අනවසරෙන් උතුරු මුහුදේ මසුන් ඇල්ලු 26 ක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව උතුරු මුහුදට රහසිගතව ඇතුලු වී නීතිවිරෝධීව මහපරිමාණයෙන් මසුන් අල්ලමින් සිටි මෙරට ධීවරයින් 26 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 July 2017
වෛද්‍ය සහාවේ මීළඟ සභාපතිට වෛද්‍යවරුන්ගෙන්ම විරෝධය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ මහාචාර්ය ළමාබදුසූරිය මහතා පත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා යෝජනා කර ඇත. 27 July 2017
කාලගුණය හරියට කියන්න ඇමෙරිකාවෙන් අතහිත කාලගුණික තොරතුරු වඩාත් විධිමත්ව ප්‍රකාශ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට සහයෝගය දැක්වීමට ඇමරිකාවේ නොට්‍රිඩෑම් විශ්වවිද්‍යාලය එකඟගත්වය පළ කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 July 2017
කප්පම් ගත් අය ගැන කියන්න තවත් කප්පමක් ඉල්ලූ දෙන්නෙක් කොටුවෙති කොස්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි එකහමාරක කප්පමක් ඉල්ලා එයින් රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් ගැන තොරතුරු දීමට එම ව්‍යාපාරිකයාගෙන් තවත් රුපියල් කෝටියක් ඉල්ලූ බව කියන කප්පම් කල්ලියක සාමාජිකයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි. 27 July 2017
යාපනයේ තවත් පොලිස් නිලධාරියෙක්ට පහර දීමක් යතුරු පැදිවලින් පැමිණි පුද්ගලයින් පිරිසක් යාපනය තුන්නාලෙයි වල්ලිමඩම් හීදි උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමෙන් එම නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි යාපනය නෙල්ලිඅඩි පොලිසිය කියයි. 27 July 2017
කොස්ලන්දේ අයියා මලෝ අත්අඩංගුවට කොස්ලන්ද අලුත්වෙල අඹකොලආර ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ තුවක්කුවක් සහ හක්කාපටස් දෙකක් සමඟ සැකපිට අයියා මලෝ දෙදෙනෙකු (26) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි. 27 July 2017
ගිරිඋල්ලේ තුනක් ළිඳට වැටී මරුට ගිරිඋල්ල - අතුරුවෙල ප්‍රදේශයේ උත්සව ශාලවක පැවති මංගල උත්සවයකට සහභාගී වු තිදෙනෙකු අනාරකෂිත ළිඳකට වැටීමෙන් මියගොස් ඇති බව ගිරිඋල්ල පොලීසිය කියයි. 27 July 2017
එල්ටීටීය ගැන අධිකරණ තීන්දුව යුරෝපා සංගමය ඉවත දමයි එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කරමින් යුරෝපා සංගමයේ ඉහළ පෙළේ අධිකරණයක් තීන්දුවක් දුන්නද එම තහනම තවදුරටත් බලපැවැත්වෙන බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් අද (26) සඳහන් කළේය. 26 July 2017
විජයකලාගෙන් ප්‍රකාශයක් ගන්න රහස් පොලිසියට නියෝග ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ගම්වාසීන් විසින් විදුලිකනුවක බඳිනු ලැබ සිටිය දී පොලිසියට භාර නොදී මුදා හැරියේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා රහස් පොලිසියට නියෝග කළේය. 26 July 2017
රවී කරුණානායකගේ කැබිනට් පත්‍රිකා තුනක් විසිවෙයි විදේශ ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා තුනක් ඊයේ (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප වී තිබිණි. 26 July 2017
ඥානසාර හිමිගේ නීතීඥයාට අධිකරණයෙන් උපදෙසක් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන අතුරුදන් කිරීමේ නඩුවේ සැකකරුවන් ගැන නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් උපදෙස් කවරේද යන්න පිළිබඳව දිගින් දිගටම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න නොකරන්නැයි අභියචානාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා වෙත දැන්වීය. 26 July 2017
දෙවැනිදා කොමිසමට යන බව රවී කරුණානායක කියයි බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස දෙවැනි දා බැඳුම්කර කොමිසම හමුවේ නිසි පිළිතුරු දෙන බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. 26 July 2017
යුරෝපයේ එල්ටීටීඊ තහනම ඉවතට අසාදු ලේඛන ගත කර ඇති ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය ඉවත් කිරීමට යුරෝපා සංගමයේ ඉහළ අධිකරණයක් අද (25) කටයුතු කළේය. 26 July 2017
තෙල් වර්ජනය තාවකාලිකව නවතා දමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව ඛණිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වෘත්තීය සමිති විසින් ගෙනගිය වර්ජනය තාවකාලිකව නවතා දමා තිබේ. 26 July 2017
‘රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට දෙන්නේ නෑ‘ - ජනපති තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා නොදෙන බවට ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දු වන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(26) ඉබ්බාගමුවේදී පැවසීය. 26 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහලට පාලක මණ්ඩලයක් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලක මණ්ඩලයක් පත්කර ඇත. 26 July 2017
