කටාර් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පස්වරුවේ කටාර් රජ මාළිගාවට ගිය අතර කටාර් රජු වන තමීන් බින් අහමඩ් අල් තානි එමීර්වරයා විසින් ඉතා උණුසුම් ලෙස ජනපතිවරයා පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමිණි.
නායකයින් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විශේෂිත ගමන් බලපත්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සඳහා වූ ගිවිසුමට ද අත්සන් තැබුණි.
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත්රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට දෙරටේ නියෝජිතයෝ අත්සන් තැබූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට රටට ආඩම්බරයක්. අපේ ජනාධිපතිතුමාව මෙසේ ඉහළින් පිළිගැනීම ගැන.
ජනාධිපති තුමා .මොනවා කෑවට කමක් නැහැ .මොන සැප වින්දනය කළත් .අහිංසක සිංහල ජනතාවට අයිති එකම රට මුස්ලිම් අයට දෙන්න එපා . ලංකාවේ වනාන්තර ඇතුළේ ගම්මාන හදන්න දෙන්න එපා . ඔබට ඡන්දය දුන්නේ ලංකාවේ මිනිසුන් .
ලිප ගිනි මොළවන තෙක් කකුලුව දිය කෙලියේ
ජනාධිපතිතුමාව මෙසේ ඉහළින් පිළිගැනීම ආඩම්බරයක්.ආපු අනිත් සෙට් එක මේ රටේ විනය දියුනුව දේවල් දකින්න ඇති. අපේ රටත් ඒවගේ කරපල්ලෝකෝ . බස් දුම්රියවල මිනිස්සු කොපමණ දුක් විදිනවද අපේ රටේ..
මොනවා උනත් කටාර් රජතුමා නම් හැම වෙලේම ඉන්නේ සතුටින් වගේ...
ඇවිල්ලා කියයි දැන් මෙච්චර ආයෝජකයෝ එනවා කියලා මෙතෙක් ආපු කෙනෙක් නැහැ
පිටිපස්සේ විල්පත්තුවේ අයිතිකාරයත් ඉන්නේ...
අන්තිම ෆොටෝ එකේ සෙට් එකම බැහැල ඉන්නේ වටේටම... විල්පත්තුවට තවත් ආධාර ගලයි...
අපේ ජනාධිපති තුමා කොහෙ ගියාත් සිංහයා වගේ ඉන්නේ ,ආඩම්බරයකි ඔබතුමා අපිට.
ජනාධිපතිතුමත් එසේ මෙසේ පුද්ගලයෙක් නෙමේ බලාගෙන ගියාම... ජයවේවා!
"දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විශේෂිත ගමන් බලපත්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සඳහා වූ ගිවිසුමට ද අත්සන් තැබුණි." මේ වැඩේ නුල් සුත්තර කාරයෝ ටික ඔය පහලම පොටෝ එකේ අපුරුවට ඉන්නේ. අපේ අයට එහෙ ගිහින් කරන්න දෙයක් නෑ. දේසපාලකයෙක් රටේ සල්ලි වලින් ජොලියක් අරන් ආවොත් ඇරෙන්න. එහේ අයට නම් මෙහෙ එන්න ලොකු උවමනාවක් තියෙනවා. ඒ උවමනාව වෙනුවෙන් අපේ ලොකු උන්නැහේ ඔය මුරුංග අත්තේ තියල තියෙන්නේ අපුරුවට.
රට බේරාගත් අභීත නායකත්වය ඔබයි. අද රට වේගයෙන් දියුණු වෙන්නේ, යහපාලනය, සංහිඳියාව ඇතිවුණේ ඔබතුමා නිසයි.
ලෝකෙම කොන්කරලා තියෙන වෙලේ ස්වාසිලන්තේ රජා ආවත් මෙහෙම ඉහලින් තමයි පිළිගන්නේ.. මේවා මැජික් වගේ මට නම් හරි හිනා....
අනේ කවුරුහරි සීතාට සිංහයෙක් පෙන්නනවද?
සුනිමල් ඉතාමත් කණගාටුදායක හීනයක් ඔබ දකින්නේ ,මොකද එය කිසි දිනක සබැ නොවන නිසා මොකද ? ඔබත් අර නරියා පසුපස තමා එළවන්නේ ,එක වැටෙන්නේ නැහැ ,ඔබටමේක නොතේ රීම කණගාටුයි , මගේ මිත්‍රයා,
මගේ අදහස , දැන් මැදපෙරදිග අන් රටවල් කටාර් රාජ්‍ය සමග අර්බුදයක් තියෙනවා. සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේටය, කුවේටය වැනි රටවල් කටාරය සමග සම්පුර්ණ සබඳතා ඇණහිටවා ගුවන් යානයක් වත් එම රටවල් වලට ඒමට තහංචි පනවා ඇත. මැද පෙරදිග අන්රටවල ශ්‍රී ලාංකිකයින් මිලියනයකට වඩා ඉන්නවා කටාරයේ අසු දහසක් පමණ ඉන්නවා. ඉතින් මෙවැනි අර්බුදයක් ඇති අවස්ථාවක අපේ ජනාධිපති කටාරයට යාම, අන් මැදපෙරදිග රටවල නොසතුටට කාරණයක් වෙනවා නිසැකයි. මෙය එහි වෙසෙන මිලියනයකට වඩා වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ පැවැත්මට හොඳ නැති වීමටද පුළුවන.
ඒ කාලේ ස්වාසිලන්තෙන් වගේ කැලෑවෙන් ගෙන්නුවෙත් අන්න ඔය සිංහයෝ කියලා හිතා ඉන්න එහෙම කට්ටිය තමයි.