(අජිත්ලාල් ශාන්තඋදය)
ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති මැතිවරණ රැස්වීමක වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධ නඩුව රත්නපුර මහාධිකරණය හමුවේ අද(31) විභාගයට නියමිත වුවත් විනිසුරු රොහාන් ජයවර්ධන මහතා නිවාඩු යාම නිමිත්තෙන් නඩුව ලබන දෙසැම්බර් මස 13 තෙක් කල් තැබිණි.
මෙම නඩුවේ අධිචෝදනා ලබා ඇත්තේ සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ මිනීමරු චොකා මල්ලිව බලන්න නිතරම හිරේට ගියා නේද? දැන් මේ අයද නැවතත් රට ඉල්ලන්නේ?
එක දවසක නඩුකාර උත්තමය නිවාඩු. ඊළඟ නඩු වාරයේදී නීතිඥයා නිවාඩු. නරකද අනෙක් නඩු දවසේ විත්තිකාරයින් සියලු දෙනාටත් නිවාඩුවක් දුන්නොත්?
යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි කියල කියනවා. නඩත්තු නඩුවල අසරණ දරුවන් කෑමක් බීමක් නැතුව මිය ගියාට පස්සේ නඩු තීන්දුව ලැබුණු අවස්ථා ගණනාවක් නීති වාර්තාවල තියෙනවා. මේ නඩුව සමහර විට චොකා මල්ලි ජනාධිපතිවරනෙට තරඟ කරන කාලෙක අහන්න ඉඩ තියෙනවා. රටේ අවාසනාවට අපට කවදාවත් හරි හමන් අධිකරණ ඇමති කෙනෙක්වත් අධිකරණ ක්‍රියාදාමයන් ඉක්මන් කිරීමට උවමනාවක් තිබුණු අධිකරණ සේවා කොමිසමක්වත් නීතිඥ සංගමයක්වත් තිබුනේ නැහැ කියලයි මං හිතන්නේ.
මහී, ඔබ කියා සිටි කාරණය ඇත්ත බව දෙස් විදෙස් හී කාටත් පැහැදිලි මුත් , ඕවා කියන්න ගොස් ඔබටත් රන්ජන් රාමනායක මහතාහට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වයට පත්වීමට පාර කැපෙන බවයි මට හිතෙන්නේ. ඕවා කියන්න යහපාලනයෙන් දොරටු විවෘත කැර තිබුනත් අධිකරණයේ යුක්තිය පසිඳලන්නන්ගේ අඩුපාඩු ගැන කියා පෑමට ගොස් නීතියේ දෙවඟනගේ අසිපතින් බලහත්කාරයෙන් වත් ඔබ වෙත පහරක් එල්ල කැරවීමට ඉඩ ඇති බවයි මට හිතෙන්නේ.