(හර්ෂණ තුෂාර සිල්වා)
තලපත් සහ කොප්පරා යන මත්ස්‍ය වර්ග හැර ටින් මාළු ඇතුළු අනෙකුත් මාළු වර්ග ආනයනය කිරීම තාවකාලිකව නවතා දැමීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මත්ස්‍ය අස්වැන්න වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර අදාළ තීරණය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ අදාළ කටයුතු සකසන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියට උපදෙස් දී ඇත.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ නිලධාරීන් හමු වීමෙන් පසු අමාත්‍ය අමරවීර මහතා මෙම තීරණය ගෙන තිබේ. දකුණු මුහුදෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න මේ දිනවල අඛණ්ඩව ඉහළ ගොස් තිබෙන බව ද නිලධාරීන් එහිදි අමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.
මේ අතර මේ වසරේ පළමු මාස අටක කාලයේදී රුපියල් මිලියන 23,026ක වටිනාකමකින් යුත් මත්ස්‍ය මෙට්‍රික් ටොන් 73,138ක් මෙරටට ආනයනය කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙච්චර කල් හිතන් හිටියේ ලංකාවෙන් මාළු පිටරට පටවනවා විතරයි කියලා. අදනේ දන්නේ මෙච්චරකල් මාළු රටින් ගෙනැල්ලා කියලා. මෙහෙ ඉන්න මාළු අල්ලන් යන්න ඉන්දියාවෙන් එනකොට මේ අය රටින් මාළු ගෙනත්. රට වටේම මුහුද... එ්ත් මාළු රටින් ගේනවා. හැමතැනම කුඹුරු එ්ත් පිටරටින් හාල් අාවේ නැතිවුණොත් කන්නත් හාල් නැහැ. අනේ මන්දා.. නරකද දේශපාලකයොත් හොඳ රටක් බලලා ආනයනය කරොත්... !!!
ලංකාව වටේ මුහුද තිබ්බට ලංකාවට වඩා අඩු මිලකට විදේශ රටවලින් ටින් මාළු ගෙනැල්ලා විකුණන්න පුළුවන් නම් ආනයනය කෙරෙනවා. අදටත් ලංකාවේ වතුකරේට වෙන්න මුහුදු මාළු කියන්නේ සුලභ දෙයක් නෙවෙයි. කන්නේ ටින් මාළු නැත්නම් වැව් මාළු. ඒ වගේම ලංකාව ඇතුළේ මාළු ටින් කරන්න ගන්න ලින්නා කියන මත්ස්‍ය විශේෂය ආනයනය කරලා තමයි ටින් මාළු වලට ගන්නේ. එහෙම නැති වුණොත් මුහුදේ ඉන්න ලින්නා මසුන් ආහාරයට ගන්නා වෙනත් මසුන්ගේ අස්වැන්නට බලපෑමක් වෙනවා.
මේ ප්‍රශ්නයට මුල ලංකාවේ පවතින අතරමැදියන්ගේ එ්කාධිකාරය සහ එළවලු, පලතුරු, මත්ස්‍යයන් ගබඩාකර කල් තබාගැනීමේ පහසුකම් මඳ බවයි.
මෙහෙ ටික පෙන්ශෙන් යවල ඇමතිලා මංත්‍රීල ටිකක් ආනයනය කලොත් නරකද. ඉන්න කුනුමලු ටික ගඳ ගහනවා මිසක් සත පහකට වැඩක් නැහෙ. අනික් අතට අපි ආනයනය නොකරන්නේත් එච්චරමයි.
ලංකාවට ලින්නා මාළු ගෙන්වන්න බැහැ. ඒක රේගුවෙන් නවත්වනවා. ගෙන්වන්නේ මැකරල් මාළු. මැකරල් තමයි ටින මාළු හදන්න ගන්නේ. නමුත් ලංකාවේ මුහුදේ මැකරල් මාළු නැහැ. ලින්නා ටින් කරන්න පුළුවන් උනත අහුවෙන්නේ කාලයකට විතරයි. ඒ කාලෙට මාළු මිල අඩු උනත් අනිත් කාලවලට ඉහලයන්ව. එතකොට ටින් කරන්න බෑ. මිල අධිකයි. චීනෙන් ඊට අඩු මිලට මාළු ගෙන්වන්න පුළුවන්. ඉතින් ලංකාවේ මාළු වලින් ටින් කලොත් විකුනන්න බෑ. ලංකාවට චීනෙන් ඊට වඩා අඩු මුදලට ටින් මාළු එනවා.