(ඉන්දිකා රාමනායක)

යාපනය ඩෙල්ෆ්  මුහුදු සීමාවට බටහිර මුහුදු ප‍්‍රදේශයේ අනවසරයෙන්  ධීවර කටයුතු වල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනකු අද(2) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි.

 මොවුන් රැඳී සිටි ට්‍රෝලර් යාත‍්‍රා 3 ද නාවික හමුදා බාරයට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධිවරයින් පිරිස   කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට බාර දී ඇත.