(හර්ෂණ තුෂාර සිල්වා,ඡායාරූප - ඉෂාන් සංජිව )
අශෝක අධිරාජ්‍යයාගේ ශිලා ලේඛනවලට අනුව සෑම ආගමකටම සම තැන, ගෞරවය හා අභිමානය දීම නියම බෞද්ධ ඉගැන්වීම්වලට අනුව කටයුතු කිරීම යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) ප්‍රකාශ කළේය.
බුදුන් වහන්සේ කිසිදු අවස්ථාවකදී අනෙකුත් ආගම්වලට එරෙහිව යුද ප්‍රකාශ නොකළ බව කී අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ අනෙකුත් ආගමික නායකයන් සමඟ සංවාදයේ යෙදෙමින්, සහ පැවැත්මෙන්, සාමයෙන් හා සහජීවනයෙන් කටයුතු කළ බව ද හෙතෙම පැවසීය.
හත්වැනි ලෝක බෞද්ධ සම්මේලනයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.
නියම බෞද්ධයා යනු තමාව යටත් කරගනිමින් කටයුතු කිරීම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා එක් අයකුට තමාව යටපත් කරගැනීමට පාලනය කිරීමට හැකි නම් ඔහු සාමකාමී බවත් එසේ නම් එක් අයකුට සාමයෙන් ජීවත් විය හැකි නම්, අපි සැවොටම සාමයෙන් ජීවත්විය හැකි බවත් ගෞතම බුදුන් වහන්සේගේ පණිවිඩය එය බවත් අග්‍රාමාත්‍යවරයා කීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට තවම බෞද්ධ රටක්. මුලිකත්වය බුදුදහමට ලැබිය යුතුයි. එකයි සුදුසුම දේ. සමතැන දෙන්න මොකටද?
එහෙම කරපු රටවල දැන් බුද්ධාගම අතුගැවිලා ගිහිල්ල. ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය,බංග්ලාදේශය, මැලේසියාව, ඉන්දුනීසියාව
රටකට කොහොමද ආගමක් තියෙන්නේ? ආගම් එක් එක් පුද්ගලයාට සීමාවූ පුද්ගලික ධර්මයකි. ආගමකට මූලිකත්වය දිය යුත්තේ තනි තනිවම පුද්ගලයා විසිනි.
මේ රට උතුම් බෞද්ධ රටක් බව ලෝකයා හමුවේ ඔප්පුකර පෙන්විය හැක්කේ, නියම බුද්ධ දහම තුල ජීවත් වීම තුලින්. එමෙන්ම උතුම් බෞද්ධ ප්‍රතිපත්ති වලට තමන්ගේ ජීවිත වල මුල්තැන දෙන බව පෙන්වීම මගින් මිසක් මේ ගෞතම බුද්ධ රාජ්‍ය කියා පාරේ මිනිසුන් අනික් වාහන මාර්ග නීති කඩකරමින් දුවන පුද්ගලීක බස් වල බෝඩ් ගහලවත්, බුද්ධ දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුල්තැනම දිය යුතු ය කියා කෑ මොරදීමෙන් වත් නොවේ. තම තමන්ගේ ජීවිතවලින් බුදු දහමට මුල්තැන නොදෙනවානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පමණක් ඊට මුල්තැන දීමෙන් පලක් වන්නේ නැහැ.
වර්නන් සව්දි අරාබියේ තිබෙන්නේ මොන ආගමද? වතිකානුවේ තිබෙන්නේ මොන ආගමද? ඒගොල්ලන්ට ඒ ආගම් තියා ගන්න පුලුවන්නම් ශ්‍රී ලංකාවට බුද්ධාගම තියා ගන්න බැරි ඇයි? අවුරුදු 500 කලින් මෙරට බෞද්ධ රටක්. ඒක අමතක කරන්න එපා. මෙරට රැකිලා තිබෙන්නේ බෞද්ධ සංස්කෘතිය නිසා.
ඔව් අගමැතිතුමනි එය බෞද්ධ දර්ශනයේ අංගයක් තමයි නමුත් මේ රටේ මුල්තැන දිය යුත්තේ බෞද්ධාගමටයි. ආත්මාර්ථකාමී වර්ගවාදී දේශපාලකයෝ හැරුණු විට මෙරට සාමාන්‍ය බෞද්ධ ජනයා චිරාත් කාලයක සිට අන්‍යාගමිකයින් සමග බොහෝ සුහදව සිටිනවා. එය අදටත් එසේමයි. මේ බෞද්ධ රටත් බහුආගමික වුනොත් ලෝකයේ අන්තිම බෞද්ධ රටත් නැතිවෙනවා. පුළුවන් නම් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක් කරන්න ලංකාව බෞද්ධ රටක් හැටියට නම් කර සංරක්ෂණය කරන්න කියලා.
බුදුන් වහන්සේ නම් කීවේ, " පාරුව තිබෙන්නේ ගඟෙන් එතරවීමට විනා කරේ තබාගෙන යාමට නොවෙයි. මාගේ දර්ශනයත් එසේමයි" හැබයි ඉතින් මෙතන ලියලා තියන අදහස් ටික දැක්කම නම් මට හිතුනේ, රෝමයේ වතිකානුවේ ජීවත් වෙන අය ළඟ තියන බුද්ධාගමවත් අපේ ඇත්තන්ට නැහැ කියලයි. යම්කිසි විදිහකින් සත්‍යය වසන් වෙන්නේ, සත්‍යය, අසත්‍ය නිසා නොවෙයි, අසත්‍යය, සත්‍යය ලෙස පෙනෙන අඥාන පිරිසක් මෙලොව වසන නිසාවෙනි. ඒකනේ බුදුන් වදාළේ "මාගේ දහම තේරුම් ගත හැක්කේ ප්‍රඥාවන්තයින්ට පමණක්" බව. මෝඩයින්ගේ පාරාදීසයේ බෞද්ධ දර්ශනය රැකුනොත් තමයි අපි පුදුම විය යුත්තේ?
ලෝකයේ තියන විශාලම පැරණිම ක්‍රි: ව: 770 ඉදිකළ බොර්බදුර් විහාරය පිහිටලා තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දුපතේ. එදා බෞද්ධ රටක් වුන ඉන්දුනීසියාව අද ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න මුස්ලිම් රටක්. ඒ දෙයම තමයි පකිස්ථානය, බංගලා දේශය, ඉරානය. ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, වැනි එදා බෞද්ධ රටවල් වලට වෙලා තියෙන්නේ අරාබින් වෙළදාමේ ඇවිත් පදිංචි වීමෙන්. අපේ ලංකාවත් බුදු දහමට මුල් තැන දීම ව්‍යවස්ථාවෙන් නොකලොත් අනාගතේ උතුර හින්දු ඉතිරිය මුස්ලිම් වෙලා තමයි නවතින්නේ.
බුදු දහමේ ඉගැන්වීම සහ දර්ශනය ට දන්නා හින්ද වෙන්න ඇති 88.89 වර්සවල බට ලන්ඳ වදකාගාර පැවැත්තුවේ. බුදු දහමේ අවිහිංසාව හෝ මෛත්‍රීය නිසා බොදු පුද බිම් විනාස කරන්න දෙන්න බැහැ. බලපෙරේත දේශපාලන නිසා මේ රටේ සිංහල බෞද්ධ ඉතිහාසය විනාශ කරන්න දෙන්න බැහැ. සිංහලට වින කරන ද්‍රෝහියන්ට සාප වේවා!!!!
ගරු අගමැතිතුමනි , ඔය කියන සම තැන ඔබතුමාට උපදෙස් දෙන අනෙක් රට වලත් තියනවද ? ඔබ තුමා දිවුරුම් දුන්නේ ත්‍රිපිටකයේ අත තියල නොවෙයිනේ?
එතුමා කියන දේ ඇත්ත. හැබැයි එය සියලු ජාතීන්ට පොදූ විය යුතුයි. ප්‍රධාන කාරණා වලදී සියලුම දෙනනා එක ශ්‍රි ලාංකික නීති-රීති සිරිත් -විරිත් පද්ධතියකට අනුගත විය යුතුයි. ඒ සඳහා ඔවුන්ට තමන්ගේ සාම්ප්‍රධායික අන්තවාදී ආගමික නීති/සිරිත් වලින් දැන් ඈත් විය යුතුයි. උදාහරණ ලෙස ඇතැම් ආගම් වල උපත් පාලනය තහනම් උවත් ඔවුන් දැන් එය වෙනස් කල යුතුයි. විවාහය, ඇඳුම් පැළදුම් (හඳුනා ගැනීමේ පහසුව සඳහා) සම්බන්දයෙන් පොදු ශ්‍රි ලංකික නීති/සිරිත් පද්ධතියකට අනුගත වීම කළ යුතුමයි.
ආගම දහම තිබෙන්නේ අන් අයට ලොකුකම් පෙන්වන්න වත් අනෙක් අයට වඩා ඉහලින් ඉන්නවත් නෙවෙයි. සාමකාමීව ජීවත් වෙන්නයි. හොඳ වෙලාවට සත්තුන්ට ආගමක් නොතිබුනේ. නැත්නම් ඉතින් උනුත් ආගම වෙනුවෙන් මරා ගන්නවා මේ ගොන් මනුස්ස මෝඩයෝ වගේ.
අපි තවම ගඟෙන් එතර වෙලා නැහැ බද්රානි. ඉතින් එතෙර වනතුරු බුදු දහම ඉගෙන ගැනීමට සහ පුරුදු පුහුණු කිරීමට, අපිට ධර්මය තිබිය යුතුයි. සම තැන වුණොත් වෙන දේ අපි දන්නවා. ඔයා ගඟෙන් එතර වෙලා නම් නිශ්ශබ්ද වුනොත් හොඳයි. අපි තවම මෝඩයි.
බෞද්ධ ගති පැවතුම් කොහෙත්ම නැති අතර බුදු දහමට නිගා දෙන ලෙස තමයි කටයුතු කරන්නේ. කතාවට වඩා වෙනස් ලෙස තමයි කෙරුවාව. කුමන්ත්රණයෙන් වංචාව සහ බොරුවෙන් වැඩ කරන එකයි වෙන්නේ...
" පාරුව තිබෙන්නේ ගඟෙන් එතරවීමට විනා කරේ තබාගෙන යාමට නොවෙයි. මාගේ දර්ශනයත් එසේමයි" බද්රානි එගොඩ වීම කොහොම වුනත් අපි තවම පාරුව දැක්කෙත් නැත. අතීතයේ අපේ රටේ කොපමණ හොඳ බෞද්ධයින් සිටියාද කියා මෑත ඉතිහාසය දිහා විමසිල්ලෙන් බැලුව හොත් පෙනේවි කොපමණ ඉඩකඩම් දන් දුන් මිනිසුන් පානදුර පළාතේම සිටියාද කියා . නමුත් ඈත අතීතයේ සිට තිබු බෞද්ධ කම මිසුන්ගෙන් ඉවත් වුනේ කෙසේද. ඒ වෙනත් ආගම් මෙරටට අවතීරණය වුන නිසා. අපේ මිනිසුන් හරක් මස් කෑමට, මත්පැන් පානයට වැනි දේට පුරුදු වුයේ පරදේසක් කාරයින්ගේ පැමිණීම නිසාය. පොඩි දෙයක් කියන්නම්.උඹ බන් බොලන් කියන වචනය වත් නොදැන සිටි මගේ මුනුබුරා කොළඹ පරසිද්ද අන්තර් ජාතික පාසලකට ගොස් මාසය යන්න පළමුව අර වචන සියල්ලම ඉගෙනගෙ ආවේය. සිංහල බෞද්ධ ජාතියටම වුනේ ඔය "සැන්තැසිය" මය. ඉස්ලාම් ආගම පවතින ස්ව්දිඅරාබියේ වෙනත් ආගම් වලට ඉඩ නැත්තේ වෙනත් ආගම් නිසා ඔවුන්ගේ ආගමට පහරක් වදින නිසාය. බෞද්ධ ආගමේ තිබෙන පතිපත්ති නිසා මෙරටට පතිත වූ වෙනත් ආගම් දැන් බුද්දාගම කා දමමින් සිටින්නේය. ලස්සනම වැඩේ කියන්නේ වෙනත් ආගම් වල සිටි වුන් බුදාගමට පැමිණ බුද්දාගම කාදමන බව මේ නිවට නියාලු සිංහලයාට නොපෙනීමය.
"අශෝක අධිරාජ්‍යයාගේ ශිලා ලේඛනවලට අනුව සෑම ආගමකටම සම තැන," මේකත් අර පස් දුන් නිසා පස්දුකෝරලය උනා කියන කතාවට දෙවෙනි නැත.