ඇමරිකා එක්සත් ජනපදයට අයත් ගුවන්යානාවලින් සමන්විත ප්‍රහාරක නෞකා කණ්ඩායමක් 1985 වසරට පසු පළමු වරට ශ්‍රී ලංකාවට හෙට(28) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
මෙම ප්‍රහාරක නෞකා සමූහයට යූඑස්එස් නිම්ට්ස්, යූඑස්එස් ප්‍රින්ස්ටන්, යූඑස්එස් හොවාර්ඩ්, යූඑස්එස් ශවුප්, යූඑස්එස් පින්ක්නේ සහ යූඑස්එස් කිඩ් යන යන නෞකා අයත් වේ. එසේ පැමිණෙන නෞකා ඔක්තෝබර් 31වැනිදා කොළඹ වරායෙන් පිටත්වේ.
ශ්‍රී ලංකා හා එක්සත් ජනපද නාවික හමුදාව අතර සම්බන්ධතාවයන් දිනෙන් දින වර්ධනය වීම මනාව පැහැදිලි කරමින් එම නෞකා මෙරටට පැමිණෙන අතර දෙරට අතර පැවැති ද්විපාර්ශ්වික CARAT නාවික අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම ඉන් සංකේතවත් කෙරේ.
මෙම ප්‍රහාරක නෞකා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමත් එම නෞකාවන්ට අවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීමත් දහස් ගණනක් එක්සත් ජනපද නාවිකයන් මෙරටට පැමිණීමත් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් ට්‍රිලියන 1.54ක පමණ වාසියක් අත්වන බවටත් ඇස්තමේන්තු කර තිබේ.
මෙහි රැඳී සිටින කාලයේ ලාබ නොලබන ආයතන සමග වැඩ කිරීමටත්, රෝහල්, අනාථ නිවාස සහ වෙනස් ස්ථානයන්හි ප්‍රජා සේවයේ නිරතවීමටත් ඔවුහු අපේක්ෂා කරති.
කොළඹ නගරය දැක බලා ගැනීමටත් එහි අත්දැකීම් විඳ ගැනීමටත් තම කණ්ඩායම ආශාවෙන් පසුවන බව එම නෞකා කණ්ඩායමේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ග්‍රෙගරි හැරිස් පවසයි.
මෙහි පැමිණෙන නිම්ට්ස් නෞකාව තට්ටු 23කින් සමන්විත වන අතර ආසන්න වශයෙන් මීටර් 333ක පමණ දිගකින් යුක්තය. පුද්ගලයින් 5000කට එහි නවාතැන් පහසුකම් ඇති අතර එහි මුළුතැන්ගෙය මගින් සෑම දිනකම ආහාරවේල 18000ක් සපයනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රිලියන කියන්නේ මොකක්ද? කොපමණද?
දැන් සංචාරකයින් රැගත් විශාල නැවුත් ලංකාවට එනවා. අපේ නගර තව තවත් අලංකාර කරමු.
මේ නැව 1500 සැරයක් විතර අාවොත් යාන්තමට මහා බැංකු කොල්ලය බේරගන්න පුළුවන්...
1 ට්‍රිලියන = 1000 බිලියන = 1 මිලියන මිලියන. සමන් මහත්තයෝ මේක අපේ හොරාකාපු දේශපාලකයන්ටයි පවුල්වල අයටයි සුළු ගණනක්.
ලංකාව උතුරු කොරියාවෙන් ඉල්ලන් කන්නයි යන්නේ
මේ ගණන අනිවාර්යයෙන්ම මුද්‍රණ දෝෂයක්. බිලියන 1.54 විය හැකියි.
ලංකාවේ දැන් ඉන්නේ ලෝකයේ දේශපාලනය ගැන කිසිම තේරුමක් නැති, සල්ලි ගැන විතරක් හිතන අය ටිකක්.
නැවියන්ට හැම තොටකම බිරිඳක් ඉන්නවා කියලා කියනවා.... එ්වාටත් ලෑස්තිවෙන්න.
