තෙල් වර්ජනයෙන් විදුලියත් කැපෙයි ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදා හැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 26 July 2017
රතුපස්වල සැකකරුවෝ සිව් දෙනා යළි රිමාන්ඩ් රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සාමාජිකයන් සිව් දෙනා අගෝස්තු 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (26) නියෝග කළේය. 26 July 2017
වල්ලාපට්ටා තොගයක් ගුවන්තොටේදී දැළේ රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ බව කියන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තිදෙනකු අද (26) කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි . 26 July 2017
තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. 26 July 2017
රවී බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බව දන්වයි ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගීවීමට ඇති හෙයින් හිටපු මුදල් ඇමැති හා වත්මන් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට අද(26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව බව දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි. 26 July 2017
'හමුදාව ඉවත් වෙන තුරු වැඩ නැහැ' මුතුරාජවෙල ඛණිජ තෙල් පර්යන්තයේ සිටින හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ වෘත්තිය සමිති කැඳවුම්කරු ඩී.ජේ කරුණානායක මහතා පවසයි. 26 July 2017
සේවයට නොපැමිණෙන තෙල් සේවකයන්ට අනතුරු ඇඟවේ ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි. 26 July 2017
ඇසල පෙරහරට අලි 15 ක් මුදාහරින්න නියෝග කුඨ ලේඛන සකස් කිරිමේ සිද්ධියට අදාලව වනජිවි බාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනෙකු දළදා මාලිඟාවේ පෙරහර සඳහා තාවකාලිකව මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (26) නියෝග කළේය. 26 July 2017
පිච්ච මල් පූජාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අබියස පැවැත්වෙන පිච්ච මල් පූජාවට සහභාගිවන බැතිමතුන් වෙනුවෙන් මේ මස 29 සහ 30 දිනවලදී විශේෂ දුම්රිය 6ක් යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 July 2017
සත්ව - දේව රූප විකුණන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ පෞරාණික වටිනාකමක් තිබෙන ලෝහ වලින් නිම කරන ලද සත්ව රූප හා දේව රූප රුපියල් කෝටි හතකට විකිණිමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු පානදුර වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 26 July 2017
දළදා කරඬුව වැඩමවීම ඉන්ද්‍රරාජාට දළදා පෙරහරේ කරඬුව වැඩමවීමට සුදුසුකම් ලැබු ඈතුන් දෙදෙනකු මෙවර දළදා පෙරහරට සහභාගී නොවන බව ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය බාරව කටයුතු කරන ප්‍රදීප් මීයනපලාවල මහතා අද (26) පැවසිය. 26 July 2017
හලාවත දුම්රිය ස්ථානාධිපති අත්අඩංගුවට මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියයි. 26 July 2017
තෙල් බෙදාහැරීම හමුදාව අතට ගනී කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල කටයුතු සඳහා හමුදාව මැදිහත් වී ඇතැයි යුද හමුදාව පවසයි. 26 July 2017
විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත සම්මත වෙයි විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. 25 July 2017
පාර්ලිමේන්තුවේ ඡන්ද වීමසීම අලුත් වෙයි පාර්ලිමේන්තුවට හදුන්වා දී ඇති නව විද්‍යුත් ක්‍රමය යටතේ පළමු ඡන්ද විමසීම අද(25) සිදුකෙරිණි. 25 July 2017
දැරියන් 18කට අතවර කළැයි පාලිකාවගේ සැමියා අත්අඩංගුවට කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනකුට අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා අද (25) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 25 July 2017
සාකච්ඡා අසාර්ථකයි-ඛණිජ තෙල් වර්ජනය දිගටම ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අතර අද (25) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබේ. 25 July 2017
යාපන වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අගෝස්තු 08 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (25) නියෝග කළේය. 25 July 2017
අනුරාධපුරෙන් ලාදුරු රෝගීන් 59ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට ජුලි මාසය වන විට නව ළාදුරු රෝගින් 59 නව දෙනෙකු හදුනා ගෙන ඇති බව අනුරාධපුර රෝහලේ බෝවන රෝග මර්දන එකකයේ වෛද්‍ය අශෝකා මුණසිංහ මහත්මිය කියයි. 25 July 2017
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි මේ වසරේ ගෙවීගිය කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ පන්දහසක් පමණ වාර්තා වී ඇතැයි ද 301 දෙනකු මියගොස් ඇතැයි ද ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි. 25 July 2017
මුතුරාජවෙල කුණු තහනම දීර්ඝ කෙරේ මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයක හෝ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 03 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කරන ලදී. 25 July 2017
උමාඔය ගැන වාර්තාවක් ඉල්ලයි උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුළු බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළේය. 25 July 2017
හම්බන්තොට ගිවිසුමට සෙනසුරාදා අත්සන් කෙරේ හම්බන්තොට වරාය චීන මර්චන්ට සමාගට අවුරුදු 99කට බදු දීමේ ගිවිසුම ලබන 29 වැනිදා අත්සන් කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. 25 July 2017
දේශිය ආදායම් පනත ගැන තීරණය කථානායකවරයාට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘‘ දේශීය ආදායම් පනත් කෙටුම්පත ’’ ව්‍යවස්ථානුකූලද නැත්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කථානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය. 25 July 2017
රේගු නඩුවේ විමර්ශණ අවසන් බව අල්ලස් කොමිසම කියයි ලංකා ගමනාගමන මණ්ඩලය මගින් තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් සම්බන්ධයෙන් රේගුව කරන පරීක්ෂණ නතර කිරීමට හා බදු මුදල් නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 150 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 125ක් ලබාගත් බව කියන සිද්ධියේ විමර්ශන අවසන් කර නීති අංශයට යොමු කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ අද (25) ප්‍රකාශ කළේය. 25 July 2017
ජාතික ධජය බිම දමා පලා ගිහින් වවුනියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඔසවා තිබූ ජාතික ධජය අද (25) උදෑසන මෝටර් රථයකින් පැමිණි කිසියම් පුද්ගලයකු විසින් බිම දමා පලා ගොස් ඇතැයි වවුනියාව පොලීසිය පවසයි. 25 July 2017
රයන් ජයලත් සිද්ධියේදී පොලිසිය වරදක් කළාදැයි සොයයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලීසිය අතින් වරදක් වී ඇද්ද යන්න සොයාබලා දෙසතියක් තුළ වාර්තාවක් ලබාදෙන්නැයි තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන් බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 July 2017
රවී කරුණානායක හෙට බැඳුම්කර කොමිසමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට හෙට (26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් එම කොමිසම රවී කරුණානායක මහතාට අද (25) සිතාසි බාරදී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. 25 July 2017
වෛද්‍ය වර්ජනය සවස 4ට අවසන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද(25) පස්වරු 4ට අවසන් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 25 July 2017
‘ඇක්ට් 16‘ කල්දැමුවැයි ගොනුකළ පෙත්සම විභාගයට විදේශ විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන මෙරටට පැමිණි පසු මුහුණ දිය යුතු ‘ඇක්ට් 16’ සහ ‘ඊ.ආර්.පී.එම්.’ විභාග සයිටම් ගැටළුව හේතුවෙන් කල්දැමීම නිසා තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් විදේශ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුවියක විසින් පවරා ඇති මුලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අවසර දුන්නේය. 25 July 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026