(උපාලි ආනන්ද)
ඉඩම් ආරවුලක් මුල් කරගෙන පිහියකින් ඇන සිය ලොකු තාත්තා ඝාතනය කර අනියම් මිනී මැරුමක් සිදු කළ හිටපු හමුදා සෙබළකුට වයඔ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සුමුදු පේ‍්‍රමචන්ද්‍ර මහතා වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
ඊට අමතරව රුපියල් 1500ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකාර නුවරඑළිය වලපනේ වැලහිඳ පදිංචි එච්. එම්. ලීලානන්ද සරත් කුමාර නමැති හිටපු සෙබළාට නියම කෙරිණි.
විත්තිකරු සක‍්‍රීය යුද හමුදා සේවයේ යෙදී සිටියදි මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
2010 වසරේ ජූලි මස 26 වන දින හෝ ඊට ආසන්න දිනයක නුවරඑළිය මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් වලපනේ වැලහිද දී එච්.එම්. උපසේන (60) නමැති සිය පියාගේ වැඩිමහල් සොයුරාට (ලොකු තාත්තා) පිහියකින් ඇන ඔහු මරා දමා අනියම් මිනීමැරුමක් සිදු කළැයි විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇත්තේ සමුච්චික ප‍්‍රකෝප කිරීමක් හේතුවෙන් ඇති වූ සිද්ධියක් මුල් කර ගෙන බව අධිකරණ නඩු තීන්දුවේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මේත් අර රණවිරුවෙක් කියන කෙනෙක් නේද?
අැයි මේ ආණ්ඩුව රණවිරුවන්ව දඩයම් කරන්නේ?
කෝ මේ රණවිරුවෝ දඟගෙට දක්කනවා කියලා බෙරිහන් දෙන බයියෝ ටිකක්....
මේවා බටහිර කුමන්ත්‍රණ තමයි.
රණවිරුවෙක් කියලා කරන වැරදිවලට එයාලටත් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වියයුතුයි. හමුදා සෙබලෙක් ලෙස කටුතු කරන කොට අන් අයට වඩා එයාලා ඉගෙන ගෙන තිබෙන විනයගරුක භාවය සහ අනෙකුත් ක්‍රියා පිළිවෙත් වලින් තම නිලය ආරක්ෂා කරගත යුතු වෙනවා. සුළු දෙනෙක් කරන අනුවණකම් නිසා සමස්ත යුද හමුදාවටම කැළලක් වෙනවා.
මේ ආණ්ඩුව රණවිරුවන්ට අපහාස කරනවෝ...!
මේකටත් අර සත්‍යයා නොහොත්, සත්‍යපාල නොහොත් කලින් බන්දුල පෙරේරා කියයිද දන්නේ නැහැ රණවිරුවන් දඩයම් කරනවා කියලා.
අනේ අපේ රණවිරුවෙක් .ජීවිතය පරදුවට තබා සටන් කල කෙනෙක් නිදොස් කර නිදහස් කරන්න.. නැත්නම් බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ පාරට බසිවී. අබේතිස්ස හාමුදුරුවෝ දඩ මුදල් එකතුකිරීමට පාත්‍රය අරගෙන වාඩිවී.