(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම මහ නගර සභාවේ කසල ප්‍රවාහනය කරන ට්රැක්ටරය කොන්ක්‍රීට් කණුවක වැදීමෙන් රියදුරු (59) ට්‍රැක්ටරයෙන් විසි වී කොන්ක්‍රීට් තට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් මිය ගිය බව පොලිසිය පවසයි.
අනතුර වන අවස්ථාවේ ට්රැක්ටරය පදවා ඇත්තේ රියදුරු බලපත්‍ර නොමැති ගෝලයා බව පොලිසිය කියයි.
මොහු මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකටම මේ ගොඩනැගිල්ලත් "කොන්ක්‍රීට් බාස්ගේ ප්‍රමිතියට " හදපු අට්ටාලයක් වෙන්න ඇති. නැත්නම් ට්‍රැක්ටරයක් ගැටුණු විට තට්ටු ගැලවිලා බිමට වැටී, ජීවිතයක් බිලිගන්නා තරමේ ශක්තියකින් හදපු එකක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් රියදුරු බලපත්‍රයක් නොමැති ගෝලයා මේ කුණු ට්රැක්ටරය මාර ස්පීඩ් එකකින් එලවාගෙන ඇවිත් කණුවේ හැප්පෙන්න ඇති.... මේක හදපු කෙනාගෙන් මියගිය අයගේ පවුලේ අයට විශාල වන්දියක් ලබාගැනීමට කවුරුත් එකතුවිය යුතුයි !!!
පළමු 25000.00
නන්දලාල් මහත්තයෝ, එහෙනම් ඔය දර්ගා ටවුන් වල සිදුවුණු දේපල අලාභ හානිවලට ඥානසාර හාමුදුරුවන්ට විශාල වන්දියක් දෙන්න වෙනවා... හේතුව ඒ කලබලෙත් ඇති කළේ උන් වහන්සේනේ නේද?
නන්දලාල්, මේ පුද්ගලයාගේ මරණය ගැන මට කණගාටුයි. නමුත් ඔබගේ කොමෙන්ට් එක ගැන ඊටත් වැඩිය කණගාටුයි. මම යන්තමින් හෝ දන්නා "නීතිය" අනුව මේ මරණකරුට මේ කණුව හදපු අයගෙන් ලොකු වන්දියක් ගැනීම කෙසේ වෙතත් කණුවේ හිමිකරුවන්ට අලාභය ගෙවීමට මේ රියදුරා (ඔහු මිය ගියා නම් ඔහුගේ උරුමක්කාරයින්) හෝ පැදවූ වාහනය අයිතිකරු හෝ ඒවාට අදාළ රක්ෂණයන් ලංකාවේ නීතියෙන් ලබා ගැනීමේ හැකියාව 99.99% ක් හෝ ඊටත් වැඩියි.