(නිමල කොඩිතුවක්කු)
උමා ඔය ව්‍යාපෘතියේ ජල කාන්දුව තත්පරයට ලීටර් 1400 සිට තත්පරයට ලීටර් 500 දක්වා අඩු කරගැනීමට හැකි වූ බව ව්‍යාපෘති අධ්යක්ෂ ආචාර්ය සුනිල්ද සිල්වා මහතා පවසයි.
ජනවාරි මාසය වනවිට එම විශාල කාන්දුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකිවනු ඇති බවද ඒ මහතා කියයි.
ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත සහ නෝර්වීජියානු උපදෙස් මත තවදුරටත් කටයුතු කරන බවත් ඒ ඔස්සේ කැණීම් කටයුතු ඉදිරියට කරගෙන යන බවත් ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. නැත්නම් යහපාලනේ කාන්දුව වේගවත් වේවි!!!
වැස්ස අඩු වෙනකොටත් කාන්දුව අඩු වෙනවා.
මොනවා කරලද අඩු කර ගත්තේ?
බොරු කියන්න එපා මහත්තයෝ. මොනවා කරලද අඩු කලේ. ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස මෙම විනාශයට වග කිව යුත්තේ ඔබ තමයි.
මහින්ද මහත්තයාගේ රජයෙන් වසර ගණනක් ජනතාවට මෙන්ම යහපාලන රජයට තලුමරන්න හදලා දුන් තවත් රසවත් ව්‍යාපෘතියක් මේක. දේශපාලකයින්ට හා ඔවුන්ගේ හෙන්චයියන්ට මේ ව්‍යාපෘතිය රසවත් නම්, ගාණක් සාක්කුවට වැටුණා නම්, ආයේ රටට මොනවා වුණත් මොකද? දේශපාලකයින්ගේ කකුල් ලෙවකන තරමට තමයි මේ වගේ සාර්ථක ව්‍යාපෘති බිහිවෙන්නේ.
උමග ඇතුලතින් හරියට සීල් කරහම් වතුර කාන්ඳු වෙන එක නතර වෙනවා , ස්විස්ටර් ලන්තේ සහ ඔස්ට්‍රියාවේ මෙවැනි උමන් විශාල සංඛ්‍යාවක් තිබෙනවා ඒවගේ වතුර කඳු වෙන්නේ නැහැ , වැඩ හරි ප්‍රමිතියකට කලහම් එහෙම වෙන්නේ නැහැ
මෙයාල අඩු කරපු එකක් නෙවෙයි. එතන තියෙන වෝට ටබ් එකේ දැන් වතුර ඉවරවීගෙන යන්නෙ. මේ වෙනකොට ලීටර් කෝටි අටසිය පනහකට වඩා වතුර් ලීක් වෙලා තියෙනවා. මෙයාලා මොනවත් නොකර හිටියත් තව ටික දවසකින් ඔය වතුර පාර සම්පූර්නයෙන් නවතිනවා. හැබැයි ඊට පස්සෙ හිස් වෙලා තියෙන ටබ් එකට,ඊට උඩින් තියෙන තට්ටු කඩාගෙන වැටෙනවා. ඒ කියන්නෙ ගිලා බැසීම් ඇති වෙනව ඉස්සරහට. පුලුවන්නම් ඒකට විසදුමක් දෙන්න.
ගයාන් මහතා කියන ආකාරයේ විශාල ටබ් එකක් ඔය ස්ථානයේ තිබෙන්න බැහැ එකට හේතුව මෙය කදුකර ප්‍රදේශයක් වීම. එහෙම එකක් තිබුනානම් ඔය උමග හාරාගෙන එනකොට එකපාරටම එකේ වතුර විශාල වේල්ලක් කැඩුන වගේ උමගට එකපාරට ගලාගෙන එන්න ඕනේ එහෙම දෙයක් මෙතන සිදු වෙලා නැහැ , අනිත් කාරණය ඔය උමග හාරන්නේ ගොඩක් යටින් නෙවේ , ඔය කියන ආකාරයේ භූගත විලවල් තිබෙන්නේ පොලව මට්ටමේ සිට මීටර් 50 විතර යට .