන්න ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් නම් රටේ බහුතරයකින් සම්මත කරගන්නත් පුළුවන්.
යකෝ එතකොට හම්බන්තොටදී කනට ගහපු එකට තවම පරීක්ෂණ. උතුරේදී ඉක්මන් ක්‍රියාමාර්ග. මේ ආණ්ඩුවට සුලුජාතිකයන් විතරද චන්දය දීල තියෙන්නේ? ඔහොම ගියොත් මහින්ද මොන වැරදි කරලා තිබුනත් අපේ චන්දය මහින්ද රාජපක්සටයි.