(ඩයනා උදයංගනී)
කොළඹ කොටුවේ සිට මීරිගම බලා අද පස්වරු 4.25ට ගමන් ආරම්භ කළ දුම්රියේ මැදිරි කිහිපයක් හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියෙන් වෙන්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රාගම සහ මරදාන අතර දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය කියයි.
මෙම දුම්රිය ගමන් කර ඇත්තේ මංතීරු තුනකිත් යුත් දුම්රිය මාර්ගයේ තෙවන මංතීරුවේ වන අතර මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් ගත් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක ධාවනයට බාධා වී ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් පැවසුවේ මැදිරි වෙන්වූ දුම්රියේ කේබලයට හානි වී ඇති බැවින් එය ඉදිරියට ධාවනය නොකර යළිත් ගෙන්වා ගැනීමට පියවර ගත් බවයි.
ඒ හේතුවෙන් එම දුම්රියේ ගමන් කළ ජනතාවට හුණුපිටිය දුම්රිය ස්ථානයෙන් වෙනත් දුම්රියන්ට මාරුවීමට සිදුවූ අතර ඔවුහු දැඩි දුෂ්කරතාවට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ලංකාවේ සාමාන්‍ය දේවල්... ඕවා පත්තර වල දමන්න අවශ්‍ය නැහැ. අපේ රජයේ සේවකයින්ට වර්ජන, ඉල්ලීම් දිනාගැනීම්, වැනි දේවල් තමා ලොකු... තමන් කරන සේවය හරියට කරන්න කිසිම වුවමනාවක් නැහැ. ලොකු අනතුරක් වෙලා මිනිස්සු මැරුණත් කමක් නැහැ.
මේ අවුරුදු 30-40 පරණ දුම්රිය කටුගෙට යවා අලුත් දුම්රියන් යොදවන්න දැන් හොඳම කාලය ඇවිත් බව දෙපාර්තමේන්තුවේ කිසිවෙකුට නොපෙනීද? වර්ජනය කරන්න නම් කට්ටියම සුදානම්...
ඔන්න වර්ජනය කරනවා නම්. අැයි මෙතරම් අපේ දුම්රිය දෙපාර්තමේන්තුව දුර්වල..? මෙය පුද්ගලික අංශයට දුන්නොත් හොඳයි. ගණන් ටිකක් වැඩි වුණත් දියුණු කල හැකියි.
දැන් අපේ රටේ දුම්රිය මැදිරි ඈඳා ගන්නේ කොහු ලණුවලින්ද ?
මේ ආණ්ඩුවට ඉස්සරහට වෙන්න තියෙනදේ සංකේතවත් ලෙස පෙන්නුම් කලාද?
කෝච්චියට වුණත් එකට ඉඳලාම එපා වෙන්න ඇති....