(විනීතා එම් ගමගේ)
දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා විද්‍යාඥයින් 80 කට වැඩි පිරිසක් රජරට ඇතුළු වකුගඩු රෝගය පැතිර ඇති පළාත් වල සංචාරයක් සඳහා අද (3 වැනිදා) පිටත්ව ගියේය. ඒ සම්බන්ධයෙන් සහාය දැක්වීමට මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක්ද ඊට එක්වූහ.
ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ආහාරවල ඇති බැරලෝහ හා විස පිළිබඳ සොයා පරික්ෂණ පැවැත්වීමට ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් පැමිණ සිටිති. ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ ඇති පර්යේෂණ පහසුකම් තුළින් ආහාර පිළිබඳ පර්යේෂණ කළ හැකි බව ඔවුහු පවසති.
එමෙන්ම වකුගඩු රෝගය පිළිබඳව පරික්ෂණ පවත්වන මෙරට විද්‍යාඥයින් සමඟ දින 100 කට වරක් ප්‍රගති සමාලෝචනයක් කිරීමට ද එම විද්‍යාඥ පිරිස එකඟතාව පළ කර ඇත. ඉකුත් 31 වැනිදා මෙරටට පැමිණි එම විද්‍යාඥ පිරිස නොවැම්බර් 1 වැනිදා හා 2 වැනි දා කොළඹ පැවැති සමුළුවකට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දිනවල අසන්නට ලැබුණා කෑගල්ල ප්‍රදේශයේ ඉතා පැරණි යුරේකා ලිඳක් සොයාගත්තා කියා. ඒ ළිං වලින් පෙර කාලයේ අපේ ජාතියේ මුතුන්මිත්තන් ඉතා පිරිසිදු ජලය ගත්තා. ඒ වගේම ගෙදරදී මැටිකලයේ ජලය පානය කළා. ඒ කාලයේ වකුගඩු රෝග අසන්නට ලැබුණෙත් නැහැ. දේශිය චින්තනයක් තිබෙන විද්වතුන් මේ ගැන පරීක්ෂා කළොත් හොඳයි නේද? හැම දෙයටම පිටරටට අතපාන්න එපා.
මේ කරන්නේ බොරුවක් ...වකුගඩු ලෙඩේ හදන්නේ වල්නාශක සහ කෘමිනාශක ...බහු ජාතික සමාගම් එක එක බොරු කාරයෝ එවෙනවා වෙන බොරු කියන්න.
හැම ගෙදරකම තියෙන ප්‍රමිතියෙන් තොර ඇලුමිනියම් භාණ්ඩ වකුගඩු රෝගයට මූලික හේතුවක්... මගේ නිවසේ තියෙන සියලුම ඇලුමිනියම් භාණ්ඩ අයින් කරල තියෙන්නේ... කෑම උයන්නේ, මැටි බඳුන්වල සහ සුදු යකඩ බදුන් වලයි.
මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. අන්තිමට කෘමි නාශක කොම්පැනි ආරක්ෂා කරන ආකාරයේ වාර්තාවක් දේවි....
වල් නාශක පැලෑටි වලට අගුණ නම් මිනිසුන්ටත් අගුණයි. නමුත් මම හිතන්නේ ලංකාවේ ගොවියන් ග්ලයිපොස්පෙට් වැනි වල් නාශක අනාරක්ෂිතව භාවිතා කිරීම මේ ලෙඩ රෝග වලට මූලික හේතුවක් කියලයි. මා ජීවත් වන ඕස්ට්‍රේලියාවේ ග්ලයිපොස්පෙට් වලින් තොර වල්නාශක නැහැ. ඒ මදිවට ග්ලයිපොස්පෙට් වලින් උපරිම ප්‍රතිඵල ලැබීම සඳහා ඒකට වෙටින්ග් ඒජන්ට් ලෙස ද්‍රව්‍යමය සබන් (මම නම් ඩිෂ් වොෂින් ලික්විඩ් බින්දු දෙකතුනක් දානවා) භාවිතා කිරීම මේ ගැන තතු දත් අයගේ පුරුද්දක් . "ගින්දර" ආහාර පිස ගැනීමට, උණුසුම ලබාගැනීමට මෙන්ම ලෝක විනාශයටත් භාවිතා කල හැකි බව හිතේ තබාගෙන එයින් තමන්ගේ අවශ්‍යතාවයට ආරක්ෂාකාරීව යොදා ගැනීම ඒවා භාවිතා කරන්නන්ගේ වගකීමක්.