(ක.ග කරුණාරත්න සහ චාපා මධුභාෂිණි)
නිධානයකින් ලබාගත් වටිනා පුරාවස්තු බව පවසා ලක්ෂ 35කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වර්ණාලේපිත මරංචි තොගයක් සහ බුදු පිළිමයක් මැදිරිගිරිය මීගස්වැව නිවසකින් අද (26) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව දිසා දූෂණ මර්දන අංශය කියයි.
එම භාණ්ඩ සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ද එම අංශය කියයි.
ඒ අතර වර්ණාලේපිත ලෝහ කැබැලි මරංචි කිලෝග්‍රෑම් 01ක් සහ ග්‍රෑම් 141 ක් බරැති බුදු පිළිමයක් තිබූ බව ද කියැවේ.
පොලිසිය උපාය දුතයෙකු යොදවා මෙම මරංචි තොගය සහ බුදු පිළිමය මිලදී ගන්නා මුවාවෙන් වැටලීම සිදුකර ඇත.
(ඡායාරූප-චාපා මධුභාෂිණි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd