(විනීතා එම් ගමගේ)
කොරියාවට ශ්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතර 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය ලෙස කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තේරී පත්වී ඇත.
දකුණු කොරියාවේ කම්කරු හා රැකියා අමාත්‍යංශය මඟින් පවත්වා ඇති තරගයක දී එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙම ජයග්‍රහණය ලැබී තිබේ.
එරටට ශ්‍රමිකයින් එවනු ලබන රටවල් 16 හි තානාපති කාර්යාල අතුරින් හොඳම ක්‍රමවේදයන් හා උපාය මාර්ගික සැලසුම් භාවිතාකර තම සේවකයින්ට හොඳම සේවාවක් සපයන තානාපති කාර්යාලය වශයෙන් මෙම අගයකිරීම හිමිවී ඇත.
මේ සඳහා වන ඉහළම නිර්දේශය කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් ලබාදී ඇතැයි ද වාර්තා වේ.
වීසා නොමැතිව කොරියාවෙ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අවම කරගැනීම සඳහා කි‍්‍රයාමාර්ග ගැනීම, රැකියා සඳහා පැමිණෙන නවක ශ්‍රමිකයින් දැනුවත් කිරීම, ධීවර ක්ෂේත්රයේ ශ්‍රමිකයින් සඳහා වූ දැනුවත් කිරීම, රැකියා හා සුබසාධන කටයුතු, ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සඳහා ගනු ලබන කි‍්‍රයාමාර්ග වැනි ක්රීයාමාර්ග හේතුවෙන් මෙම සම්මානයට හිමිකම් ලැබුණු බව ද පැවැසේ.
මෙම නිසා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් කි‍්‍රයාත්මක කරන ලද රැකියා හා සුබසාධන වැඩසටහන් පිළිබඳව දේශනයක් පැවැත්වීම සඳහා කොරියාවේ රැකියා හා කම්කරු අමාත්‍යංශය විසින් ආරාධනාවක්ද කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉහළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තියෙන තානාපති කාර්යාල වලින් නරකම තානාපති කාර්යාලය තමයි කොරියන් තානාපති කාර්යාලය. ලංකාවේ මෙච්චර නරක තානාපති කාර්යාලය කොරියාවේ අයට හොඳම එක නම් වෙනත් රටවල තියන කොරියන් තානාපති කාර්යාල කොහොමට ඇත් ද
මේක නම් ලෝක පුදුමයක්. ලංකාවෙ කැලැන්ඩරේ තියෙන නිවාඩුත්, කොරියාවෙ කැලැන්ඩරේ තියෙන නිවාඩුත් යන දෙකම ගන්න අරම පුදුම තැනක් තමයි කොරියාවෙ ලංකා තානාපති කාර්යාලය. ඒ අයට වැඩ කරන්න වෙලාවක් තියෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.
ආසියාවේ හොඳම මුදල් ඇමති ලෙස රන් පදක්කමකින් පිදුම් ලැබූ මුදල් ඇමති කෙනෙක් "පුදන කොටම කාපි යකා" කිව්වා වගේ අර්ජුන ඇලෝෂියස් ගෙන් කෑවා. රවී කරුණානායකට පදක්කම දුන්න අයම වෙන්න ඇති සෝල්වල අපේ තානාපති කාර්යාලය හොඳම තානාපති කාර්යාලය හැටියට තෝරා ගත්තේ.
අපි දැන් අවුරුදු ගාණක් පිටරට වල ඉන්නේ. ලංකාවේ හැම දේ ගැනම කිසිම පිටරැටියෙක් සතුටු නැත. මේ පෙන්නන දර්ශක කොහෙන්ද හොයාගත්තේ? අපේ රටවල එම්බසි ගැන නම් කියලා වැඩක් නැහැ. දූෂණය අපිරිසිදුකම තමයි... රටේ මිනිස්සුන්ව පේන්න බැරිකම රටවල් දෙකේම නිවාඩු ගැනීම, ඔය වගේ හේතු දාහක් කියන්න පුළුවන්. අපිත් අනික් එම්බසි දකිනවා විස්තර දන්නවා. ඒ රටවල අයට එම්බසිය තමන්ගේ තැනක් වුණාට අපිට එක හදිස්සියකට නොගිහින් බැරි වැසිකිළියක් වගේ වෙලා.. තියෙන්නේ..
කොරියාවේ වර්ක් පර්මිට් සිස්ටම් එකට රටවල් 16 ක් අතරින් ලංකාව තෝරා ගැනීම සඳහා මැදිහත් වුණ එවකට කොරියාවේ ලංකා තානාපති කාර්යාලයේ සිටි අදාල තානාපති නිලධාරියා මම වෙමි. මෙය රසවත් මන්ම වටිනා කාර්යයකි. මට අවස්ථාවක් දුන්නොත් එම සියලු තොරතුරු ලබා දිය හැකිය.
මේ සම්මානය ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වෙනවා. මැද පෙරදිග සමහර රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල ගැන අසන්නට ලැබෙන දේවල් නම් ඉතාම අමිහිරියි.....