(ගයාන් සූරියආරච්චි)
අන්තර්ජාතික විද්‍යුත් හා විදුලි ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කළ ‘මොළයේ සංඥා සහ පරිගණක අතුරුමුහුණත් පද්ධති ආශ‍්‍රිත හැකතොන් 2017’ ජාත්‍යන්තර තරගාවලියේ ඉදිරිපෙළ ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට මොරටුව සරසවියේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශය පසුගියදා සමත්විය.
‘මොළයේ සංඥා මගින් ක‍්‍රියා කළ හැකි නිවාස ස්වයංකරන පද්ධතියක්’ ඉදිරිපත් කළ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ පශ්චාත් උපාධි අපේක්‍ෂක චාමික ජනිත් පෙරේරා, ඉසුරු රුහුණගේ සහ ඉලෙක්ට්‍රෝනික සහ විදුලි සංදේශ අංශයේ උපාධි අපේක්‍ෂක සවිඳු හේරත්, චරිත් දුෂාන්ත යන සිසුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමට මෙම ජයග‍්‍රහණය අත්කරගැනීමට හැකිවිය. මේ සඳහා යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලිණ ලලිතරත්න මහතාගේ පූර්ණ මඟපෙන්වීම සිසුනට ලැබිණ.
ලොවපුරා රටවල් රැසකින් කණ්ඩායම් 20 කට අධික ප‍්‍රමාණයක් මෙයට සහභාගිවූ අතර ඇමෙරිකාව, කැනඩාව, ඔස්ටි‍්‍රයාව, ජර්මනිය වැනි දැවැන්ත රටවල් අභිබවා ඉදිරියට යාමට මොරටු සරසවි ඉංජිනේරු කණ්ඩායමට හැකිවිය.
ලෝකයේ විශාලම තාක්‍ෂණික සංගමය වන ජාත්‍යන්තර විද්‍යුත් හා විදුලි ඉංජිනේරු ආයතනයේ අනු සංගමයක් වන මිනිස් පද්ධති සහ සයිබර්නෙතික සංගමය (SMC) විසින් මෙය මෙහෙයවනු ලැබීය. කැනඩාවේ බැන්ෆ් නුවර මෙම තරගාවලිය පැවැත්විණි.
තම කණ්ඩායම ලද ජයග‍්‍රහණය පිළිබඳව ආචාර්ය තිලිණ ලලිතරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘මෙම තරගාවලිය වාර්ෂිකව විවිධ රටවල පැවැත්වෙනවා. මෙවර ප‍්‍රථමවතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මොරටුව විශ්ව විද්‍යාලය කණඩායමක් අපි ඉදිරිපත් කළා. මෙම තරගයට සහභාගීවූ කණ්ඩායම්වලට පැය 24 ක් ඇතුළත මොළයේ තරංග, පරිගණක සහ වෙනත් දෘඩාංග භාවිත කරමින් ව්‍යාපෘති නිමකර ඉදිරිපත් කිරීමට සිදුවුණා. මෙහිදී අප කණ්ඩායම ‘මයින්ඞ් හෝම්’ නමින් ව්‍යාපෘතියක් ඉදිරිපත් කළා. මෙම ව්‍යාපෘතියේ අරමුණ වුයේ දරුණු ආබාධ සහිත අත පය චලනය කළ නොහැකි පුද්ගලයන් සඳහා මොළයේ සංඥා මගින් ක‍්‍රියා කළ හැකි නිවාස ස්වයංකරන පද්ධතියක් නිර්මාණය කිරීමයි.
මෙහිදී අප නිර්මාණය කළ පද්ධතිය භාවිත කරන පුද්ගලයාට මොළයේ සංඥා කිහිපයක් පමණක් භාවිත කරමින් රෝද පුටුවක්, මුළුතැන්ගේ උපකරණ, විදුලි පංකාවක්, රුපවාහිනියක් වැනි විවිධ උපකරණ රාශියක් තවත් අයකුගේ ආධාරයෙන් තොරව පාලනය කිරීමට හැකියාව තිබෙනවා. අවසානයේ තරගාවලියේ ප‍්‍රතිඵල අනුව අප කණ්ඩායමට ඩොලර් 1000 OpenBCI Award ත්‍යාගය ජයග‍්‍රහණය කිරීමට හැකියාව ලැබුණා.
මොරටු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රාහුල අත්තලගේ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය කපිල පෙරේරා සහ යාන්ත‍්‍රික ඉංජ්නේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී ආචාර්ය රුවන්ගෝපුර යන මහත්වරු මෙම ජාත්‍යන්තර තරගාවලිය සහභාගිවීමට උදවු උපකාර කළා. ඒ සියලූ දෙනාටත් ස්තූතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.’’


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක්, සුභ පැතුම්, ඔබේ දැනුම, මව්බිමේ අනාගතය ශක්තිමත් කිරීමට හැකිවේවා!
ලක්මවගේ දරුවන් වන ඔබලාට අපගේ උණුසුම් සුභ පැතුම්. තව තවත් ලක්දෙරණට කීර්තිය ගෙනඒමට ඔබ සැමට හැකිවේවා !!!
අප රටේ මේ දරුවන් සමග ඔවුන්ගේ ජයග්රහණයේදී අපිත් සතුටු වෙන්නෙමු. තව තවත් ඔබට ජයගන්න අපි ආසිරි පතමු. ඔබට අපගේ සුබපැතුම් !!!
ක්‍රිකට් වලට නාස්ති කරන සල්ලි මේවගේ වැදගත් දේවල් වලට යොදවමු
උණුසුම් සුබ පැතුම්!
අපේ රටේ තියෙන ලොකුම සම්පත තමයි මේ. ඇමරිකාවේ බොරු කයිවාරු විතරයි.
එන්.ඩී.ටී. දරුවන්ට දැන් මොරටුව සරසවියේ අලුත් තැනක් හෝමාගමින් ලැබී ඇත. ඔව්නටද මෙම ඉංජිනේරු සිසුන්ට සමානව දක්ෂතා පෙන්වීමට හැකිවේවා !!!
විශිෂ්ඨ ජයග‍්‍රහණයක් !!! සුභ පැතුම්, ඔබේ දැනුම, මව්බිමේ අනාගතය ශක්තිමත් කිරීමට හැකිවේවා !