(ඩයනා උදයංගනී)
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව දෙගුණයක් බවට පත්වී ඇත්තේ බැසිල් රාජපක්ෂලා ඇති කළ කොට්ඨාශවල වරදින් බවත්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා අනාගතයේ දවසක කොට්ඨාස සීමා පූර්ණ සමාලෝචනයකට ලක්කර අවශ්‍ය පියවර ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
එම තත්ත්වය නිවැරදි කර මැතිවරණය පැවැත්වීමට ගියහොත් තවත් වසර දෙකක පමණ කාලයක් ගත විය හැකි බැවින් රටට අමතර බරක් ඇතිවුවත් දැනට සකස් කර ඇති ක්‍රමය යටතේම ඉදිරි මැතිවරණය පැවැත්වීම සුදුසු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හොරකම, වංචාව, දූෂණයට එරෙහි වනවායැයි කියමින් සැදූ ආණ්ඩුව දූෂිත තත්වයකට පත්වී, පොරොන්දු කඩකිරීම යටතේ පවත්වනු ලබන මෙම මැතිවරණය ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ගේ ඇති විරෝධය ප්‍රකාශයට පත් කිරීමටත්, දූෂණයෙන් වංචාවෙන් තොර මන්ත්‍රීවරුන් පත්කරගැනීමටත් ජනතාව භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද විජිත හේරත් මහතා කීවේය.විජිත හේරත් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජ.වි.පෙ මූලස්ථානයේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට තවත් බරක්.
මේ අය ආණ්ඩුවේ වියදම් වැඩියි කියල නිතරම කෑ ගහන අයනේ, මේ පළාත් පාලන ආයතන වලට අලුත් සභිකයන් 3870 ක් වැඩි වෙනවා. මේ 3870 වට පොඩි පහේ වියදමක්ද දරන්න වෙන්නේ
මට හරි ආසයි ඊළඟ මැතිවරණෙ මේගොල්ලෝ ගන්න ඡන්ද ගණන බලන්න.
රාජපක්ෂ භීතිකාව ඉවර වෙන්නේ නැද්ද ?
දැන් ඉතින් 2020දී වත් බලයට එන්න ඡන්ද ගන්න ක්‍රමවේදයක් ගැන හිතන්න,
චෝදනා කිරිම අනිකට ඔබේ පුරුද්ද. ඔබ කරන්න හරි වැඩ.
හරිදේ කරන්න අනුන්ට වැරදී පටවා පටවා ඉන්නේ නෑ. මේගොල්ලෝ නිකන් වත් මෙව්වා කලින් රටට කීවේ නැහැ. මේ ඔක්කොම එකයි !!!
ඔය සීමා වෙන්කිරීම නිසා අපේ ගමට නම් යහපතක් වෙලා නැහැ. මුස්ලිම් ගමක් එක්ක එකතු කරලා අපේ ගම එක කොට්ටාශයක් වෙලා. ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී 80% ක් සිංහල ජනතාවක් සිටින මෙම ගමට සිංහල අපේක්ෂකයෙක් දාන්නේ නැතිලු. මුස්ලිම් ගමෙන් පත් වෙලා හිටපු මුස්ලිම් මන්ත්රීවරයවලු නම් කරලා තියෙන්නේ. මේක මහා අසාධාරණයක් කියල තමයි ගම්මුන් කියන්නේ.
හුරේ, එකටත් රාජපක්ෂලාම තමා!
අනේ ඔබතුමාලා මෙච්චර දවසක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන මොකද කරේ....දැන්වත් මිනිස්සු ගොනාට අන්දන එක නවත්තලා රටට වැඩක් කරන්න...
කාගේ කාගේ හරි පවුල්වල දරුවෝ සංඛ්‍යාව වැඩිවුනොත් එකත් වුණේ රාජපක්ෂලාගේ වරදින් කියයි.
අපිට තාම අං ආවේ නැහැ මන්ත්‍රීතුමා.
රාජපක්ෂලා මේ රට දූෂණය කරපු එක ඇත්ත. එහෙත් ජනතාවට නිවැරදි පුද්ගලයින් පත්කිරීම සඳහා සෑම පක්ෂකින්ම ජනතාව දැනුවත් කල යුතුයි. මේ සඳහා ඔබලාට විශේෂ කාර්ය භාර්යයක් ඉටු කල හැක.
එම කතාව ඇත්ත තමයි. රාජපක්ෂ උත්සහ කලේ පුළුවන් තරම් තමාට පක්ෂ අය මුළු රට පුරාම ඇතිකර මේ රට තම අනසකට පමණක් යටවුන රාජධානියක් කර , තමා රජ, ඉන්පසු රටේ පාලනය තමාගේ පරම්පරාවට පමණක් යන නියායෙන්. එම නිසා තමයි 2015 දී කොහොමහරි මේ වෙනස ඇතිකළේ. ඉතින් අවුරුදු 3ක් ගෙවුන පසු තාමත් මෙවැනි කතා කීම කිසිම පලක් නැනේ.
මේ නිවට යහපාලන නඩේට කඩේ යන ජ.වි.පෙ. එක රනිල්ගේ සාක්කුවේ තමයි ඉන්නේ. මේ රතු අලින්ට කොහොමත් රාජපක්ෂ භීතිකාවක් තියෙනවා. විජේවීර කොන්දක් ඇතුව හිටිය මුත් මේ රතු අලි හොරිකඩයින් බව ජනතාව දැනගත යුතුව ඇත.
අන්න සත්‍යයා නොහොත් සත්‍යපාල ගොන් කතාවක් කිව්වා.
යූ.එන්.පී, එජනිස දෙපක්ෂයේම අය හැම දෙයක්ම කරන්නේ ඒ අයගේ වාසියටයි.
ජවිපෙ ඇඳිවත නැති වෙලා බව නම් පැහැදිලියි.
රාජපක්ෂවරුන්ගේ ඔප්පු කරපු එක දූෂණයක් කියන්නකෝ... අපිත් රාජපක්ෂවරුන්ට විරුද්ධ වෙන්න. රනිල්ලාට විරුද්ධ වෙන්න... ඕනෑතරම් දේවල් ඔප්පු වුණා. ඒ ගොල්ලෝ ඒ අයගේම මිනිස්සු පස්සට යවලා ගෙදරත් යැව්වා.
බමුණු ආරච්චි මහත්තයෝ, ඇස් පියාගන බැලුවාම මොකුත් පෙනෙන්නේ නැහැ නේද?