මම නම් ලංකාවේ ඇමරිකන් හමුදා කදවුරක් දාන්න උපරිම සහය දෙනවා! චීනෙට වඩා දහස් ගානක් ඇමරිකාව හොඳයි .
කොහොමද අපේ ගැහැණු තව ටික දවසකින් ඇමෙරිකන් ළමයි හුරතල් කරනකොට...
මන් හිතන්නේ ගාන රියාල් වලින් දාල තියෙන්නේ...
උතුරු කොරියාවට සම්බාදක දාල සහයත් පල කලානේ. අපි ආරක්ෂක උදවු ඇමරිකාවට දෙනව කියල ගිවිසුමකුත් තියනවනේ. ට්‍රිලියන කීවාම මිනිස්සුත් ඇන්දෙනවානේ.
පුදුමයි ඇමෙරිකාව ලංකාවට ට්‍රිලියන හතරක වාසියක් දෙන එක. අපේ රටෙන් අනෙක් පැත්තට කීයක් ගන්න හිතාගෙනද මේක කරන්නේ?
ඔය කියන සල්ලි ගේන්නත් වෙනම නැවක් ඕනෑ වෙනවා. මේක නම් පිළිගන්න බෑ. මේ නැවක්වත් එච්චර වටින්නේ නැතුව අැති. මේක අහම්බෙන් එන ගමනක් නෙමේ. ඔවුන් ඔවුන්ගේ ලෝක බල දේශපාලකයන් එක් සංකේතයක් ලෙස තැබීමට තමයි මෙහෙම එන්නේ. අාවට පස්සේ බලන්න ජාත්‍යන්තර මාධ්‍ය මේ ගැන මොකද කියන්නේ කිය? මතකනේ චීන සබ්මැරීනයක් අැවිත් වෙච්ච හදියක්...
ලංකාව කියන රටට රත්තරන් පුරවපු නැවක් ගොඩ ගැහුවත් වැඩක් නොමැත. ලොක්කෝ ලොකු කුට්ටිය පන්නාවි. ඉතුරු ටික ගසාකාවී. නැති කෙනා හැමදාම එකම තැන. කපටියෝ බොරුකාරයෝ හැමදාම සැප විඳිනවා. අනික ඔය ගණන මහබැංකුව කොල්ල කාපු අයට මුහුදට වැටුණු පොල් ගෙඩියක් වගේ අපිට ගාන හිතාගන්න බැරි වුණාට.
යූ.එස්.එස්. නිමිට්ස් ඇතුලු ප්‍රහාරක නෞකා 5ක් හෙට කොළඹ වරායට..
ඇමරිකාව උතුරු කොරියාව සමග යුද්ධයකට පටලැවුණහොත් අපේ රට ඔවුන්ගේ යුධ කඳවුරකට පාවිච්චි කිරීමට අදහසක් ඇති බව පෙනේ. එවිට උතුරු කොරියාවෙන් එවන ජලකර බෝම්බ සහිත මිසයිල ප්‍රහාර වලට ලක්වී අතුගෑවී යන්නට ඉඩ තියෙනවා.
සෙනෙවි බලන්න ඔබට සහ විමල් වීරවංසට තිබෙන දුර දක්නා නුවන විමල් වීරවංසත් අර කතාව කීවේ උතුරු කොරියාවෙන එවන ජලකර බෝමය ගැන දැනගෙන තමයි.
"එක්සත් ජනපද නාවිකයන් මෙරටට පැමිණීමත් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් ට්‍රිලියන 1.54ක පමණ වාසියක් අත්වන බවටත් ඇස්තමේන්තු කර තිබේ." කිරිඅප්පට මේ සල්ලිවලින් ලංකාවේ ණය ටික ගෙවලා දේශපාලුවන්ගේ ගෙවල් වල වැඩට ඉන්න අයටත් BMW කාර් අරන් දෙන්න පුළුවන්නේ.
DASA ඔබ හරි. ට්‍රිලියන් 1= මිලියන් 1 X මිලියන් 1 ඒ ත් සමහර රටවල ට්‍රිලියන් 1= මිලියන් 1 X මිලියන් 1 X මිලියන් 1.