(මනෝප්රිය ගුණසේකර)
ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිමට හැකියාවක් නොමැති බවට අභියාචනාධිකරණය දුන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (2) තහවුරු කළේය.
ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට ප්‍රදේශවාසීහු දෙදෙනක් ඉදිරිපත් කළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය මීට පෙර එය තහවුරු කළ අතර ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබු අභියාචනය විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්රභා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔස්ට්‍රලියාවේ උප අගමැතිත් ගෙදර ගිය එකේ මේක මොකක්ද. ඇයගේ පුරවැසි බව වෙනස් වුනේ විවාහයෙන්. නමුත් ගෙදර යවන්න ඕන අර අනිත් බොරු දේශප්‍රේමින් වාසි වලට ඇමෙරිකාවේ, ඔස්ට්‍රලියාවේ පුරවැසිකම් ගත්ත අයවයි. මොකද මේ කට්ටිය කෑ ගහන්නේ සුද්ධ සිංහල වගේ.
බොහොම හොඳ තීන්දුවක්
නීතියට ගරු කරමු. මන්ත්‍රී කමකටත් කොහොමටත් සුදුසුත් නැහැ.....
මහ අධිකරණ තීන්දුව අගයකරමි .
එතකොට ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් ලියා පදිංචි කරපු පක්ෂයකින් ඡන්දෙ ඉල්ලලා ජනාධිපති වෙච්ච කෙනාට මේ නීතිය කොහොම බලපායිද දන්නේ නෑ නේද? කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා වගෙයි පේන්නේ . ගීතා කුමාරසිංහ මැතිණියට මේ තීන්දුව යහපත් ලෙස බලපායි කියා ප්‍රාර්ථනා කරනවා. (ආයෙත් ගෑස් සිලින්ඩර පුපුරවා නොයන්නට).
දැන් කවද්ද සල්ලි එකතු කරන්නේ දඩ ගෙවන්න ?
එතකොට අර ද්විත්ව පුරවැසිභාවය හිමි අනිත් මන්ත්‍රී ගොල්ලන්ට, ද්විත්ව පුරවැසිභාවය හිමි ජනපති අපේක්ෂකයන්ට , ද්විත්ව පුරවැසි භාවය හිමි ඇමතිදූර බලාපොරොත්තු වන්නන්ට මොකද වෙන්නේ.
අරෙහෙන් මෙහෙන් රිංගන්න උත්සහ කළාට නිවරදි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව විනිසුරුතුමන්ලාට පැසසිය යුතුවේ. අධිකරණය කෙරෙහි විශ්වාසය තහවුරු වන්නේ නම් රටට සෙතකි.
ද්විත්ව පුරවැසිභාවය දරන්නකුට රජයේ ආයතනවල සභාපති, ලේකම් හෝ අධ්යක්ෂ වීමට පුලුවන්ද? ඔවුන් නෙරපූ විට, ලංකාවේ දක්ෂ අයට රැකියා බොහොමයක් නිර්මාණය වේවි. නව ව්‍යවස්ථාවට මෙය දමන්න.
මට නම් මේ තීන්දුවේ කිසිම වැදගත් කමක් නැහැ. ආසනේ ලැබුනත් එකයි නැතත් එකයි. මොකක්ද ජනතාවට තියෙන බලපෑම? මෙයා නැත්නම් වෙන කෙනෙකුට රස්සාව ලැබෙයි. ආණ්ඩු පක්ෂේ නම් අත උස්සන්න දන්නා කෙනෙක් විතරයි ඕන, විපක්ෂේ නම් කෑ ගහන්න දන්නා කෙනෙක් විතරයි ඕන.
දැන් ඉතින් දොනවා කරන්නද? දන්නවානම් රෝහල්ගත වෙන්න පුලුවන්...
රට කනවා තව මොන තරම් දේවල් තියනවද කරන්න ඔක්කොම දාලා මේ වැඩක් නැති ගෑනියක් ගැන කතා කරනවා අනික් අය යටින් ලස්සනට වැඩේ කරනවා .
එතකොට ලංකාවේ නොවන කෙනෙක් මහා බැංකු අධිපති වෙලා හිටියනේ. එයා අත්සන්කරපු සල්ලිත් නිත්‍යානුකුල නැහැ නේද???
අර්ජුන මහේන්ද්‍ර මහබැංකු අධිපති කලේ කොහොමද? කොච්චර උනත් ගීතා පවු ඉතින්.............
එතකොට මේ වරදට දඩුවම පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි වීම පමණද ? නීතියට පටහැනි බව දැන දැන නාමයෝජනා පත්‍ර වලට අත්සන්කර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වෙලා , මන්ත්‍රී කෙනෙකු වෙලා මන්ත්‍රී වරප්‍රසාද භුක්ති වින්දට දඩුවමක් නැද්ද ? දීපු තීරුබදු රහිත වාහනයට නැවත තීරුබදු එහෙම ගෙවන්න වෙන්නේ නැද්ද ?
Silva මහත්තයා අහන ප්‍රශ්න මමත් අහනවා! දඬුවමක් තිබිය යුතුයි!