(මනොප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට කෝටි 3 1/2කට අධික පාඩුවක් කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජනවාරී 25 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (27) නියම කළේය.
අධිකරණය හමුවේ ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා නඩුව කල් තැබීමට නියම කළේය.
ජනාධිපතිවරණය ආසන්න සමයේ 2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ දී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78 ක් පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබිණි.
රාජපක්ෂ මහතාට අමතරව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතා ද චෝදනා ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොරු නාඩගම්. මේ හාදුකාරයෝ කවදාවත් මේ නඩු අහල ඉවර කරන්නේ නැහැ. අපේ උසාවි තියෙන්නේ දුප්පත් මිනිස්සු බඩ ගින්නට අඹයක් හොරෙන් කැඩුවොත් හිරේ දාන්නේ...
යහපාලනයට බාලගිරි දෝසෙද. අද නෙවෙයි හෙට.
අර රන්ජන් රාමනායක කියන කතාව සම්පුර්ණ ඇත්ත. උසාවිය හරියට ක්‍රියා කරනවා නම් මේ විදියට මේ නඩු මාස ගණන් අවුරුදු ගණන් ඇදි ඇදී යන්නේ නැහැ.
සෑම නඩුවක්ම අවුරුදු 1 ඇතුළත අසා තීන්දු දෙන ක්‍රමවේදයක් හදන්න. අපේ රටේ මේ නඩු පමා කිරීම අපිට නම් තේරෙන්නේ නැහැ.
පළාත් පාලන චන්දය කටඋඩ තියල බැසිල්ව ඇතුලට දාන්න වගේ යන්නේ
ලංකාවේ එක උසාවියක ඉන්නේ එක නඩුකාරතුමෙක් පමණි. දිනකට මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාද නඩු , ඉඩම් නඩු , හොර අරක්කු නඩු , රථවාහන නඩු වැනි විවිධ විෂයන්ට අදාල නඩු අඩුම තරමේ 100-150 අහන්න තිබෙනවා. මේක කළහැකි වැඩක් නොවේ. මේ ප්රශ්නය විසඳන්න නම් රටේ සිටින නඩුකාරවරු ප්‍රමාණය 5 ගුණයකින් පමණ වැඩිකළ යුතුය. ඔවුන්ට මෙම නඩු රථවාහන / අපරාධ / ඉඩම් නඩු වශයෙන් බෙදා දිය යුතුය. එතකොට ඔවුන් එකම විෂයක් පමණක් කරන විට එම විෂය පිළිබඳව ඔවුන්ගේ දැනුම වැඩිවන අතර කාර්යක්ෂමව නඩු විසඳීම කලහැක. එම ක්‍රමයේදී නඩුවට දිනයක් සහ වෙලාවක් වෙන්කර දිය හැකි නිසා නඩුකටයුතු වලට සම්බන්ධ සාමාන්‍ය පුරවැසියන්ට, රජයේ නිලධාරීන්ට මුලුදවසේම උසාවියේ රස්තියාදු වීමට අවශ්‍ය නොවේ. ලංකාවේ මේ පවතින ක්‍රමය නිසා පෙරකදෝරු මහත්වරුනට අසීමිත ලෙස මුදල් උපයන්න අවස්ථාව ලැබී ඇත. ඉන්න එකම විනිසුරුටත් අසීමිත බලතල ලැබී ඇත. එම නිසා ඔවුන් මෙම ක්‍රමය වෙනස් කර, නඩු ඉක්මණට විසඳීමේ ක්‍රමයකට යන්නේ නැත. මහජනතාවට දුක් විඳීමට සිදුවී ඇත. අර අැමැතිතුමා කිව්ව කතාව සත්‍යයකි.
මන් සම්පුර්ණයෙන්ම ඇමති රන්ජන් රාමනායක මහතා සමග එකඟ වෙමි.
මේ රටේ තිබෙන නඩු ප්‍රමාණය අතරත්, නඩු අහන අය අතරත් විශාල පරතරයක් තිබෙන බව පැහැදිලිවම පේනවා ! ලොක්කන්ට එරෙහිව තිබෙන නඩු අනවශ්‍ය අන්දමට කල් යන අතර "සොක්කන්ගේ" නඩු ඉක්මනින් විසදී දඬුවම් ලැබීමත් හිතාගන්න බැරි අන්දමේ රඟපෑම් නොවේද ? මොකද අධිකරණ අමාත්‍යංශයට අලුතින් නඩුකාරවරු බඳවාගෙන, ලොක්කන්ට විරුද්ධව තිබෙන නඩු ඉවරකරන්න බැරි ????
රටේ සම්පත් ටික කලින් මහත්වරු බෙදාගෙන නේද ?
බැසිල්ගේ නඩුව අවුරුද්දට වාර දෙකයි. 2020 දී නිදොස්කොට නිදහස් කරමි. රටේ මහජනයා සතු දේපොළ මංකොල්ල කෑම දෙපැත්තම ජයට කරගෙන යනවා. ඒ වයේ පාඩුව ගෙවන්න වෙන්නේ මහජනයාට, ආහාර කුලුබඩුවලට බදු ගැසීමෙන්. මේ රට ගලවා ගන්නේ කවුද?
මෙතෙක් රටේ පහල වූ කිසිම අධිකරණ ඇමතියෙක් හෝ රජයක් නඩු ප්‍රමාදවීම වැලැක්වීමට ක්‍රම වේදයක් සකස් කලේ නැහැ. කයිවාරුව නම් ඉහටත් උඩින්. නීතිඥයෝ පුටුවෙන් නැගිටින්නේ නැහැ දවසේ ගාන ගෙවල නැත්නම්. පුළුවන් තරම් නඩු කල් දාගන්න බලනවා ගසා කන්න ඉඩ ලබාගන්න. නඩුකාරයොත් ඉල්ලන පරක්කුවෙන් නඩු කල්දානවා. තැලෙන්නේ පොඩි මිනිහා. 'නඩු යන්නෝ වැනසෙන්නෝ කිව්වේ එ්කයි. එක අතකට, ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන ආණ්ඩුවක් කවදාවත් අපට තිබුනේ නැහැනේ. ඉතින් කොහොමද මෙහෙම ප්‍රශ්නයක් විසඳයි කියල බලාපොරොත්තු වෙන්නේ?
මේ ජාතියේ නඩු ඔක්කොම කල් යනවනේ,... ජනතාව බලන් ඉන්නේ හොරු අල්ලන කල්..
නන්දලාල්, මහී, රෝහණ යන මහත්වරුන් දක්වලා තිබෙන අදහස් සහ අසල තිබෙන ප්‍රශ්න ඉතා කාලෝචිත ප්‍රශ්න වන අතර රටේ දියුණුවට දැඩි ලෙස බලපාන බව අමතක කරන්න එපා. රටේ නඩු කටයුතු සඳහා 500-1000 අතර පිරිසක් දිනකට රස්තියාදු වෙනවා. මෙවැනි අධිකරණ කොපමණ රටේ තිබෙනවද? දිනකට අපතේ යන ශ්‍රමය කොපමණද? මෙය මුළු අවුරුද්ද පුරාම සිදුවෙනකොට, අපි හැමදාම 3 වෙනි ලෝකයේ රටක් වශයෙන් සිටීම පුදුමයට කාරණයක් නොවේ. මේ ප්‍රශ්නෙට විසඳුම ඉතා සරලයි. රටේ ඉන්න විනිසුරුවරු සංඛ්‍යාව 5 ගුණයකින් විතර වැඩි කර ඔවුන්ට විෂයන් බෙදලා දෙන්න. නමුත් මෙය කරාවිද?