අර්ජුන් මහේන්ද්‍රන්ගේ විද්‍යුත් සන්නිවේදන උපකරණ පරික්ෂාවට අවසර මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා භාවිතා කළ විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශන නිලධාරීන්ට බාර දෙන ලෙස බැඳුම්කර කොමිසම අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අද(26) නියම කළේය. 26 July 2017
අ‘පුර රෝහලෙන් විශ්මිත සැත්කමක් අනතුරක් හේතුවෙන් වම් පාදය අහිමිවු පුද්ගලයෙකුට මොළය මියගිය රෝගියෙකුගේ වම් පාදය සාර්ථකව බද්ධ කිරිමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සමත්වූ බව අද(26) රෝහලේ පැවති මාධ්‍ය හමුවකදි වෛද්‍යවරු පැවසුහ. 26 July 2017
හිටපු උප පොලිස් පරීක්ෂක හා බිරිය යළි රිමාන්ඩ් ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ලබාදෙන බව කියමින් රුපියල් ලක්ෂ 24ක් වංචා කළැයි කියන හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය ලබන 9 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(26) නියෝග කළේය. 26 July 2017
‘අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි‘ - බැඳුම්කර කොමිසමේ විනිසුරු රට වෙනුවෙන් අපක්ෂපාතී වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට අවශ්‍ය වී ඇතැයි බැඳුම්කර කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අද(26) කොමිසම හමුවේ පැවසීය. 26 July 2017
මහබැංකු අධිපතිගෙන් වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම කල් යයි මහබැංකු අධිපතිගෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් සහ එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝෂියස් ඇතුළු පර්පචුවෙල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සහ ඊට අනුබද්ධ සමාගම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(26) තීන්දු කළේය. 26 July 2017
හිටපු කොටි සමාජිකයා ජීවිතාන්තය තෙක් සිරගෙට යුද සමයේදී තම දියණිය ඇතුළු ළමයින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එල්.ටී.ටී. සංවිධානයට බඳවා ගැනීමට වැරදිකරුවකු වූ හිටපු කොටි සාමාජිකයකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේද්‍රන් අද(26) ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළේය. 26 July 2017
මිරිහාන එස්අයි-කොස්තාපල් යළි රිමාන්ඩ් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන සිද්ධියකට අදාළ මිරිහාන නීතිය බලගැන්වීමේ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ලබන 02 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 July 2017
බැඳුම්කර වෙන්දේසිය අලුත් වෙයි රජයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසිය නව ක්‍රමයකට සිදු කිරීමට රජය තීරණය කර ඇත. 26 July 2017
මැතිවරණය පවත්වන්නැයි ජිඇල් පිරිස්ගෙන් ලිපියක් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු යන පළාත්වල පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත් ඊට ඉඩ නොදී නියමිත පරිදි මැතිවරණ පවත්වන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නීතිඥවරයකුගේ මාර්ගයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 26 July 2017
හදිසි ගිලන් රථ සේවාව අඛණ්ඩව කරන්න කැබිනට් අනුමැතිය ශ්‍රි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක හදිසි පුර්ව රෝහලේ ප්‍රතිකාර ගිලන් රථ සේවාව අඛණ්ඩ ක්‍රියාත්මක කිරිම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 26 July 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහලට මාසයකට කෝටි 20ක් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා මසකට රුපියල් කෝටි 20ක ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 26 July 2017
‘වර්ජනය තවම අවසන් නෑ‘ - ඛනිජ තෙල් වෘත්තීය සමිති කියයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර සහ ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඇතුළු 16ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි එම එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ.රාජකරුණා මහතා පවසයි. 26 July 2017
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අද(26) පාර්ලිමේන්තුව උණුසුම්වීමත් සමග සභාව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත්තේය. 26 July 2017
ජිඑම්ඕඒ වර්ජනය අසාර්ථකයි ඇමැති රාජිත කියයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය මෙවර ඉතාම අසාර්ථක වු බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති සාකච්ඡාවක දි පැවසිය. 26 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026