(අශෝක තිලකරත්න )
පියා පැදවූ වෑන් රථයෙන් බිමට වැටී එම වෑන් රථයටම යටවීමෙන් අවුරුදු තුනහමාරක් වයසැති දැරියක් අද (3) තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව වීරකැටිය පොලිසිය පවසයි.
වෑන් රථය පසුපසට ධාවනය කරන විට එහි දොර ඇරී දැරිය බිමට වැටී රෝදයකට යට වී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිල්ල. සමහරවිට මොකක් හරි දඬුවමකුත් ලැබෙයි. මොකක්ද ඇති පලේ? දරුවාගේ ජීවිතේ ආයේ එන්නේ නැහැ. දෙමවුපියෝ සදාකාලික දුක් ගින්නකින් තැවෙයි. අනේ, මනුස්සයිනේ, දරුවන් ගැන මීට වඩා හිතන්න.
වාහන නිසා මිය යන සංඛ්‍යාව බැලුවම පුද්ගලික වාහන උන්මාදය නවත්වල පොදු ප්‍රවාහන ක්‍රමයකට යන්න කාලේ කියල හිතෙනවා. ඒත් හැමෝගෙම හීනෙ තමන්ගේම වාහනයක්නේ. වාහන කියන්නේ භයානක යන්ත්‍ර කියල කාටවත් මතක නැහැ.
ජයරත්න මහත්මයා ඔබතුමා පුවත්පත් බලනවද? බස් රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සතියකට විශාල ප්‍රමාණයක් මිය යනවද?
තම දරුවා වඩාගෙන ඉදිරි අසුනේ වාඩිවී යන තරුණ මවකට මා කිව්වා පසුපස ආසනයේ සුවපහසුව දරුවා සමග වාඩිවී යන ලෙස. එම තරුණ පියා එයට එකහෙලා එකඟවුවත් මවට එය මදිකමක් වුණා. ඔන්න අපේ තරුණ අම්මලා දරුවෝ ගැන සැලකිලිමත්වෙන හැටි.
වාහන වල වැරැද්දෙන් නොවේ මේවගේ අනතුරු වෙන්නේ ආරක්ෂිත උපක්‍රම හරියට භාවිත නොකරන නිසා , ලංකාව වැඩකදී ආරක්ෂාව ගැන හිතන රටවල් වලින් අන්තිම පැත්තේ ඉන්නේ , ආසන පටි දමල දොරවල් ලොක්කරගෙන හිටියනම් මෙහෙම වෙන්නේ කොහොමද