(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් සේවය කර අද(26) විශ්‍රාම ගිය වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද්මිරාල් නිලයට උසස් කරනු ලැබ ඇතැයි නාවික හමුදාව කියයි.
පසුගිය අගෝස්තු 20වැනිදා නාවික හමුදාපති ධුරයට පත් වු සින්නයියා මහතා පසුගිය සැත්තැම්බර් 26 වැනිදා වයස අවුරුදු 55 සම්පුර්ණ වීමෙන් පසු ජනාධිපතිවරයා ලබාදුන් සේවා දීර්ඝය මාසයකට සීමා වීම හේතුවෙන් 1973 වසරේ සිට මේ දක්වා පත් වු නාවික හමුදාපතිවරුන් 10 දෙනා අතුරින් අඩුම කාලයක් එම ධුරය දැරූ නිලධාරියා වශයෙන් ඉතිහාසයට එක්වනු ඇත.
වසර 35 ක නාවික හමුදා සේවා කාලයක් සපුරා ඇති සින්නයියා මහතා සටන් සමයේ එල් ටී ටී ඊ යට ආයුධ රැගෙන ආ පාවෙන අවි ගබඩා 10 ක් විනාශ කළ නාවික කාර්ය සාධක බලකායට නායකත්වය ලබාදුන් කාර්යක්ෂම නිලධාරියෙකි.
රණවිරුවකුට හිමි වන උසස්ම පදක්කම වන වීරවික්රම විශූෂණ පදක්කමෙන් පිදුම් ලැබීමටද ඒ මහතාට හැකියාව ලැබී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට පලාබෙදා තමන්ගේ එහෙයියන් නිලයට දාන රට ලංකාවයි.
ඔබට සුබ ඉදිරි ගමනක්... වේවායි පතමි...
මේක තමයි ප්‍රශ්නේ... ව්‍යවස්ථා ගෙනාවට දෙමළ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මෙබඳු කෙනහිලිකම් නවත්වන්න ඕනෑ... සාධාරණය ඉෂ්ඨ වෙන්න නම්..
දෙන්නම් කතිරේ බලාගෙන ඉන්න.
මාස දෙකකින් හමුදාපතියකු ඉවත් කර ලෝක වාර්තාවක් තැබූ එකම රට සිරි ලංකාවයි.
එයාගේ නුසුදුසුකම එය දෙමළ ජාතිකයෙක් වීම.... අනේ මෙහෙමත් රටක්... තව අවුරුදු 100 ක් ගියත් අපේ රට ඔතනමයි.
ඇයි මෙච්චර ඉක්මනට යැව්වේ? වැඩභාරගෙන තේ එකක් බොන්නවත් කාලයක් නෑ. මේක තමයි කියන්නේ මෙයාලට රට දියුණු කරන්න වැඩ පිලිවෙලක් නෑ කියන එක. එක එක්කෙනා තනතුරු බෙදාගෙන සතුටු වෙවී ඉන්නවා. මතකයි උතුරුමැද පළාත් සභාවේ ඇමතිවරු මාරු කරපු හැටි. විද්‍යාත්මක ක්‍රමයකට ඇමති මණ්ඩලය බෙදනවා කියල කියපු අයනේ. මහාමාර්ග ඇමතිට උසස් අධ්‍යාපන ඇමැතිකම දුන්නේ...
අර පරණ යුධ නැව මිලට ගන්නවට විරුද්ධ නොවී සිටියි නම් තව කලක් ඉන්න තිබුණා.
නාවික හමුදාපති වැඩ බාරගෙන වැඩි කාලයක් නැහැ. එ්ත් මේ වගේ දෙයක් කිරීම හොඳ මදියි කියලා මට හිතෙන්නේ. එතුමාට සේවා දිගුවක් ලබා දෙන්න තිබුණා. සංහිඳියාව අපෙන් දුර ගිහින් ගොඩාක් කල් වෙනවා. ඒ වෙනුවට අපිට අද තියෙන්නේ ජාතිවාදය. මේ වගේ වැඩ කරන්නේ උදේ ඉඳලා රෑ වෙනතුරු පන්සල් යන නායකතුමාලා තමයි. අපි කිසිම දිනෙක සංවර්ධනය කරා ගමන් කරන ජාතියක් නෙමෙයි. ජාතිවාද උඩින්ම තිබෙන ජාතියක්.. කණගාටුයි සිංහල වෙලා උපදිනවා කියන එක අපිට මතක් වෙන දිනය වැඩි ඈතක නැහැ.
එයා දිගටම හිටියොත් ඊළග එක්කෙනාට අවස්ථාව නැති වෙනවා. ඒත් දැන් දෙන්නම ලොක්කො වෙලාම විශ්‍රාම යෑමේ අවස්ථාව ළබා ගෙන තියෙනවා.
අර රුසියන් නැව ගන්නවට විරුද්ධ වුණේ නැත්නම් තවමත් නාවික හමුදාපති තමයි.
යුද නැව ගන්න නොදුන්හට හොඳ වැඩේ තමයි.
කව්රු කළත්, ඉතාම නිර්ලජ්ජිතයි. අසමත්ජති ක්‍රියාවක්... මේතුල අපි දකිනවා සිංහලයාගේ ඇති ජාතිවාදය කොපමණද කියලා. යහපාලනය තුළ ජාතින් අතර සාමය, සමගිය සංහිඳියාව ඇතිකරන්නේ මෙහෙමද?
එතුමා හොඳ සේවයක් කළ හොඳ නිලධාරියෙක්. අපේ සුබපැතුම් !!!
මෙතන ජාතිවාදී අදහස් ලියන අයට නම් හොඳක් වෙන්න එපා. ජාතිවාදය නවතා එකමුතුව වැඩ කර රට ගොඩ නගමු. ජනාදිපතිතුමා හරි.
සමහරුන් කරන්නේ දේශපාලන විවේචන. කරුණාකර හරි දේ, හරි කියන්නත්, වැරදි දේ වැරදියි කියන්නත් පුරුදු වෙමු. දේශපාලකයින්ට කඩේ යාම දැන්වත් නවත්වමු. රට හොඳ අතට... සියළුම හොරුන්ට දඬුවම් දිය යුතුයි.
මේ රටේ නායකයන්ගේ කතාව දෝලාවෙන් ගමන පයින්... මෙහෙම යනකොට මෙයාලව කව්රුත් විශ්වාස කරන්නේ නැහැ.
යුද සමයේ රට වෙනුවෙන් කරලා තියෙන සේවය නම් අති විශිෂ්ටයි .තමන්ගේ ජාතිය ගැන නොසිතා තමන්ගේ රට ගැන හිතපු කෙනෙක් ගැන කතා කරනවා නම් අපේ රටට මෙතුමා තමයි හොඳම උදාහරණය ...
හැට පැනපු දේශපාලකයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒත් 55 පිරුන ගමන් මෙවැනි අයගේ සේවය ඉවරයි. කාට කියන්නද?
ඔබට සුබ ඉදිරි ගමනක්... වේවායි පතමි...
මෙතුල අකමැත්ත ප්‍රකාස කර ඇති හැමෝම ජාතිවාදීන් හා බඩ ගොස්තර වාදීන් , සමහර අය කියනවා ජාතිවාදය අමතක කර එකමුතුව වැඩකරමු කියා හොද අදහස නමුත් කතාව විතරම තමා,ක්‍රියාව නැහැ ,මම දකින සිංහලයා ,නම් ,බොහොම පහත්මානසිකත්වයේ හෙබි ජාතියක් ,
ලෝකයේ තියන කාලකන්නිම රට,,,,,,,වෙන ලියන්න දෙයක් නැහැ
රුසියාවේ පරණ යුධ නැව් ජනපතිතුමාගේ බෑණාගේ සමාගම මගින් මිලට ගන්නවට විරුද්ධ වූ නිසා මෙතුමා ගෙදර .... මගේ රටට දළදා හිමි සරණයි...
අවංක සේවයක් දැරූ එතුමාට අපගේ "උත්තම ආචාරය" ඉපදුණු රටට සේවය කිරීමේ මහත්මා ගතිය... එතුමාගෙන් විදහා දැක්වෙයි.